
(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ)
කලුගඟේ ජල මට්ටම ඉහළයාමෙන් රත්නපුර සහ අවට ප්‍රදේශවල සුලු ගංවතුර තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. උදෑසන 08.30 වනවිට කලු ගඟේ ජල මට්ටම මීටර් 8.89ක් (අඩි 29ක්) විය.
මහ ගංවතුරක් ඇතිවීම කලුගඟේ ජල මට්ටම මීටර් 9.5ක් විය යුතුය. ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතී.
කුරු, වේ, නිරිඇලි, දෙනවක්, කුකුලේ සහ ගංලතුර ගංගා වල ජල මට්ටම් ද ඉහළ ගොස් ඇතත් පෙරවරු 08.30 පමණ වනවිට ඒවායේ ජල මට්ටම් පහළ යාමක් පෙන්නුම් කරන් ලබන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
රත්නපුර නගරයේ සහ අවට පහත්බිම් ජලයෙන් යටවී ඇත. කුරුවිට, රත්නපුර, නිවිතිගල, ඇලපාත, කිරිඇල්ල, ඇහැලියගොඩ, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ජලයෙන් යටවී ඇත. රත්නපුර පානදුර ප්‍රධාන පාර රත්නපුර නගරයට ආසන්නව ස්ථාන තුනකින් යටවී ඇතිබව පොලීසිය පවසයි.
පහත්බිම් වල වාහන ගමනාගමනය කරන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමනය නැවතී ඇත. රත්නපුර නගරයේ පුලුඟුපිටිය, බණ්ඩාරනායක මාවත, ගඟඅද්දර පාර, බෝධිරාජ මාවත, මුද්දුව, මුවගම, අංගම්මන, වෙරලුප, ගොඩිගමුව ආදී ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යටවී ඇත. රත්නපුර මූලස්ථාන පොලීසියට යන මාර්ගය ද ජලයෙන් යටී තිබේ.
කලුගඟ සාමාන්‍ය ගංවතුර මට්ටමට හළ ගොස් තිබුණේ අලුයම 02.0ට පමණ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රත්නපුර නගරයේ මුවගම ජලමාපකයේ දත්ත සනාථ කළේය.
ගංවතුර හේතුවෙන් පීදෙන ගොයම් සහ පීදුනු ගොයම් සහිත කඹුරු අක්කර සිය ගණනක් ජලයෙන් යටවී ඇත. අවතැන් වූවන්, සිදුවු දේපල හා ජිවිත හානි ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැත












(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන මතුගම ප්‍රධාන මාර්ගය බෙලිඅත්තවිල ප්‍රදේශය අද (10) ජලයෙන් යටවී ඇති අයුරු


COMMENTS
සෞභාග්‍යය ලැබෙයි කියල හිතාගෙන පත්කර ගත්තා. ආවදා ඉඳලා අසෞභාග්‍යය. ඉවරයක් නැති විපත්...
හැමදාම අහන්න ලැබෙන්නේ විනාශකාරී තත්වයන් පිරුණු නිවේදන... මහා විනාශයක් අතළඟ බව පෙනෙනවා.
පත්වුණු දවසේ ඉඳලා අපේ රටට හෙනහුරු දසාව. වැඩක් නෑ ලබන පාරත් 69 ලක්ෂයේ පුන්නක්කු හරක් ටික උඩ දාගෙන දෙයි...
දේශපාලනය කුමක් වුවත් කළු ගඟ අවුරුද්දට දෙවතාවක් පිටාර ගලනවා. දැන් අඩුයි. මේකෙන් වෙන්නේ රොන් මඩ මගින් නිම්නයේ තියෙන වගාබිම් සරු කිරීම... මේවා ස්වභාවික සංසිද්ධි...
හරිම පුදුමයි... අපි අර මැණික් කුළුණ මුදුනේ ඉඳගෙන ගංවතුර සිරි නරඹමු...