IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’රතු නිවේදන තිබියදීත් ඉවත් නොවන අය බලෙන් හෝ ඉවත් කරනවා’’

(ඩයනා උදයංගනී)

නායයෑමේ අවදානම් පවතින බවට රතු නිවේදන නිකුත් කර තිබියදීත් ඉන් ඉවත් නොවන පිරිස් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමට කටයුතු කරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.

එවැනි පිරිස් ඉවත් කිරීමට දිසාපතිවරුන්ට බලය පවරා ඇතැයි කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ජීිවිත ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් පොලීසිය යොදවා, උසාවි මාර්ගයෙන් බලහත්කාරයෙන් හෝ එය කිරීමට සිදුවෙන බව ද සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වසංගත හා ආපදා තත්ත්වයක් තිබියදී විනෝද ගමන් යන කණ්ඩායම් ද සිටින බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉකුත් සිකුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කන්දක් තරණය කරන්න ගිය තරුණ තරුණියන් කණ්ඩායමක් මුදවා ගැනීමට සිදුවූ බවත්, ඔවුන් තමන්ගේ ජීවිත පමණක් නොව මුදවාගැනීමට වන අයගේ ජීවිතත් අවධානමට ලක්කරන බව පැවසීය.

ඉදිරයේදී අනතුරු ඇඟවීම් නොතකා අපරික්ෂාකාරීව කටයුතු කරන එවැනි පිරිස් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බව ද මේජර් ජනරාල්වරයා සඳහන් කළේය.



අදහස් (0)

’’රතු නිවේදන තිබියදීත් ඉවත් නොවන අය බලෙන් හෝ ඉවත් කරනවා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site