
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බළංගොඩ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ජල ව්‍යාපෘතියක ඉඩම් නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා ඇතුළු පිරිසක් පැය තුනකට ආසන්න කාලයක් කොටු වී සිටියහ.
බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයට යාබද ශ්‍රී පාද අභය භුමියට අද (30) දා දහවල් ඇඳ හැලුණු ධාරනිපාත වර්ෂාව හේතුවෙන් ඇළ දොළවල්වල ජල මටිටම ඉහල ගොස් කොවුල්කැටිය මාර්ගය ජලයෙන් යට විම හේතුවෙන් මෙම පිරිස එහි කොටුවී ඇත.
රුපියල් කෝටි විස්සක පමණ වියදමින් වලේබොඩ ප්‍රදේශයේ ආරම්භ කිරිමට යෝජිත ජල ව්‍යාපෘතියක් සදහා ඉඩමි නිරික්ෂණය කිරිමෙිි චාරිකාවක් සදහා ශ්‍රී පාද අභය භුමියට යාබද වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයට ඒ පැමිණි අවස්ථාවේ එසේ ගංවතුරට කෙටු වී ඇත.
ජලය මටිටම පහව යන තෙක් පැය තුනක ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතාට කොවුල්කැටිය ප්‍රදේශයේ රැදි සිට අනතුරුව ගංවතුර තරමක් පහව ගිය පසු යළි මෙගොඩට පැමිණ ඇත.
එම අවස්ථාවට බලන්ගොඩ ප්‍රදේශිය සභාවෙි සභාපති සුනිල් ප්‍රේමසිරි , වන ජිිවි නියෝජ්‍ය අධ්‍යක්ෂ - මංජුල අමරරත්න , ග්‍රාම නිළධාරි ජානක රත්න ශ්‍රී මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ට ජල මටිම පහව යන තෙක් කොවුල්කැටිය ප්‍රදේශයේ රැදි සිටිමට සිදු වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුරෙ නොපෙනි ගියානම් සතුටු වෙන්න තිබුන
දක්ෂ දේශපාලකයකුට නම් සංවර්ධනය වෙනුවෙන් ප්‍රායෝගික අත්දැකීමක් ලැබිලා තියෙනවා. මිනිස්සුන්ගේ දුෂ්කරතා අවබෝධ කරගෙන ප්‍රදේශයේ මෙන්ම දිස්ත්‍රික්කයේ කටයුතු කරන්න දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙසට හැකියාව ලැබේවා...!!!