IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රත්නපුර ප‍්‍රධාන ගංඟා වල ජල මට්ටම ඉහළට

(අජිත්ලාල් ශාන්තඋදය)

කලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුලු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා පහත් බිම් රැසක් අද (16)  වනවිට ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කලුගඟේ ජල මට්ටම අද අලූයම 04.30 වන විට අඩි 17 මට්මට ඉක්මගිය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් අද උදෑසන 06.30 වනවිට අඟල් තුනකින් පමණ ජල මට්ටම අඩුවී තිබූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කලූගගේ ජල මට්ටම මේ වනවිට පවතින්නේද අවදානම් මට්ටම වූ මීටර් 05 ඉක්මවා නිසා ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තුව සිටින්නැයි මහජනතාවට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කුරු ගඟේ ජලමට්ටම ද සීග‍්‍ර ලෙස ඉහළගොස් ඇති අතර කුරුවිට පාතගම, කුරුවිට කදන්ගොඩ හරහා තෙප්පනාව පාර ස්ථාන ගණනාවකින් ජලයෙන් යටවී ඇත. එම මාර්ගවල වාහන ගමනාගමනය ද ඇණහිට ඇත.

මේ අතර ගොඩනැගිලි හා පර්යේෂණායතනය නිකුත් කළ නිවේදනයකින් දැක්වෙන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොලොන්න, ගොඩකවෙල සහ වැලිගෙපොල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල නාය යාමේ අවදානමක් පවතින බවයි.

ඒ නිසා පොලොවේ ඉරි තැලීම්, ගිලා බැසීම්, ගස්, විදුලිකණු, දුරකතන කණු ආදිය ඇලවේනම්, ගොඩනැගිලි බිත්ති වල සහ ගෙබිම්වල පුපුරායාම් ඇත්නම් මෙන්ම එකවර ජල උල්පත් ඇතිවේනම්, තියන ජල උල්පත් වලින් බොර වතුර මතුවේනම් හැකි ඉක්මනින් ආරක්‍ෂක ස්ථාන කරා යන ලෙසද එම නිවේදනයේන් පෙන්වා දෙයි.



අදහස් (1)

රත්නපුර ප‍්‍රධාන ගංඟා වල ජල මට්ටම ඉහළට

නන්දලාල් Saturday, 16 May 2020 01:04 PM

සිංහල අවුරුද්ද පසුවී දවස් 45 කින් රත්නපුරට සුළු හෝ ගං වතුරක් එනවා කියා කථාවක් ජනතාව කියනවා. එය මෙවරත් ඇතිවෙන්න පුළුවනි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site