(ඩයනා උදයංගනී)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගතහොත් නම් එය ඉතා හොඳ දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එය තම පුද්ගලික අදහස බව කී ඇමතිවරයා රන්ජන් රාමනායක මහතා දැන්වත් කට පරිස්සම් කර ගත යුතු යැයි ද සඳහන් කළේය.
රන්ජන් රාමනායක හිරගතව සිටින්නේ සාපරාධී ක්‍රියාවන් නිසා නොව කට පාලනය කර නොගත් නිසා බව කී ඇමතිවරයා අධිකරණයට අපහාස කිරීම හොඳ දෙයක් නොවන බව ද කීවේය.
ඔහු ඒ සම්බන්ධව දැන් හොඳටම දඩුවම් විඳ ඇතැයි කී අමරවීර මහතා රන්ජන් රාමනායක මහතා නිදහස් කර දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට රජයට උදව් කළ මෙන්ම නොකළ කලාකරුවන් රැසක් එක්ව සිටීම හොඳ දෙයක් බව ද ප්‍රකාශ කළේය.
ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී අද (28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
වහාම සියලු විනිශ්චය කරුවන් ඉවත්කර ජනාධිපතිතුමා එම තනතුරට පත් කරනු...
ජනාධිපති සමාව විතරක් දීලා මදි ඇමැතිතුමා, ඊට පස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාවේවත් සභාපතිකම දෙන්න ඕනෑ...
ජනාධිපතිතුමනි , මොහුට සමාව දීම අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක්. සමාව දෙන්න එපා.