IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රතුපස්වල වතුර නඩුව විභාගයට

(ටෝනි කරුණානායක)

වැලිවේරිය නගරයේ තිබුන උද්ඝෝෂණය අසලට යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරීන් කණ්ඩායමක් ආවා. විනාඩි 10ක් තුළ ඉවත් වන ලෙස උද්ඝෝෂ‍ෙකරුවන්ට බ්‍රිගේඩියර් වරයා පවසා අසල තිබූ ඉන්ධන හල අසලට ගියා. ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් කාටද කතා කර ඉතා ආවේගශීලීව උද්ඝෝෂණකරුවන් අතරට පැමිණි බ්‍රිගේඩියර් උද්ඝෝෂණකරුවෙකුට පහර දීමට තැත් කලා. එවිට නොසන්සුන්තාවයක් ඇතිවුණා යැයි පිරිසුදු පානීය ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ දී සිදුකළ උද්ඝෝෂණයට යුද හමුදාව විසින් වෙඩි තබා පහරදී තිදෙනකු මිය ගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයේ දී සාක්ෂි දෙමින් එච්.එච්. නිලන්ත පෙරේරා මහතා පැවසීය .

මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාගේ සභාපතිත්වයෙන් නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගම්පහ මහාධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනුනි .

යුද හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන හිටපු මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන , හිටපු සැරයන් ලලිත්ගේ සහ කෝප්‍රල් ජේ එම් තිලකරත්න යන විත්තිකරුවන් මහ අධිකරණය හමුවේ පෙනී සිටියේය .

ඔස්වල්ඩ් පෙරේරා ,හංස අබයරත්න සහ පද්මාල් වීරසිංහ ද සිල්වා යන රජයේ අධිනීතිඥ මහත්වරුන් පැමිණිල්ල මෙහෙය විය . එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් නිලන්ත පෙරේරා යන සාක්ෂිකරු වැඩිදුරටත් මෙසේ පැවසීය .

මම වැලිවේරිය පිංකෝවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටිනවා . 2013 වසරේ දී මා ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් . 2013 වර්ෂයේ අගෝස්තු මස 01වෙනිදා බැංකුවට යාමට අවශ්‍ය නිසා වැලිවේරිය නගරයට පයින් ආවා.

උද්ඝෝෂකයන් වැලිවේරිය හතරමං හන්දියේ අට්ටාලයක් සාදා එහි මිනී පෙට්ටියක් තබා තිබ්බා .එම ස්ථානය වලට යුද යුධ හමුදා බට පිරිසක් වාහනවලින් පැමිණියා .

යුදහමුදා බිගෙඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන එහි නායකත්වය දරමින් සිටියා . උද්ඝෝෂණකරුවන් අතරට පැමිණි බ්‍රිගේඩියර් අට්ටාලය ඉවත් කරගෙන එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට උද්ඝෝෂණකරුවන් ට පවසා සිටියා . එතන හිටිය අය බ්‍රිගේඩියර්ට පුටුවක් දුන්නා . බ්‍රිගේඩියර් පුටුව උඩට නැගලා තමා කතා කලේ. එතන හිටිය කට්ටිය ඉවත් වෙන්න වෙලාවක් ඉල්ලුවා

බ්‍රිගේඩියර් විනාඩි දහයක් දෙන්නම් කිව්වා . බ්‍රිගේඩියර් සමඟ යුධ හමුදා නිලධාරින් සියයකට වැඩි පිරිසක් පැමිණ තිබුණා . ගිනි අවි අතැතිව යුද හමුදා නිලධාරීන් පිරිසක් බ්‍රිගේඩියර් ඉදිරිපසින් සිටියා . තවත් යුද හමුදා නිලධාරීන් පිරිසක් වැටවල්වලින් කඩා ගත් පොළු අතැතිව හිටියා . යුද හමුදා නිලධාරීන් එකවර වෙඩි තියන්න පටන් ගත්තා හිතාගන්නවත් බෑ .

පොලු අතේ තිබුන හමුදා නිලධාරීන් එතන සිටි අයට පොලු වලින් පහර දුන්නා. බිය වූ මම එම ස්ථානයෙන් පළා ගියා . පසුදා උදේ ආරංචි වුණා තිදෙනෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතව සිටින බව යැයි කීය .

රජයේ අධිනීතීඥ පද්මාල් වීරසිංහ ද සිල්වා මහතා ගේ සාක්ෂි මෙහෙයවීම මත නීතිඥ පාලිත සේනාරත්න සහ අංජුල සුරේෂ් පෙරේරා යන සාක්ෂිකරුවන් දෙදෙනාද සාක්ෂි ලබාදුන්නේය. වැඩිදුර නඩු විභාගය අද පැවැත්වේ .

 



අදහස් (2)

රතුපස්වල වතුර නඩුව විභාගයට

kamal Friday, 17 December 2021 09:24 AM

අද ඉපදුන කිරි දරුවත් දන්නවා මොකද වෙන්න යන්නෙ කියල

:       19       15

සෙනෙවිරත්න Friday, 17 December 2021 02:15 PM

නීතිපති මෙසේ ඉල්ලීමක් කළේය... මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට සාක්ෂි නැත. විනිසුරුතුමා එසේනම් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමි. කිසිවෙකු මලේ නැත...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site