( +++ ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, ඉකුත් 4 වැනිදා සවස අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු ප්‍රසිද්ධියේ සිදු කළ වැළඳගැනීම් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.
රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය පොලිස් කණ්ඩායමක් නිවෙසට ගොස් ඔහුට මාංචු දැමීමට සූදානම් වූ අවස්ථාවේ මෙම සිද්ධිය සිදුවී ඇති අතර ඒ බව මාධ්‍යවලද ප්‍රචාරය විය.
මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ මෙම වැළඳ ගැනීම සිදුකරන අවස්ථාවේ ස්ථානාධිපතිවරයා එයට ප්‍රතිවිරෝධය නොදැක්වූයේ ඇයිද යන්න විමසීම සඳහා මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි.
වැඩබලන පොලිස්පතිවරයා මේ සම්බන්ධ නියෝගය බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමුකර ඇති අතර, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එය කොළඹ දකුණ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගෙන් ඉදිරියේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.
COMMENTS
මම ඔයටික කලින් මෙතන ලීව ඕ.අයි.සී ට මෙහෙම වෙන බව. ඕ.අයි.සී අතින් රන්ජන්ගේ මුහුණ පැත්තක තල්ලු කලානම් එයාට බේරුමක් තිබුනා නමුත් ඔහු හාදුව පිලිගත්තබව සිනහවෙන් පෙන්නුවා.
මට මේ මතක් වුනේ රන්ජන්ගේ චිත්‍ර පටි බලන අතරේ සමහර වෙලාවලදී මං හයියෙන් අප්පුඩි ගැහුවා. කවුරුවත් ඒක දැක්කද දන්නේ නෑ කියල දැන්නම් බය හිතෙනවා. මාත් එතකොට රජයේ සේවකයෙක්.
සජිත් කියාවි ඒක දේශපාලන පලිගැනීමක් කියලා.
අනිත් අය කෙසේ හෝ නිදහස් වේවි. අවසානයේ වැරදිකරු වන්නේ ඕ.අයි.සී.
අපේ රටේ අය හිතන්නේ කෙනෙක් අත්අඩංගුවට ගන්න කොට ගහලා බය කරලා කුණුහරුප කියලා කුදලගෙන යන්න ඕනේ කියලා. පිටරටවල බොහෝ අය ශිලාචාර විදියට තමයි අත් අඩංගුවට ගන්නේ. බදා ගත්තයි කියලා වැඩ තහනම් කරන එකම රට ????? මහ ලොකුවට දියුණු රටවල් ආදර්ශෙට ගන්නවයි කියනවා. තාම ළිදේ ඉන්නේ? කතාව අගහරුගේ පදිංචියට යන්න. වැඩ ගල් යුගයේ.
පහත් තැනින් යයි ගලා ජලේ.
මොන අපරාධයක්ද මේ සිදුවෙලා තියෙන්නේ. මේ වගේ මහා මහා පොළොව නුහුලන අපරාධ මීට කලින් මේ රටේ සිදු වෙලා තියෙනවාද අප්පේ ?
මේකෙන් පැහැදිලි වෙන්නේ රන්ජන් කොයිතරම් කැමතිද තමා අත්අඩංගුවට ගන්න එකට කියන එක. මොකද ඔහු දන්නවා ඔහු රනිල් එක්ක එකතුවෙලා කරපු නීති විරෝධී වැඩ.
රන්ජන්ට පහු වෙනිදා ඇප දුන්න අයත් අත් අඩංගුවට ගන්න.