(ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණ කිරීම සඳහා එම හඬපට වල පිටපත් හෙට (30) පොලිසිය වෙත ලබා දීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම හඬපට පිටපත් කිරීම සඳහා සිංගප්පූරුවෙන් ආනයනය කළ නවීනතම උපාංග වලින් සමන්විත වැඩි ධාරිතාවයෙන් යුත් දෘඩ තැටි ඇතුලු උපාංග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම හඬපට පිටපත් ලැබුණු පසු ඒවා විශ්ලේෂණය කිරීම සඳහා පත්කර ඇති විශේෂ පොලිස් කණ්ඩායම් ඒවා විශ්ලේෂණය කිරීමට නියමිතව ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත මේ සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බව පොලිසිය කියයි.
මෙම හඬපට විශ්ලේෂණය කර රන්ජන් රාමනායක මහතා අධිකරණයට , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ පරීක්ෂණවලට සිදුකර ඇති බලපෑම් සම්බන්ධයෙන් අපරාධ නඩු විවිධාන සංග්‍රයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොනවටද? දැන් ආණ්ඩුවේ නාලිකා දෙකයි, ඔය හඬපට රන්ජාගේ කියලා තීරණය කරලා බොහොම කල් නොවැ... දවස ගානේ පැය ගණන්, වරුගණන් ඒවා ප්‍රචාරය කලේ පරීක්ෂා කරලා හරියටම තහවුරු කරගෙන නෙමෙයිද...?
මේ හඬ පට ටික අහලා ඉවරවෙලා සුනිල් පෙරේරාට දෙන්න හොඳ සින්දුවක් ලියන්න ඔය උගත්, බුද්ධිමත් ප්‍රභූ කියන කට්ටියගේ පටිරෝල් වෙන්න චීනාගේ ලෙඩේට වැඩිය දරුණු පාටයි. හඬපට, බැඳුම්කර නඩුවටවත් මේ තරම් මුදලක් යට කෙරුවේ නැහැ. මේක ගොඩක් දරුණු විරුද්ධ පක්ෂයේ වැඩක් නිසා. අද පොහොට්ටුවේ හරි අතේ හරි. කෙනෙක් මේදේ කෙරුවා නම් කිසිම දෙයක් නොවුණු විදියට ලොක්කෝ ටික වැඩ කරයි. හඬපටි පැත්තකින් තියලා මුදලුයි කාලෙයි ඉතිරි කරගන්න පරදින ලකුණු පේනවා ඇතිනේ...
එතකොට මෙච්චර කාලයක් කවුරු ළඟද තිබුනේ? කවුද ඒවා ප්‍රසිද්ධ කරන්න දූන්නේ..?
රන්ජන්ට විතරද නඩු. ඒවගේ සදහන් වන අනිත් අයගේ වැරදි හොයලා නඩු දාන්නේ නැද්ද?