
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අව්ස්සාවේල්ල නගරයට ගෙන යෑමට විරෝධය පළකරමින් වතු කම්කරුවන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු දහසකට ආසන්න පිරිසක් දෙවැනි දිනයටත් අද (17) රත්නපුර නගරයේ උද්ඝෝෂණය කළ අතර පොලිසිය සහ උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.
රත්නපුර නගරයේ සිට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්නපුර බන්ඩාරනායක පාරේ පිහිටි දිස්ත්‍රික් කම්කරු කාර්යාලය දක්වා විරෝධතා පාගමනකින් පැමිණි පිරිස කම්කරු කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය ආරම්භ කළහ.
ඉන් පසුව රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය දෙපසට වි උද්ඝෝෂණය කළ පිරිස විනාඩි විස්සකට ආසන්න කාලයක් මාර්ගය හරස් කරමින් විරෝධතා දැක්වුහ.එම පිරිස ඉවත් කිරිමට උත්සහ ගත් පොලිස් නිලධාරීන් ට බධා කිරිම නිසාඑහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
පොලිසිය ට පහරදිමට ගිය අයෙකු එක් පුද්ගලයෙකු පොලිසිය භාරයට ගත්අතර පසුව ඔහු මුදාහැරියේය.රත්නපුර සහකාර පොලිස් අධිකාරි නිශ්ශංක මහතා පැමිණ වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කිරිමට බලධාරියෙකු සම්බන්ධව කරදෙන බව කිවේය .රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරු ජනතාව වෙනුවෙන් පිහිටි මෙම කාර්යාලය දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි අව්ස්සාවේල්ල නගරයට ගෙන යෑමට ගෙන තිබෙන තීරණය ඉවත් කරගන්නා ලෙස විරෝතාවයට එක්වු කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ කම්කරු ජනතාව මෙහිදී ඉල්ලා සිටියහ.
ඇතැම් නිලධාරීන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මෙවැනි තිරණයක් ගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික්කයේ පොදුජන වතු කම්කරු සංවිධානයේ ලේකම් අර්.ඒ .රාජරත්නම් මහතා කිවේය.


2025 දෙසැම්බර් මස 18
516
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුර නගරයේ උණුසුම් තත්ත්වයක්
අප්පුහාමි Thursday, 17 September 2020 02:48 PM
රත්නපුර දිස්ත්‍රික්කයේ වගේම රටේ දියුණවට තමශ්‍රමය වැයකර අවසානයේ ලැබෙන අරථසාධක අරමුදල් වැනි ප්‍රතිලාභ ගැනීමට පළාතෙන් බැහැර දිස්ත්‍රික්කයෙන් බැහැර කොළඹ දිස්ත්‍රිකකයට යාමට තබා තමාගේ ප්‍රදේශයේවත් අවශ්‍ය තැන්වලට යාමට නොදත් මෙම අහිංසක මිනිසුන්ට මෙහෙම හිරිහැර කිරීම සාධාරණද? හම්බන්තොට දිස්ත්‍රික්කයට මායිම් වන තුංකම වැනි දුරුබැහැර පෙදෙස් හා බලංගොඩ වලේබොඩ වැනි ප්‍රදේශවලත් කලවාන, අයගම, වැද්දාගල වැනි දුරුබැහැර ප්‍රදේශවල අසරණ කම්කරුවන්ටත් තිබෙන මෙම කාර්යාලය අවිස්සාවේල්ලට ගෙනයාම මරණ දඬුවම නියම වූ අයෙකුට පාර්ලිමේන්තු යාමට කැමැත්ත දීමට දුන් දඬුවමක්ද? මෙය අවිස්සාවේල්ලට ගෙනයාම නොකර නාරාහේන්පිට දෙපාර්තමේන්තුවටම ගෙනයාමට බලධාරීන්ට නොසිතුනේද නැත්නම් පසුව කොළඹට ගෙනයාමේ අදහසින් කළ දෙයක්ද? රත්නපුර ජනතාවට මෙහෙම කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කය මේ රටේ පෙදෙසක් නොවන නිසාද?