( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද ගොනු කළේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා ජනාධිපති ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.
එම කොමිසමේ වාර්තාවෙහි 17-21 පිටු වල තමා සම්බන්ධයෙන් ඇති නිර්දේශ සහ සොයාගැනීම් ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායකවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.
විදානපතිරණ නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ එම කොමිසම විසින් විමර්ශන කටයුතු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ මෙම කොමිසම විසින් සාක්ෂි දීම සදහා තමන් ට කැදවීම් කළ අතර ඒ අනුව 2020වසරේ සැප්තැම්බර් 04දින එහි පෙනී සිටි බවත් ,විත්තිකරු වකු ලෙස නොව සාක්ෂි කරුවකු ලෙස තමන් ට සලකන බව එම කොමිසම දැනුම් දීම නිසා තමන් ට එරෙහිව සොයාගැනීම් සහ නිර්දේශ එම කොමිසමෙ හි වාර්තාව ට ඇතුළත් නොවනු ඇති බවට සාධාරණ අපේක්ෂාවක් තිබුණු බව පෙත්සමෙහි සදහන් වේ.
එම කොමිසමට කැදවූ අවස්ථාවේදී තමන්ට චෝදනා පත්‍රයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව පෙත්සම්කරු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා අනේ
ඔය වගේ පෙත්සම් කාරයෝ ඔප්පු මිටි කිහිල්ලේ ගහගෙන නුවර වැව වටේට ඕන තරම් ඉන්නවා. එයාලා නින්දගම් ඉඩම් වලට මැරෙනකල් නඩු කියනවා. මෙයත් මාමලාගෙන් බූදල් වුණු පක්ෂයේ එල්ලිලා පෙත්සම් ගහ ගහ ඉන්නවා...
චන්දිම ඔයා හරි .ඩිස්ලයික් ගනන් ගන්න එපා.රැකියා විරහිත අනාථාගාර සේවකයකුගේ වැඩක්
ගාස්තුවටත් යටත් කරලා නිෂ්ප්‍රභා කරලා දාන්නයි තියෙන්නේ. සත පහක වැඩක් නැහැ...