( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග ලබන මාර්තු16 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේ දී අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලදී.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැදවිණි.
පෙත්සම්කාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවට මෝසමක් මගින් අධිකරණයට අද දැනුම් දුන්නේය.
එම කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන 16 වැනිදාට කල් තැබූ අතර එදින තෙක් පෙත්සම්කාර රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයා ලබා දී තිබූ නියෝගය දීර්ඝ කළේය.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගට පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරු මගින් දැනගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.
එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබිණි.
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රන්ජන්ගේ මන්ත්‍රී ධූරය ගැන මහලේකම්ට කළ නියෝගය මාර්තුවට දිර්ඝ කරයි
Rata Perata Thursday, 11 February 2021 07:23 AM
නන්දසේනගේ පැත්තේ අයට තේරෙයි උසාවි යන්න වුණොත්..
BamunuarachchiSunday, 14 February 2021 06:13 AM
වෙන යන්න උසාවියක් නැහැ... ඉහළම උසාවියෙන් දඬුවම දීලා තිබෙන්නේ. අපි අල්පොන්සෝ පොල්ලෙලි තලන හැටි බලන්න ඉන්නේ...
සිරා Thursday, 11 February 2021 09:50 AM
මිනිහෙක් මරලා හිරේ ගියා නම් ඔය කිසි අවුලක් නැහැනේ. මාර වැඩක් තමයි ලංකාවට වුනේ....
දිමුත් Thursday, 11 February 2021 12:14 PM
ඇයි මේ මනුස්සයාට මෙච්චර බය?
BamunuarachchiSaturday, 13 February 2021 03:02 AM
කව්ද බය? අල්පොන්සුලාව ගෙන්න ගන්න ඕනේ තැන් තිබෙනවා.. ඒ තැන් අපිට සුදුසු නැහැ පාර්ලිමේන්තුවට අල්පොන්සොලාව ගෙන්න ගන්න සුදු තැනක් නොවෙයි. සුදුසු තැනට යවලා තිබෙන්නේ. ඒකයි මේ ජරමර.
BamunuarachchiSunday, 14 February 2021 06:10 AM
බයයි, හිරිකිතයි කියන්නේ දෙකක්. බයටත් එපා... තියෙන හිරිකිතයටත් එපා කියනවා.