(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි හතරක් පමණ වටිනා කැරට් විසි හතරේ රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ගුවන් මගීන් නව දෙනෙකු අද (20) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
මොවුන් අතරින් තිදෙනකු ශ්‍රී ලාංකිකයන් වන අතර මෙයින් එක් අයෙකු 23 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. අනෙක් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවනෙකු වූ අතර ඉතිරි පුද්ගලයා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි.
මීට අමතරව ඉතිරි ගුවන් මගීන් 06 දෙනා ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන් තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර අවට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මොවුන් මෙම රත්තරන් කැබලි ඔවුන්ගේ මුඛයේ සහ ඔවුන් ඇඳ සිටි ඇදුම් අතරත් ඔවුන්ගේ ගමන් භාණ්ඩ පටවා ගෙන ගුවන් තොටුපළ තුළ තල්ලු කරගෙන යන ට්‍රොලි රථ වල යට කොටස් වලද අලවා ගෙන සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි කැරට් විසි හතරේ රත්තරන් කැබලි 59 ක් තිබූ අතර ඒවා කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 271 ක බරකින් යුතු වූ රුපියල් තුන් කෝටි අනූ දෙලක්ෂ හතලිස් හත් දහස් අට සිය දහයක් 3,92,47,810 ක් වටිනා බවද වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


2025 දෙසැම්බර් මස 18
198
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්තරන් කැබලි තොගයක් කටුනායක දී අත්අඩංගුවට
sampath Wednesday, 20 March 2019 01:50 PM
60ක් ගෙනාවලු දැන් තියෙන්නේ 59 ක්ලු...
Uditha - London Thursday, 21 March 2019 04:16 AM
මම මේ දාල තියන පින්තුරේ දිහා බැලුවේ.. එක රන් කැබිල්ලට එකට එක රේගු නිලධාරියා ගානේ ඉන්නවද කියල... මේ ඔක්කොමල එකතු වෙලාද ඔය ටික ඔක්කොම අල්ලාගෙන තියෙන්නේ?
SLJ Thursday, 21 March 2019 06:51 AM
දැන් කුඩු එහෙම එන්නෙම නැහැ රේගුව හරහා