(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා හිස මුළුමනින්ම බූ ගාගෙන සිරකුටියේ තනිවී සිටින බව මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
සැකකාර මන්ත්රීවරයා මෙතෙක් පැළඳ සිටි බොරු කොණ්ඩය ගලවා බාබර් පාටියේ සිරකරුවෙකු ලවා සම්පූර්ණයෙන්ම බූ ගා ඇතැයිද පැවසේ.
මේ පිළිබඳව මැගසින් බන්ධනාගාරයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු ප්රකාශ කළේ සැකකාර මන්ත්රීවරයා ‘පී‘ සිරකුටිය තුළ හිස මුළුමනින්ම බූ ගා ගෙන සිටින බවය.
ඔහු පැළඳ සිටි බොරු කොණ්ඩයද ගලවා දමා ඇතැයි ද ඔහු පැවසීය.
COMMENTS
පව් අනේ. නිදහස දෙන්ඩ බැරිද
නළුවා වගේ ඉඳලා තියෙන්නේ බොරුකොන්ඩේට පින්සිද්දවෙන්නනේ? ඇත්ත කොන්ඩෙන් ඉන්න ලජ්ජා හිතෙන්න ඇති. දැන් පාර්ලිමේන්තුවට එන්නෙත් තට්ටේ පිටින්මද?
බැටළු හම පොරවාගත් වෘකයන් යන ප්රස්ථාපිරුලට වඩාත් සුදුසුම මෙන්ම උචිත උදාහරණයකි. මේ නිසා නුදුරු අනාගතයේදී ජිවිත කීයක් විනාශ වනු ඇද්ද? පවුල් කීයක් කඩා විසිරී යනු ඇද්ද? නීතිය පිළිබඳව කිසිඳු විශ්වාසයක් මහජනතාව තුළ ඇතිවීම හා එමගින් සමාජයට ඇතිවෙන හානිය මොනතරම් විශාලද? ඒ සෑම දෙයකටම ඍජුවම වගකිව යුතු නොවේද? එමගින් රැස්කරගත් පව් කන්දරාව නිසා මෙලොවදීම එහි ප්රතිඵල ලබාගනු නියතයි.
කරපු පව්වලින් මිදෙන්න භාවනාවට යන්න වගේ?
බොරු කොණ්ඩය...
හිස බූගාගත්තට වැඩිය හොඳයි අසූචි ඇඟේම ගාගත්තා නම්...
උඹලා ඉතින් එයාට අපහාස කරපල්ලා. අඩුම තරමේ ඉස්පිරිතාලෙට වෙලා හොරට හිටියා නම් හොඳයිද? හොරු නලවන උඹලා අන්තිමේ එජාපය කාලා දැම්මා...
විග් එකක් දාන්නෙත් නැතුව, ඩයි කරන්නෙත් නැතුව ඉන්න බැරි නිසා තට්ටේ ගාන්න ඇති. මුලින්ම අහිමි වුනේ කොණ්ඩේ .ඉදිරියට කර්මය පලදේ. සමාජයට කළ හානිය ඉතාම පහත් අප්රසන්න මිනිසෙක්. සල්ලාලයෙක්, වංචාකාරයෙක්.
ඒ පාර මොකටද මෙයා එන්න යන්නේ? ඡන්දෙට වැලිවිට සරණංකර, නැතිනම් මිගෙට්ටුවත්තේ ගුණානන්ද වගේ පඬිරුවනකගේ වේශයෙන් එන්න හදනවද? නළුවෙක් නිසා බයේ බැහැ.
බලය මිනිසා දුෂණය කරයි කියන්නේ නිකන් නොවේ. දැන් කෝ එකට සිටිය අනිත් අය.
මේකත් ඇත්තටම වැදගත් පුවතක්ද?
එලියට ආවට පස්සේ සිවුරක් දාගෙන හාමුදුරුනමක් හැටියට පෙනිලා ඉඳලා තමා කියපු දේ ඇත්ත කරන්න බුද්ධාගම කන්න හිතනවද දන්නේ නැහැ. අනුන්ගේ ආගම කෑම කොහොම වුනත් තමාගේ ආගමවත් පාස් කරගත්තනම් හොඳයි ඔය ඇතුලේ ඉන්න වෙලාවේ පොතක් දෙකක්වත් කියවලා.
කොණ්ඩය විතරක් නොවෙයි රඟපානවා කියන එකේ මුලික අර්ථය මට තේරෙන හැටියට සම්පුර්ණ බොරුවක්නේ. එයා මෙච්චර කල් මහජනතාවට බොරුව කලා. දැන් නම් එයාගේ ඇත්ත චරිතය මොකක්ද කියලා ජනතාවට පේනවා ඇති නේද? ඒ එක්කම හුඟ දෙනෙක ජනතාවට පේන්න රඟ පාලා තියෙන්නේ නියම චරිතයෙන් නොවෙයි කියන එක පෙන්න තියනවා නේද? ජනතාව අන්දවන්න එපා. ඒ වගේම ජනතාවත් තමන් ඉදිරියේ ඉන්නේ කවුද යන්න හොඳින් වටහාගෙන කටයුතු කලොත් යෙහෙකි.
ඉස්සර ජර්ර්මනියේ හරි ඉතාලියේ හරි හිටපු, රටම ගෞරව කල එක්තරා ජන නායකයෙකුට කිව්වා "රන් හදවතක් සහ ගොන් මොළයක්" තියෙන කෙනෙක් කියලා. රන්ජනුත් එහෙම කෙනෙක් කියලා මට හිතෙනවා. ඔයිට වඩා විනිසුරන්ට බලපෑම් කල, සමහර විට තර්ජනය කල නායකයොත් අපේ සෙට් එකේ නිසැකවම ඇති. නමුත් "රන් මොළයක් සහ ගොන් හදවතක් ඇති" ඔවුන් ඒව ලෝකෙටම ඇහෙන්න කලේ නැති නිසා කුඩුවේ ලගින්න වෙන්නේ නැහැ.
බොරු කොණ්ඩය විතරක් යැ ගැලවූනේ ඇයි දාගෙන හිටපු වෙස්මූණත් ගැලවුනානේ.
බොරු කොණ්ඩ කතාව බොරුවක් නේද ? මඩ ගහන එක කැතයි මිනිහෙක් අමාරුවේ වැටුනම. අපි රන්ජට - රන්ජ අපිට !!!!
එයාගේ ඔලුව බූ ගෑවාමත් ප්රවෘත්තියක් වෙනවද? කියාගන්න ඕන වුනේ බොරු කොණ්ඩයක් දාගෙන හිටිය කියන එකද?
මෙයා තනිකරම බොරුවෙන් රජකරපු පොරක්නේ...... කොන්ඩෙත් බොරු එකක්ලු..............
ජීවිතයම රඟපෑමක් කරගත් හිස් පුද්ගලයෙකි. ඇතැම්විට මානසික රෝගයකින් පෙළෙනවා විය හැකිය. කෙසේ වෙතත් සමාජයෙන් ඉවත් කර තැබිය යුතු කෙනෙකි. දැළි පිහිය අතට ගත් වඳුරා මෙන් මොහු අනුනුත් කපා තමන්ද කපා ගන්නා ලදි.
රන්ජන් ඔබ කොන්ද පන තියෙන මිනිහෙක්. පෙර භවයේ පින්කරපු නිසා දෙන දෙයියෝ ගෙදරට ගෙනෙත් දෙනවා. සමහරු බොරුවට කෑ ගහනවා. රටේ ඉන්න හොරු රැළටම කෙලිය ඔබ හොඳ කෙනෙක්. ඡන්දෙට ඉල්ලන්න. වෙනදට වඩා වැඩි ගණනකින් ඔබ දිනවනවා. ජය නියතයි. ඔබට කව්රු නැති වුනත් මම ඉන්නවා. ඔබට දෙවි පිහිටයි !
මෙයාම කියන මෙයාගේ කෙරුවාවල් ඇසුවාම මෙය තනිවම තමයි රිමාන්ඩ් බාරේ තියන්න ඕනේ.
පුවක්පිටිය කේවට්ටලාගේ රූපසිංහ මහත්තයා පර්ලිමේන්තු ජෝකේස් දානවා වගේ...
අනෙක් මන්ත්රීවරුන්ගේ පුද්ගලික දුරකතන සංවාද කිහිපයක් හෝ ලීක් වුනානම් තේරෙයි රංජන් කියන්නේ කොච්චර පොඩි කෙනෙක්ද කියලා. මිනිස්සු පුද්ගලික ඇමතුම් වලින් ඕනේ තරම් දේවල් කතා කරනවා. රෙකෝඩ් කරපු ඒවා ප්රචාරය කරලා ඒ හඩපට වල ඉන්න අයගේ පුද්ගලිකත්වය විනාශ කළ අය ගැන මේ තෙක් පරීක්ෂණ නැහැ. මේ විදිහට අපිට දෙන්නෙක් කතාබහක යෙදිලා උන්නත් ඒකටත් උසාවි ගෙනයාවි අර චීනේ වගේ කමියුනිස්ට් රටවල කලා වගේ. ලොක්කෝ වගේ ඉන්න හොර රැළ ගැන එළි කරපු එකට ස්තුතියි.
ඔක්කොම බොරු. ඉතින් කොන්ඩෙ විතරක් ඇත්ත වෙන්නේ කොහොමද?
බූ ගාන්න කොණ්ඩයක් තිබුණද?
විග් එක පාවිච්චි කරනවානම් හිස මුඩු කරන්න ඔනා වැවෙද්දි. කරලා ආයෙමත් අලවන්න ඕනා. ඕක කරන්න බැහැනෙ ගෙදර වගේ. ඒක නිසා තට්ටෙ ගාන්න ඇති.