IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


රත්තරන් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(පත්මා කුමාරි කංකානම්ගේ)

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හාලතුඩාව මංසන්ධියේ දී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් කිලෝ 10 ක් එක් සැකකරුවකු සමඟ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකය විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය.

 

මෙම රත්තරන් කන්දකුලිය වෙරළ තීරය ඉන්දියාවට ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබූ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී අනාවරණය වී තිබේ.

රන් කිලෝ  10 සහ සැකකරු රේගු දෙපාර්තුමේන්තුවේ කටුනායක උප කාර්‍යාලයට හාරදීමට නියමිතව ඇත.

කල්පිටිය කන්ද කුලිය  පදිංචි 35 හැවිරිදි  සැකකරු මෙම රන් තොගය ඉන්ද්යාවට යැවීම පිණිස වෙනත් අයෙකුට හාර දීමට රැගෙන ආ ඒවා බැව් ප්‍රශ්න  කිරීමේ දී අණාවරණය වී ඇත.

 (ඡායාරූප -හිරාන් ප්‍රියංකර ජයසිංහ) 



අදහස් (7)

රත්තරන් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Bamunuarachchi Tuesday, 08 September 2020 04:42 AM

රටතුළ රත්තරන් ප්‍රවාහනය කිරීමේ නිර්ණායක තිබෙනවාද? ඉන්දියාවට යැවීමේ අදහසක් තිබෙන්න පුළුවන්... නමුත් තව යැව්වේ නැහැනේ. මේක මිනිහෙක් මරන්න තුවක්කුවක් තියාගෙන හිටියා වගේ නෙවෙයිනේ...

:       124       6

සනත් ඉතාලිය Tuesday, 08 September 2020 08:21 AM

දළවශයෙන් වටිනාකම කෝටි 7කට අධිකයි. කජු ඇටද, කොස් ඇටද? ඉල්ලන් ඉන්න මනුස්සයා නම් දුක්ගන්නරාල කෙනෙක් වගේ...

:       0       39

විජිත් Tuesday, 08 September 2020 09:52 AM

...රත්තරන් වලට කතාකරන්න හැකිනම් අසාවි...." එතකොට ඒ කාලේ කොටින්ගෙන් අල්ලගත්ත රත්තරන් වලට මොකද වුනේ හැබෑට...?

:       229       118

Nihal Tuesday, 08 September 2020 02:04 PM

මිනිහෙක් රත්තරන් කිලෝ 10ක් තියාගෙන සිටීමේ වරද කුමක්ද?. ඒ ඔහුගේ රත්තරන් නම් ඉන්දියාවට නොව ඒරොප්පෙට යැව්වත් කාටවත් මොකද?.

:       114       12

BamunuarachchiWednesday, 09 September 2020 02:42 AM

රත්තරන් තියා ගැනීම වරදක් ලෙස මම දකින්නෙත් නැහැ

:       14       2

SajithWednesday, 09 September 2020 03:24 PM

ඕනෙම රටක රත්‍රන් නිකන් රටවල් අතර හුවමාරු කරන්න බෑ. ඒකට විශේෂ නීති හදලා තියෙන්නේ රටක රත්‍රන් ප්‍රමාණය ඒ රටේ මූල්‍ය පද්ධතියට සෘජුවම බලපාන නිසා. ජාත්‍යන්තර මූල්‍ය ගැන දැනගෙන හොයලා බලන්න. එතකොට තේරෙයි. මේවා මේ ආණ්ඩුවෙන් අලුතින් නීති හදලා අල්ලනවා නෙමේ. කලින් තිබුණු නීති ක්‍රියාත්මක කරනවා. රත්තරන් අරන් හාලතුඩාවට යන්නේ ඒව දාලා මාලු අල්ලන්නවත් ඉස්සෝ ඇති කරන්නවත් නෙමේ කියලා අල්ලපු අය දන්නවා...

:       0       14

Kuma Tuesday, 08 September 2020 05:07 PM

හෙට අනිද්දා අතේ සල්ලි තියාගන හිටියා කියලා අත්අඩංගුවට ගන්න බැරි නෑ. රජයක් වුණත් මේ කරන්නේ බලහත්කාරයෙන් අත්පත් කරගැනීමක්..

:       140       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1645 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site