(ඩි.ජී.සුගතපාල)
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඒ මහතා අද (18) උදැසන සිය නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි තමාගේ ඉල්ලා අස්විම ප්‍රකාශයට පත්කල අතර දැනට අධිකරණයේ තමාට විරුද්ධව පවතින නඩුවෙන් නිදොස් කොට නිදහස්වු දිනයක නැවත දේශපාලනයට එන බවද කියා සිටියේය.
එහිදි ඒ මහතා මෙසේ කිය.
“දැනට මට විරුද්ධ අධිකරණයේ නඩුවත් තිබෙනවා.එහෙම නඩුවක් තියෙනවිට දේශපාලය කිරිම මට ඡන්දය දුන් ජනතාවටත් පක්ෂයටත් නායකයින්ටත් කරන අගෞරවයක් කියල හිතනවා.එනිසා කෙළින් කතා කරන කෙලින් වැඩ කරන මේ රත්තරන් දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කළා.
යම්කිසි කෙනෙක් හිතයි මම මේ චෝදනාවට බයේ ඉල්ලා අස් වෙනව කියලා.මේ චෝදනාව මට එල්ල කරපු අභුත චෝදනාවක්.චෝදනාව මා පිළිගන්නේ නැහැ.මටත් ඉන්නේ දූලා. ඒ අය පාරෙ බැහැල යන්න ඕනෑ.මම කව්ද කියල මගේ බිරිඳ දන්නවා.ළමයි දන්නවා.දෙමව් පියන් දන්නවා.අධිකරණය ස්වාධිනයි.එනිසා මා දරණ සියලුම තනතුරුවලින් ඉල්ලා අස් වෙලා අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දෙනවා.
මම දේශපාලනයට ඇවිල්ල සියලු සේසතම දන්දුන් කෙනෙක්.මුලු ජිවිතයම දේශපාලනයට කැප කලා.මේක මගේ තනි තින්දුවක්.අධිකරණයෙන් නිදොස් කොට නිදහස්වු පසු දේශපාලනයට එනවා.මට සහාය දුන් සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා“
දහසය හැවිරිදි දැරියකට බර පතල ලිංගික අපයෝජයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට විරුද්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිට නඩුවක් පවරා තිබේ.
COMMENTS
බුදු අම්මෝ....
දේශපාලනය සීලාචාරය ...
නියම කෙලින් මිනිහෙක්
කොහොමත් තව දවස් 23 කින් අහෝසි වෙනවනේ..................
අප මේ පුද්ගලයාගේ තීරණය අගය කරන්නෙමු. කව්රුන් හෝ වරදක් කළා නම් ඔහු හෝ ඇය දඩුවම් විදිය යුතුමය . මෙය සක්කරයටත් පොදුය. නමුත් අවංකව දේශයට සේවය කිරීමට නම් මිනිසුන්ගේ කැමැත්ත අකමැත්ත අනුව අනාගතයේදී එය තීරණය වේවි.
අනේද කියන්නේ ...චරිතවත් සදාචාරකම
"මහත්මයෙක් යනු ඉවසිලිවන්ත වෘකයෙකි" කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මේ පුද්ගලයත් එවැනි අයෙක්.
අධිකරණය ස්වාධීනනම් ආයේ මෙයට දේශපාලනයට එන්න වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තුවට එනවා නියතයි...
සමහරවිට එම පළාතේ ආධාරකරුවන් එකතුවෙලා මෙයාට නාම යෝජනා දෙන්න කියල උද්ඝෝෂණ කරලා පාරවල් වහල කල එලි බසීද කියලත් සැකයි
ලොක්කාගෙන් ඕඩර් එන්න ඇති........
හැමදා නියන් එකදා වැහි වලාවේ කියලත් කීවලු නේද?
දෙවාරූඪ වෙලාද ප්‍රකාශය නිකුත් කලේ?
ඉතා හොඳ අගය කළ යුතු "රත්තරන්" පූර්වාදර්ශයක්. බලා ඉමු ඊළඟට මොකද වෙන්නේ කියලා...
අනේ රත්තරන් අපිව දාලායන්න එපා...
රත්තරන් යනු නියම මහත්මා දේශපාලකයෙකි.. මිනිසුන්ට වැඩක් ගත හැකි නායකයෙකි...ඔහුගේ තාවකාලික හෝ සමුගැනීම බලපානුයේ දුගී දුප්පත් මිනිසුන්ටය...මාගේ විවෘත අභියෝගයක් ඇත එනම් මොහු දේශපාලන වශයෙන් මොනයම්හෝ (රැකියා විකිනීමක්,කොමිස් මුදලක් ලබා ගැනීමක්,අල්ලසක් හෝ කුමන කාරනයක් මත මුදල් ඉපයීමක් කර ඇත්නම්...එම මුදල මෙන් දෙගුනයක් ගෙවීමට මම ඉදිරිපත් වෙමි....ඔහුගේ සියලුම සේසත විය හියදම් කලේ මහජනතාව වෙනුවෙනි..එය ප්‍රසිද්ධ රහසකි...ගෙවල්,පන්සල්,පල්ලි,පෙරහැර ,දන්සල්,පොත් පත්,ගංවතුර ආධාර, මන්මාවත්,විදුලිය,ලෙඩ රෝග,මූල්‍යමය ප්‍රස්න,ඇස් කන්නාඩි,රෝද පුටු,තොරන්,නාට්‍ය ,අවුරුදු උලෙළ , එකී මෙකී නොයෙකුත් දෑ..ඔහු විසින් ..ඔහුගේ පෞද්ගලික මුදලින් මිස දේශපාලනයෙන් ලැබුණු වේතනයෙන් කල මෙහෙවරයන් නොවන බව විස්වාසයෙන් යුතුව කිව හැක.. සදහන් කිරීමට බොහෝ දෑ ඇතත් කෙටියෙන්ම කිව යුත්තේ ගාලු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ඇමතිවරු ,මන්ත්‍රීවරු,පලාත්සභාවේ ඇමතිවරු ,මන්ත්‍රීවරු ,ප්‍රාදේශීය සභාවේ සභාපති වරු මන්ත්‍රීවරුන්...කාටත් වඩා තම පුද්ගලික මුදලින් ජනතා සේවයක් කලානම් ඒ ඔහුය......
යනවා නම් අනේ මම අරන් යන තැනකට යන්න "රත්තරන්..."
මෙයා ඔක්කොම කරන්නේ යකා ආරුඪවෙලා... රත්තරන් එලියට එන්නේ එතකොට තමයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට මෙයද ඔබ විසින් ලොවට දෙන ආදර්ශය? ඔබගේ ජීවිතය සදාකාලික නොමැත. මිල මුදල් තාවකාලිකයි, නිල බලය තාවකාලිකයි. සැප සම්පත් තාවකාලිකයි ඔබ යම් කිසි හොද දෙයක් කරන්නේද රටට එය තමයි ඔබ මිය යන විට රැගෙනයන දේ.. මිල මුදල් සැප සම්පත් ලැබෙනවිට , මිනිස් සමාජයේ සදාචාරය රැකෙන විදියට හැසිරෙන්න. හොද හිතින් රටට යම් වැදගත් ආකර්ශනීය සේවයක් කරන්න බලන්න , ඔබට හැම කෙනාම හොද කියාවී, ඒ වගේම ඔබ අතින් අර පවුලේ ගැහැණු ළමයට යම් අසාධාරණයක් වුවද ඇය තවත් සමාජයෙන් අවිටිලිකම් නොකර , ඇයට යම් සහනයක් කරන්න .
ජනාධිපතිතුමනි, ළමා අපරාධ කරන අයටත් කුඩු කාරයන්ට වගේම මරණ දඬුවම දෙන්න
ඔක්කොම ගියත් ජනතාව සතුටෙන්.
පක්ෂයෙන් එලවලා වගේ. එහෙමනම් දේශපාලන හොද තීරණයක්.
ඔබ ඉල්ලා අස්වී පමණක් මදිය. ඔබෙන් අතවරයට ලක්වූ දැරියට සහ අගේ දෙමාපියන්ට නිසි වන්දි ලබාදී ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය. ඔබ වැරද්දක් කළත් නියම පිරිමියෙකු කියා අපට වැටහෙන්නේ එතකොටයි. නැතිනම් ඔබ ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමට තැත්කරන තවත් කපටියෙක් පමණක්මයි...