(ඩී ජී සුගතපාල)
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා මාර්තු 13 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේ පළමු සැකකාර පොලිස් පරීක්ෂකවරයා පමණක් විත්තිකූඩුවට නංවා තිබුණු අතර දෙවැනි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව රහස් පොලිසිය දැනුම් දුන්නේය. අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතීඥවරුන් කරුණු දක්වමින් පොලිසියේ දෙදෙනාගේම ඡායාරූප මාධ්‍යවල පළවී ඇති බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නැතැයි කීවේය.
කෙසේ වෙතත් හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට පැමිණිල්ල පැය භාගයකට කල් තැබිණි. හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී උප පොලිස් පරීක්ෂකවරයා හඳුනා ගැනීමට සාක්කිකරුවෝ අපහොසත්වූහ. යළිත් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනාම විත්තිකූඩුවේ සිටිමින් පෙනී සිටියහ.
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ජීවතුන් අතර සිටින්නේද එසේත් නැතිනම් මරාදමා ඇත්ද යන්න ගැන හරි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය බව අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු පැවසූහ.
ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුළුස්සා ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඔවුන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකය යැවීමට නියෝග කරන්නැයි රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය. අදාළ කොටස් මේ වන විට ඇත්තේ කොහේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අතර ඒවා මාතර අධිකරණ වෛද්‍යවරයා භාරයේ ඇති බව රහස් පොලිසිය දැනුම් දුන්නේය. අදාල කොටස් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකු බූස්ස බන්ධනාගාරයේත්, අනිත් සැකකරු කළුතර බන්ධනාගාරයේත් රඳවා තබන බව බන්ධනාගාරය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
හරිනම් ඔය පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ගිය ඉතුරු 11 දෙනා සහ ඔය අංශය භාරව සිටි ප්‍රධාන පොලිස් පරික්සකත් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනේ , මුළු යුනිට් එකේම ඉන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂකත් ඇතුළුව 25 දෙනා නම් එදා සේවයට වර්තකලේ 15 දෙනෙක් නම් ඉන් 13 රාජකාරි ස්ථානයෙන් බැහැරව මේවගේ සැක කරුවෝ 2 අත්අඩංගුවට ගන්න යනවා නම් ඔහු මේ ගැන නොදැනුවත්ව ඉන්න බැහැ , මොහු මුල සිටම මේ සිධිය ගැන දැනගෙන ඉඳල තියනවා , උසස් නිලධාරීන්ට මේ ගැන දැන්වීම මොහුගේ වගකීමක් ,