IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රතන හිමි හමුවෙන්න ගි⁣⁣යේ අවසර ඇතුවයි

(අංජුල මහික වීරරත්න)
රට ගොඩනගන ජාතික පිළිවෙත එළිදැක්වීමේ උත්සවය සඳහා අතුරලියේ රතනහිමියන්ගේ පන්සලට ගියේ රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගේ අවසරයගෙන බවත් එම උත්සවයට තමාට අරාධනාකර ඇතැයි කී විට රනිල් වික්‍රමසිංහ මහතා තමාට එහි යන ලෙස පැවසු බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා මාධ්‍ය හමුවකදී අද (02) පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍යනායක සජිත් ප්‍රේමදාස මහතාටද එම උත්සවයට ආරාධනාකර තිබූ බව කී සේනානායක මහතා හම්බන්තොට රැස්වීමක්හේතුවෙන් ඔහුට එහි පැමිණීමට නොහැකි බව දැනුම්දුන් බවද සඳහන් කළේ ය. කිසිවිටක නැවත යාමට බලාපොරොත්තුවක් නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේවෙතත් යහපාලන ආණ්ඩුවේ අවසානය ගැන සතුටට පත්වන බවද ඒ ආණ්ඩුව නිසා පීඩාවට පත්ව සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන් බවද පැවසූ සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ෂ රජයක් බිහිවනවාට අසතුටු බව ඒ කතාවෙන් අදහස් නොකරන බවද කීය.

බහුතරයක් නැති නීත්‍යානුකුල නොවන ආණ්ඩුවේ කුඩැල්ලෙකු සේ එල්ලී සිටීමට නොහැකි නිසා නැවත පැමිණි බවද තමාට ගෞරවයක් කළ මෛත්‍රී- මහින්ද නායකයන් දෙදෙනාට පයින් ගසනවා වැනි දෙයක් සිදුවී දැයි ශෝකයක් තමන් නැවත පැමිණිමේදී ඇතිවු බවද වසන්ත සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.



අදහස් (15)

රතන හිමි හමුවෙන්න ගි⁣⁣යේ අවසර ඇතුවයි

Bamunuarachchi Sunday, 02 December 2018 04:24 PM

මේ කව්ද?

:       111       148

ramaniSunday, 02 December 2018 11:02 PM

අත්තෙන් අත්තට පැන පැන යන කුරුල්ලෙක් වෙලා. බහුබුතයෙක්.

:       0       24

maya Sunday, 02 December 2018 04:34 PM

මෙහි ඉන්න ඇමති දෙන්නම පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු දෙන්නෙක්, නමුත් මට නම් පෙනෙන්නේ මේ වගේ නළුවෝ තමයි රටට ජවිපය විසින් ලබාදී ඇති ඇ මිනිස්සු. කිසිම රහක් නැති අය, මුහුණ බැලුවහම පේනවා.

:       143       80

Saman Sunday, 02 December 2018 05:39 PM

කාගෙ මුණුබුරා වුණත්, ලබන පාරනම් මෙයාට එජාප නොමිනේෂන් දෙන්න එපා. මීට වඩා හොඳයි ගෙම්බෙක්...

:       0       0

Sunil Sunday, 02 December 2018 05:41 PM

ලබනපාර 'ගෙම්බා' ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න.. උඩින් දිනනවා.

:       0       0

Sarasi Sunday, 02 December 2018 07:19 PM

ඇත්තටම රටේ වෙන වැදගත් පුවත් නැද්ද? මේ පුද්ගලයාගේ දින චරියාව ඇරෙන්න. එ්කත් රටට වැඩක් ඇති කටයුතු නම් කමක් නැහැ. මෙයාව පුවත් තීරයේ දැකලාම ඇතිවෙලා.

:       0       0

පිටිගල මිලානෝ Sunday, 02 December 2018 07:37 PM

අර සල්ලි බෙදනවා කියලා කතාවක් තියෙනවා... කවදද දිනේ අපිටත් එන්න....

:       0       0

V.warnakulasuriya Sunday, 02 December 2018 09:48 PM

සරලව කියනවා නම් කූඩැල්ලෙකුගේ තත්ත්වයෙන් ඉවත්ව ශෝකයෙන් ගතකරන බවකි. අපි අහලා තියෙන්නේ නම් කූඩැල්ලා මෙට්ටයේ නොසිටින බවකි. සේනානායක පරපුර නැවත කූඩැල්ලන්ගේ තත්ත්වයට පත් නොවේවායි අපි පතමු. කූඩලු ස්වභාවයේ සිටිම පක්ෂ නායකත්වයකට සුදුසු වන්නේද යන්න පාක්ෂිකයන් සිතන්නට පුළුවනි.

:       0       0

wasantha kodagoda Monday, 03 December 2018 12:43 AM

මේ ඔබතුමා අර හනුමාගේ ජොබ් එක බාර අරන් එහෙම නෙමෙයි නේද?

:       1       3

ගගල්කටස් Monday, 03 December 2018 02:43 AM

කබරගොයාගෙයි, තලගොයාගෙයි වෙනස හොයාගන්තා නම් මෙයාගේ වෙනස හරි ලෙහෙසියෙන් හොයාගත හැකියි.

:       0       17

ratna P Monday, 03 December 2018 03:43 AM

මෙයා දන්නේ නෑ... ඔලුවෙන්ද, කකුල්වලින්ද හිටගෙන ඉන්නේ කියලා...

:       0       22

jayasiri London Monday, 03 December 2018 08:00 AM

සල්ලි බෙදන්නේ කවදද?

:       0       17

Bandula. Monday, 03 December 2018 08:32 AM

කිසිම අරමුණක් නැති කේවට්ටයින්...

:       0       6

wedage Monday, 03 December 2018 10:25 AM

ඇයි පිරිත් නූලක් බැඳගන්න ගියා කියලා කියන්න තිබුණානේ..?

:       0       0

gamaathi Monday, 03 December 2018 11:19 AM

මෙයා ඉන්නේ ගන්ධබ්බ අවස්ථාවක. ස්ථිර වශයෙන් නීත්‍යානුකුල ආණ්ඩුවක් පිහිටවූ පැත්තට පනින්න බලාගෙනයි ඉන්නේ.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31142 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13279 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site