( +++ සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් අතර සිදුවන දුරකතන සංවාදයක් ඇතුළත් ආන්දෝලනාත්මක තවත් හඬපටයක් සමාජ මාධ්‍යවල ඊයේ (12) සංසරණය වෙමින් තිබිණ.
ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට මෙය සමාජ මාධ්‍යවලට මෙතෙක් නිකුත් වී ඇති රන්ජන් රාමනායක හා ශානි අබේසේකර මහත්වරුන් අතර දුරකතන සංවාද ඇතුළත් තුන්වැනි හඬපටයයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිහිපයක් ද හමුදාවේ කර්නල්වරයකුගේ අතුරුදන් වීමක් ගැන ද මෙම දුරකතන සංවාදයෙන් තොරතුරු හෙළිදරව් වෙතියි කියති.
මේ අතර රන්ජන් රාමනායක මහතා හා ව්‍යාපාරිකයකු අතර සිදුවන දුරකතන සංවාදයක් ඇතුළත් හඬපටයක් ද සමාජ මාධ්‍යවල ඊයේ සංසරණය වෙමින් තිබිණ.
රන්ජන් රාමනායක මහතා භික්ෂුන්වහන්සේලා සම්බන්ධයෙන් කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එම හඬපටයෙන් අසන්නට ලැබෙන බව පැවැසෙයි.
රන්ජන් රාමනායක මහතා හා සම්බන්ධ දුරකතන සංවාද සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍යවලට මේ වනවිට නිකුත් වී ඇති හඬපට සංඛ්‍යාව විසිහතකි.
මේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඨලී ආව, ගියා. රාජිත ආව ගියා. සරණ ආව ගියා. රන්ජන් ආව. තවම ගියේ නෑ. ඒ වුනාට මැතිවරණෙ වෙනකල් නම් ගෙනියන්න තරම දෙයක් දැන් හඬ පටිවල නැතිවීගෙනයි එන්නේ. මී පැණි වුනත් දීගටම කනකොට එපා වෙනවානේ. දුමින්දයි අනිත් කට්ටියයි එලියට ගන්න කල් ඔහොම යමු. නමුත් මැතිවරණෙට මීට වඩා බලසම්පන්න අලුත් මොනවා හරි ඉක්මනට හොයාගන්න වෙයි..
මේ බෙදාහැරීම් විකෘති ක්‍රියාවක් නේද.?
මේ හඬ පට අහද්දී සිංහල බෞද්ධ රටේ පැටිකිරිය ඔක්කොම එළියේ කියල හිතෙනවා. කොහෙද බෞද්ධකම් තියෙන්නේ? දියුණු රටවල් නව තාක්ෂණයත් සමග මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය රැකගන්න විවිධ වැඩපිළිවෙලවල් යොදවලා තියෙනවා. ලංකාවනම් තුන්වෙනි පන්තියේ රටක්මයි. ගොඩ ඒමක් පේනතෙක් මානෙක නැහැ. ලංකාවේ දේශපාලකයෝ ඉස්සරට වඩා තුනේ පන්තියට වැටිලා කියලා මටනම් හිතෙන්නේ. ලංකාවේ විනය උගන්වන්නේ පාසලේ විතරයි. හැමෝටම පෙන්න අම්මල තාත්තලට, ගුරුවරුන්ට, පුජ්‍ය පක්ෂයට දණගහල වැන්දම ඒ අයගේ ලොකුකම් උස්සල තියල හොඳ විනයක් තියන සමාජයක් කියලා පෙන්නුවට දුෂණය උඩු දුවලා.
දැන් වලන් හෝදනවා ඇති ? උසස් යයි සම්මත පොලිස් නිලධාරියෙක් නළුවෙකුගේ ගෙදර වළන් හෝදන්න ලැහැස්තී කීම ලෝක පොලිස් සේවාවටම නින්දාවක්. වහ කෑවනම් මීට වඩා හොදයි......