අමදෝරු අමරජිව
 

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ආරම්භ කර ඇති උපවාසයට සහය පිණිස  ත්‍රිකුණාමලය, සිවන්කෝවිල ඉදිරිපිට අද (2)  දෙමළ ජාතිකයකු  සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය.

ත්‍රිකුණාමලය, තිරුකඩලූර්  පදිංචි  ධිවර  කාර්මිකයකු වන විල්වරාජා  ජෙයවේන්දන් (51) නැමැති මෙම  පුද්ගලයා  සත්‍යාග්‍රයේ  යෙදි සිටිමින්  පවසන්නේ  හිස්බුල්ලා , ඇමැති රිෂාඩ් බදියුදීන්,  යන මහත්වරු ඉවත්කළ යුතු බවත් ඒ සඳහා රතන හිමියන් සිදුකරන උපවාසයට සහය පළකිරිම සඳහා තමන් මෙම සත්‍යාග්‍රහය ආරම්භ කළ බවයි. 

සත්‍යග්‍රහය පැවැත්වෙන  ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදා තර කර තිබේ.