
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර මුවගම ජල මාපකයේ කලුගඟේ ජල මට්ම 25 අලුයම 50.30 වනවිට මීටර් 07.7 දක්වා ( අඩි 25 අඟල් 03 ) දක්වා ඉහළ ගොස් සුලු ගංවතුර තත්ත්වයක් ඇතිබී තිබේ.
මීටර් 07.2 සුලු ගංවතුර මට්ටමක් ලෙස හඳුන්වයි. කලු ගඟ පෝෂණය වන කුරු, වේ, නිරිඇලි සහ දෙනවක් යන ගංගාවල ද ජලමට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතී. එම ගංගා වල ඉහළ ප්‍රදේශයන්ට වරින්වර වැසි ඇද හැලෙයි.
වේ ගඟේ සහ කුරු ගඟේ ජල මට්ටම් 25දා අලුයම 05.30 වනවිට කහවත්ත නගරයේ සහ කුරුවිට නගරයේ ජල මාපකය අනුව මීටර් 04.92 ( අඩි 16) ඉක්මවමින් තිබුණි. ඇලපාත ප්‍රදේශයේ ජල මාපකය අනුව නිරිඇලි ගඟේ ජලමට්ටම මීටර් 04.21 (අඩි 14) පමණ විය. පැල්මඩුල්ල ජල මාපකය අනුව දෙනවක් ගඟේ ජල මට්ටම මීටර් 03.14 (අඩි 10)ක් විය. කිරිඇල්ලේ දී කලු ගඟට එකතුවන ගලතුර ඔයේ ජල මට්ටමද වැඩිවෙමින් පවතී. අලුයම 05.30 වනවිට අයගම ජල මාපකය අනුව එහි ජල මට්ටම මීටර් 02.00 (අඩි 6 අඟල් 6)ක් විය. මේ අතර කලවානේ සවිකර ඇති ජල මාපකය අනුව කුකුළේ ගඟේ ජල මට්ටම 25දා අලුයම 05.30 වනවිට මීටර් 06.00ට (අඩි 20ට) ළඟා වෙමින් තිබුණ බව ද සටහන් විය.
කලුගඟේ ජල මට්ටම මීටර් 07.5 ඉක්මවූ විට අවට ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී සුලු ගංවතුර තත්ත්වයක් ඇති වෙයි. වෙරලුප, මුද්දූව, ඇලපාත, හංගමුව, අංගම්මන, ආදී ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවෙමින් පවතී.
පහත්බිම් වල ඇති මාර්ග ජලයෙන් යටවීම නිසා එම පහත්බිම් ප්‍රදේශවල වාහන ගමනාගමනයට ද බාධා එල්ල වෙමින් පවති.
2025 දෙසැම්බර් මස 04
639
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
435
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්නපුරයට ගංවතුර තත්ත්වයක්