IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


“රත්වත්තේ මන්ත්‍රී ධූරයටවත් සුදුසු නෑ”

(යොහාන් භාසුර)

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තව දුරටත් කටයුතු කරන බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා අතිශය සාපරාධී ක්‍රියාවක් නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට දැරීමට හෝ විශ්වාසවන්ත පුද්ගලයකු නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීම තුළින් තම චර්යාව පිළිබඳව වගකීම බාරගැනීම නිසා වෙනත් රාජ්‍ය තනතුරක් දැරීමට ඔහුට සධාචාරාත්මක අයිතිය අහිමිවී ඇති බව කියන ශ්‍රී ලංකා නීතිඥා සංගමය රත්වත්තේ මහතාගේ බරපතල සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයෙන් වැඩි දුරටත් කියා සිටියි.

 



අදහස් (19)

“රත්වත්තේ මන්ත්‍රී ධූරයටවත් සුදුසු නෑ”

Sunil Friday, 17 September 2021 08:35 AM

නීතියට ගරු කරන රටක් නම් මේ වනවිට ඔහු අත්අඩංගුවේ.

:       0       59

PereraFriday, 17 September 2021 11:10 AM

මෙය ලංකාවේ නීතිය අන්ත ලෙස පිරිහීම සනිටුහන් කරන තවත් එක සිද්ධියක්.

:       0       19

Raveendra Friday, 17 September 2021 12:50 PM

සුන්දර දෙවගනක් හිටියා ඇස් බැදලා..... කඩුවයි තරාදියයි අත් දෙකමත රැදීලා..... තරාදියේ සමබර බව හොදටම බිදිලා.....

:       1       12

Roni Friday, 17 September 2021 08:38 AM

එය තීරණය කරන්නෙ රටෙම ජනතාව.

:       4       26

ජගත් ලියනගේ Friday, 17 September 2021 09:14 AM

ලංකාවේ නීතිය කියන එක තියෙන්නෙ සාමාන්‍ය ජනතාවට පමණයි .

:       0       28

Kcn Friday, 17 September 2021 09:27 AM

නීතිඥ සංගමේ ට මාගෙ හදපිරි ප්‍රණාමය...

:       0       10

kumarage Friday, 17 September 2021 09:45 AM

පරම්පරාවෙන් ආපු උදුගුකම, මෙයාලා නුවර හැසිරෙන හැටි ඒ පළාතේ මිනිස්සු දන්නවා.

:       1       20

GEMUNU Friday, 17 September 2021 10:04 AM

තෙල් මිල වැඩි කියලා බොරුවට ගම්මපිලට විශ්වාසභංග යෝජනාවක් ගෙනාපු විපක්ෂය දැන් මොකද කියන්නේ.

:       4       14

පැරකුම් Friday, 17 September 2021 10:45 AM

රොනී, 69 ලක්ෂය ඉන්නකම් ඕවට ඉඩ දෙන්නෙ නෑ…!

:       3       13

චන්දිම Friday, 17 September 2021 10:49 AM

මේ රටේ මිනිස්සු වත්මන් ජනපතිව පත් කලේ නිතිය හරියට සැමට සමානව ඉටු කරාවි කියන උපරිම විශ්වාසය සහ බලාපොරොත්තුවෙන්. එත් පහුගිය කාලයේ සිදුවුණු යම් යම් දේවල් නිසා එය එසේ නොවෙමින් පවතින බවට මතයක් සමාජය පුරා පැතිරෙමින් පවතිනවා. ඔන්න මේ සිදුවීම ඉතාම වැදගත් තීරණාත්මක අවස්ථාවක්. මෙතනදීත් තමන්ගේ එකා කියලා ලිස්සලා යන්න ඇරියොත් මේ රටේ නම් කවදාවත් විනයක් ඇති සමාජයක් හදන්න බැහැ බැහැ බැහම තමයි කියන අදහස තහවුරු වෙනවා. ඊළඟට මිනිස්සුත් ක්‍රමයෙන් මේ වගේ දේවල් කරන්න පුරුදු වෙනවා.

:       0       15

පිටිගල මිලානෝ Friday, 17 September 2021 10:56 AM

මෙයාට සුදුසුම තැන වැලිකඩ හිරගෙදරයි.

:       0       12

කිරි පුතා Friday, 17 September 2021 11:21 AM

මුදල්ම හම්බ කිරීම ඒකායන පරමාර්ථය වූ මේ කාණ්ඩය මෙතන කරන්නෙ දේශපාලනයක්.

:       0       7

ජනතාව Friday, 17 September 2021 11:37 AM

සාමාන්‍ය මිනිස්සු අසාධාරණය ඉවසා සිටිය යුතුයි. ඒක නොදන්න පුරවැසියො ඉන්නව නම් හරි පුදුමයි.

:       0       5

මනො Friday, 17 September 2021 12:53 PM

ඇත්තටම මූ ගැන මනොවිද්‍යාත්මක විශ්ලේශණයක් කලොත් මූට තියෙන මානසික රෝගයන් රොත්තක් හොයාගන්න පුලුවන් , පරපීඩක කාමූකත්වය , සයිකෝසියාව , හිනොන්මාදය , බයපෝල’ර් අසාත්මිකතාවය එකක් දෙකක් , මනෝවෛද්‍ය වරයෙකු යටතේ ,නේවාසිකව කාලය ගතකලයුතු මානසික රෝගීයෙක් , කැබිනට් මණ්ඩලය නියොජනය කරනවා කියන්නේ රටට කරන මොන තරං අසාධාරණයක්ද ? අපි වැටිච්චි වලක්.

:       0       12

සාමාන්‍ය මිනිසා Friday, 17 September 2021 12:57 PM

හරි නම් ප්‍රජා අයිතියත් අහෝසි කරලාම දාන්න ඕනෑ ...

:       0       4

Dhammasiri thero Friday, 17 September 2021 02:01 PM

වැදගත් යැයි සම්මත කිසිම දේකට සුදුසු නැතිකම තමයි ලංකාවේ දේශපාලනය කරන්න තියෙන ඉහළම ප්‍රධාන සුදුසුකම...

:       0       1

Hafeel Friday, 17 September 2021 02:21 PM

එතකොට අර චොකා මල්ලි සුදුසුද?

:       1       2

Lal Friday, 17 September 2021 02:46 PM

රත්වත්ත විතරක් නෙවෙයි අනිත් අය ගැන කියන්නේත් ඒ ටික තමයි.

:       0       4

Dr Friday, 17 September 2021 06:34 PM

මනෝ විද්‍යාවට අනුව නිතර බේබදුව සිටීමට ඇතැමකු පෙළඹෙන්නේ අතීත අවතාර ඔහුගේ සිහිය විකල් කරන හෙයිනි. මනා සිහිබුද්ධියෙන් සිටින විට අතීතයේ කළ අපරාධ, මිනී මැරුම් ආදිය සිහිපත් වීමෙන් සංත්‍රාසයට පත්වන හෙයින් නිතර බේබදුව සිටීමට ඔවුහු පෙළඹෙති. මෙම රාජ්‍ය ඇමැතිවරයාත් එබන්දකු දැයි අපි නොදනිමු. එබන්දකු නම් වහා ප්‍රතිකාර කළ යුතුයි. ඒ අර්ථයෙන් ඔවුන්ට අනුකම්පා කළ යුතුයි. එහෙත් මෙබඳු මානසික රෝගීන් සමාජයේ නිදැල්ලේ සිටීම අතිශයින්ම භයානකයි. විශේෂයෙන්ම නීති සම්පාදනය කරන නීති සම්මත කරන හා රටේ මූල්‍ය විනය ආරක්ෂා කිරීමේ වගකීම ඇති ඒ අර්ථයෙන්ම රටේ උත්තරීතම ආයතනය ලෙස විරුදාවලි ලත් පාර්ලිමේන්තුවේ සිටීම අතිශයින්ම භයානකයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දේශබන්දු පිටින් කෑම ඉල්ලයි
2025 මාර්තු මස 22 3318 7

පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.


මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි
2025 මාර්තු මස 22 661 1

සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.


මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා
2025 මාර්තු මස 22 821 3

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණ


ජපුර සරසවියේ අන්තර් සරසවි වර්ණ ප්‍රධාන උත්සවය
2025 මාර්තු මස 22 512 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්


කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක්
2025 මාර්තු මස 22 1380 2

කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන්


අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි
2025 මාර්තු මස 22 1880 3

ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 107 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1115 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site