(විනීතා එම් ගමගේ)
දේශයේ රණවිරුවන්ට එරෙහිව පියවර ගන්නට සම අනුග‍්‍රාහකත්වය දැක්වූ එකම රට ශ්‍රී ලංකාව බවත්, පසුගිය වසර කිහිපය රණවිරුවන්ගේ අභිමානය ආරක්ෂා කළාදැයි රටේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු බවත් කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති විතාරන්දෙණියේ මේධානන්ද හිමියෝ අද(10) පැවසූහ.
අපේ රටේ රණවිරුවන්ගේ අභිමානය වෙනුවෙන් ඔවුන් කළගුණ දැක්වූයේ ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තරයට ගොස්, විරුද්ධව ක‍්‍රියා කිරීමෙන් බවත් උන්වහන්සේ පැවසූහ.
මේධානන්ද හිමියන් මේ අදහස් පළ කළේ කොළඹ 7, විහාරමහා දේවී උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය ඉදිරිපිට අද (10) පැවති ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම් උත්සවයේ දීය. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ‍්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටෙගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.
එම උත්සවය ආරම්භයේ දී ආගමික වතාවත් කරමින් අනුශාසනාවක් කළ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
“යම් කෙනෙක් තම ජීවිතය පරිත්‍යාග කරනවා නම් එම පරිත්‍යාගයේ අරමුණු ගැන කල්පනා කර බැලුවාම ඔහු රණවිරුවෙක් ද කියන එක දැනගන්න පුළුවන්. පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ජීවිත දහස් ගණන් විනාශ වීම වළක්වන්නේ තම ජීවිත දන්දෙන රණවිරුවන් විසිනුයි.
අපි දන්නවා අපේ රට තුළ ඉතිහාසයේ සිටම ඉංග‍්‍රීසි, පෘතුගීසි, ලන්දේසි පමණක් නොව චෝල පාණ්ඩවයන්ට එරෙහිව පවා ඉතිහාසයේ පටන් ජීවිත පරිත්‍යාග කළේ රණවිරුවන්. තිස් වසරක ත‍්‍රස්තවාදයේ දී ජීවිත දන්දුන්නේ ඒ රණවිරුවන්. අද නිදහසේ ඔවුන්ව සමරන්නට පවා ශක්තිය ලබා දුන්නේ රණවිරුවන්. මේ මාතෘභූමිය වෙනුවෙන් තම ඇට, මස්, ලේ, නහර පමණක් නොවෙයි ජීවිතය පවා දන්දුන්නේ රණවිරුවන්.
ඔවුන් සැමරීම කෙළෙහිගුණ දැක්වීමේ ක‍්‍රියාවලියක් බව කිවයුතුයි. ඒ වගේම ඔවුන් මේ ජාතියට රටට ලෝකයට ලබා දීපු නිදහස නිසා අප ඔවුන්ට ණයගැතියි. ඔවුන් ජීවිත පරිත්‍යාග නොකරන්නට අපේ රට පමණක් නොවෙයි මේ මුළු ලෝකයම ම්ලේච්ඡයින්ගේ, අන්තවාදීන්ගේ, ආගමික අන්තවාදින්ගේ යුද පිටියක් බවට පත්වෙනවා. ඒ නිසා මියගිය රණවිරුවන්ට අප පින් අනුමෝදන් කළයුතුයි.
රණවිරුවෝ මහපාරේ වැටිල ඉන්න තත්ත්වය දැක්කම අපේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් කළ කාර්යයට අපි කළගුණ සැලකුවා ද කියල හිතෙනවා. මේ රට, ජාතිය, ආගම වෙනුවෙන් ඔවුන් කළ සේවයට කළගුණ සළකන්නද ඔවුන් සිරගත කළේ කියා අපි හෘද සාක්ෂියෙන් විමසමු. අප වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජීවිත දන්දුන් රණවිරුවන්ට අමා මහ නිවන් සුව පතන අතරම යුද බිමේ දී ආබාධිතවූ රණවිරුවන්ට නිදුක් නිරෝගී සුවය ද ප‍්‍රාර්ථනා කරමු” යැයි ද උන්වහන්සේ පැවසූහ.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ‍්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටෙගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවුක හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජනරාල් උපුල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ත‍්‍රිවිධ හමුදා නිලධාරීහු, තානාපතිවරු, විදේශ ආරක්ෂක අංශ නියෝජිතවරු සහ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයෝ ද යුද ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට එක්ව සිටියහ.
(ඡායාරූපය - චතුර එස්.කොඩිකාර)

COMMENTS
ඇත්ත, ඔබ වහන්සේගේ අනුශාසනාව හොඳයි. පරහකට තියෙන්නේ රණවිරුවන්ට එරෙහිව දේශීය යාන්ත්‍රණයකින් කටයුතු කරනවා කියලා ජිනීවාවලදී පොරොන්දු වුනේ බොහොම කලින් වීමත්, එහෙම කියපු අයම ලොකු හොඳම හමුදාපති හැටියට හඳුන්වපු රණවිරුවාව හිරේ දැමීමත් පොඩ්ඩක් අමතක වීමයි. සමහරවිට සිවිල් අපරාධවලට හිරේ ගිය අය ඔබ වහන්සේට රණවිරුවෝ වගේ පේනවත් ඇති... මොනවා කරන්නද? රාජ්‍ය උත්සවයක් වුණත් පක්ෂේ අමතක කරන්නත් බැහැ නොවැ, නැද්ද අවසර?
ලබන අඟහරුවාදාට යෙදෙන ඉල් පුන් පොහොය වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන ධර්මදේශනාවට සවන්දීම උදෙසා ජනාධිපතිවරයා සමඟ සහභාගිවෙන ජනාධිපති අපේක්ෂකයා කවුරු විය හැකිද? එම අවස්ථාව යොදාගෙන මැතිවරණ ප්‍රචාර කරන්නට ලැබෙන්නේ පැය 24ක කාලයක් පමණයි ඔන්න....
88-89 කාලයේ රණ විරුවන්ගේ වැඩ මතක නෑ නේද?
ස්වාමීන් වහන්ස... දේශපාලනය කරන අයට රණවිරුවෝ මතක්වෙන්නේ ඡන්දයක් ළංවෙනකොට පමණයි. ඇමෙරිකාවෙත් සිදුවෙන්නෙ ඔයටික තමා. මෙරට සෑම ලොකු නගරයකම රණවිරුවන්ට ආරෝග්‍යශාලා තිබෙනවා. ඒවායේ මකුණොත්, කැරපොත්තොත් වාසය කරනවලු...
ඔවුන් අවශ්‍ය වෙලාවට රටේ ආරක්ෂාව වෙනුවෙන් සේවයේ යෙදෙන බවට දිව්රා පොරොන්දු වී තිබෙන්නේ. රණවිරු සේවය උත්තම සේවාවක් වන්නේ ඕනවට වඩා පිළිගැනීම්, ඕනවට වඩා කළගුණ සැලකීම්, නොලබන තරමටයි. මේ රණවිරුවන් මානසිකව ඇදලා දමන්නේ අහක ඉන්න බොරු දේශ ප්‍රේමියෝයි. ඒ හොර දේශපාලුවන්ගේ අවස්ථාවාදී ඕනෑකම් වෙනුවෙන් රණවිරුවන් ඇදලා ගැනීමයි.
පහුගිය ආණ්ඩුව කාලේ ඔය කියන රණවිරුවෝ කොළඹ කාණු සුද්ද කරනකොට, උද්‍යානවල ගස් හිටවනකොට, ෂොපින් යනකොට, කුඩ අල්ලනකොට... ඔබවහන්සේ නිශ්ශබ්දව හිටපු එක ගැන හරිම කණගාටුයි.