
(පත්මා කුමාරි කංකානම්ගේ)
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හාලතුඩාව මංසන්ධියේ දී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් කිලෝ 10 ක් එක් සැකකරුවකු සමඟ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකය විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම රත්තරන් කන්දකුලිය වෙරළ තීරය ඉන්දියාවට ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබූ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී අනාවරණය වී තිබේ.
රන් කිලෝ 10 සහ සැකකරු රේගු දෙපාර්තුමේන්තුවේ කටුනායක උප කාර්‍යාලයට හාරදීමට නියමිතව ඇත.
කල්පිටිය කන්ද කුලිය පදිංචි 35 හැවිරිදි සැකකරු මෙම රන් තොගය ඉන්ද්යාවට යැවීම පිණිස වෙනත් අයෙකුට හාර දීමට රැගෙන ආ ඒවා බැව් ප්‍රශ්න කිරීමේ දී අණාවරණය වී ඇත.


(ඡායාරූප -හිරාන් ප්‍රියංකර ජයසිංහ)
COMMENTS
රටතුළ රත්තරන් ප්‍රවාහනය කිරීමේ නිර්ණායක තිබෙනවාද? ඉන්දියාවට යැවීමේ අදහසක් තිබෙන්න පුළුවන්... නමුත් තව යැව්වේ නැහැනේ. මේක මිනිහෙක් මරන්න තුවක්කුවක් තියාගෙන හිටියා වගේ නෙවෙයිනේ...
දළවශයෙන් වටිනාකම කෝටි 7කට අධිකයි. කජු ඇටද, කොස් ඇටද? ඉල්ලන් ඉන්න මනුස්සයා නම් දුක්ගන්නරාල කෙනෙක් වගේ...
...රත්තරන් වලට කතාකරන්න හැකිනම් අසාවි...." එතකොට ඒ කාලේ කොටින්ගෙන් අල්ලගත්ත රත්තරන් වලට මොකද වුනේ හැබෑට...?
මිනිහෙක් රත්තරන් කිලෝ 10ක් තියාගෙන සිටීමේ වරද කුමක්ද?. ඒ ඔහුගේ රත්තරන් නම් ඉන්දියාවට නොව ඒරොප්පෙට යැව්වත් කාටවත් මොකද?.
හෙට අනිද්දා අතේ සල්ලි තියාගන හිටියා කියලා අත්අඩංගුවට ගන්න බැරි නෑ. රජයක් වුණත් මේ කරන්නේ බලහත්කාරයෙන් අත්පත් කරගැනීමක්..