(සුජිත් හේවාජුලිගේ , ආරියරත්න රණබාහු සහ අංජුල මහික වීරරත්න)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් කරන ලද මේ ක්‍රියාව හේතුවෙන් සමස්ත අධිකරණ ක්ෂේත්‍රය මෙන්ම පාර්ලිමේන්තුවද හෑල්ලුවට පත්ව ඇති හෙයින් මේ සම්බන්ධයෙන් විවාදයක් පවත්වා ජනතාවට කරුණු ඉදිරිපත් කිරීම වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට පැවසීය.
මේ කුමන්ත්‍රණවලට සම්බන්ධ වූ සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද ඇමැතිවරයා කීවේය.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම හඬපටය බැරැරුම් සිද්ධියක් ලෙස සලකා ඊයේ දිනයේදී දීර්ඝව සාකච්ඡා කළ බවයි.
රන්ජන් රාමනායක මහතාගේ හඬපටවල තවත් බැරැරුම් කරුණු රාශියක් අඩංගුව තිබෙන බව කී රාජ්‍ය ඇමැතිවරයා ඒවාද ඉදිරියේදී ජනතාවට ඉරිපත් කෙරෙණු ඇතැයි පැවසීය.
COMMENTS
මං දැනගෙන හිටියේ නෑ නොව අට පාස් කට්ටියත් නඩු අහනවා කියලා. මේක දැන් උසාවියෙන්ද අහන්නේ නැත්නම් අට පාස් කට්ටියගේ බංගලාවෙන්ද අහන්නේ? කියන්නේ නම් උසාවියේ තියෙන කරුණක් ගැන වෙන තැනක කට අරින්න හොඳ නැහැ කියලයි.
එහෙම කියන්න ඕක අර 69 ලක්ෂේ බුද්ධිමත් ජනතාවගේ උත්තරීතර සාමාජිකයන් ඉන්න තැනක් ඕක. 8 පාස් නැති අයට විශාල ජනපදනමක් තියෙනවා මේ රටේ. එක උඩගෙඩි දෙන වියත් රැළකුත් ඉන්නවනේ. ඕක තමයි ජනතා පරමාධිපත්‍යය. අපහාස කරන්න එපා.
69 ලක්ෂයක් ඡන්ද මේ වගේ ජෝක් වලින් කිලිටි නොකර බලාපොරොත්තුවුන වැඩට බැස්ස නම් නේද හරි. නැතිනම් 2015 වගේ රොටි තැටි ආයිමත් රත්වෙයි.