(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රත්ගම බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා දමන ලද බව කියන ස්ථානයේ තිබී හමු වූ ශරීර කොටස් අධිකරණ නියෝගය ලැබුණු පසු ඩී. එන්. ඒ. පරීක්ෂණය සඳහා යොමු කරන බව මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා පැවසීය.
එම ස්ථානයේ තිබී වැදගත් සාක්ෂි හමුවූ බවද ඒ අතර සම්පූර්ණයෙන් පිළිස්සීමට ලක් නොවූ මාංශ කැබැල්ලක් හා ඇඟිල්ලක අස්ථි කැබැල්ලක් හමු වූ බවද ඒ මහතා කීය.
ඉන් පසුව හමුවන අස්ථි කොටස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එතරම් වැදගත් සාක්ෂි නොවන බවද අඹේපිටිය මහතා අවධාරණය කළේය.
ඇතැම් විට පරීක්ෂණ වෙනත් දිසාවකට යොමු කිරීම සඳහා පිටතින් අස්ථි කොටස් ගෙනවිත් දැමීමට හැකි නිසා පළමුව හමුවූ ශරීර කොටස් මෙම අපරාධයේ සුළමුල සොයා ගැනීමට බෙහෙවින් ඉවහල් වන බවද අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වැඩිදුරටත් පැවසීය.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචි රසින් චින්තක (31) හා මංජුල අසේල කුමාර (33) යන ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි මස 23වැනි දින දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා විනාශ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තෙක් සිදු කළ පරීක්ෂකවලදී අනාවරණය කර ගෙන ඇත.
එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් එම ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු හා උපපොලිස් පරීක්ෂකවරයෙකු දැනටමත් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්ගම ව්‍යාපාරිකයින් දෙනොගේ ශරීර කොටස් ඩී. එන්. ඒ. පරීක්ෂණයට