IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘රට විවෘත කිරීමෙන් ආණ්ඩුව අපෙක්ෂා කරන්නේ මොනවාද?‘‘

(නිමල කොඩිතුවක්කු)

සංචරණ සීමා ලිහිල් කර සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවා ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශවල උපදෙස් මතදැයි වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි සමගි ජන ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹ දී අද  පැවසීය.

කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී රාජ්‍ය සේවකයන් සේවයට කැඳවා රට විවෘත කිරීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ කුමක්දැයි පැහැදිලි නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා හිතු මනාපයට කටයුතු කරමින් සිදුවන හානියේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වැටුප් විෂමතාවයන් ඇතුළු කරුණු මුල්කර ගනිමින් ගුරුවරුන් පාරට බැස ඇති බවත් කොමිසමක් පත්කර සියලුම ක්ෂේත්‍රවල වැටුප් විෂමතා නිවැරදි කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (10)

‘‘රට විවෘත කිරීමෙන් ආණ්ඩුව අපෙක්ෂා කරන්නේ මොනවාද?‘‘

Perera Monday, 02 August 2021 01:22 PM

ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරනවා ඇත්තේ කොරෝනාව තව වැඩි වෙලා එමගින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මැඩ පැවැත්වීම විය හැකිය.

:       187       11

කිරි පුතා Monday, 02 August 2021 01:30 PM

රෑන් රෑන් මහපාරවල්වල පෙළපාලි ගියා දැක්කේ නැතිව ඇති නේද ?

:       22       118

සමරේ Monday, 02 August 2021 01:48 PM

මේ කට්ටිය රට වහලා තිබෙන කොටත් බනිනවා. රට අරින්න හදනකොටත් බනිනවා. එයාර්පෝට් එක ගැනත් එහෙම තමයි. මුලින් බැන්නා වැහුවේ නෑ කියලා. ඊට පස්සේ බැන්නා වහලා නිසා රට ගිය ශ්‍රමිකයින්ට ආපහු එන්න බෑ කියලා. එක හිතක්, එක දිවක් නැති කට්ටිය. රට වහලා තියෙන කොට ආදායම් නැති අයට තිබුණු අනුකම්පාව දැන් කෝ? මොනවා කරන්නද?. විශ්වාස භංගය යෝජනා කරන්න ගිහින් ඒක අමතක වෙලා වෙන දේවල් කියවලා වාඩිවුණු මනුස්සයා සහ ඔහුගේ පක්ෂයට මොලේ අවුල් කියලා හිතනවා ඇරෙන්න...

:       114       311

Sarasi Monday, 02 August 2021 02:28 PM

ඔන්න අර අවුරුදු වලට කලින් රට ඇරියා වගේ අන්තිමට මිනිස්සුන්ටම බනින්න එපා වෙඩින් පොකුරු කියයි.

:       6       13

Sri Lanka Monday, 02 August 2021 03:42 PM

බොරදියේ මාළු බාන්න එපා.. රට ඇරියට විරුද්ධ වෙන්නේ ආර්ථිකය වට්ටලා ආණ්ඩුව ෆේල් කියලා ඊළඟපාර බලය ගන්න. කොරෝනා කියන්නේ කළින් තිබුණ සෙමට, උණට...

:       52       57

Deepal Nirosh Monday, 02 August 2021 03:52 PM

අනේ මන්ත්‍රීවරයෙක් වෙලත් සාමාන්‍ය දැනීමක තරම? සියළු රාජ්‍ය සේවකයින් ක්ෂණිකව කැඳවන්නේ පවතින ගුරු විදුහල්පති උද්ඝෝෂණ ඇතුළු ඉදිරියේ දී මතුවිය හැකි, නොහැකි සියළු කැළඹිලි, මන්දගාමී කිරීමට කියාවත් නොතේරෙන හැටි...

:       1       2

nilantha Monday, 02 August 2021 04:22 PM

උද්ඝෝෂණ, පෙළපාලි කරන්න පුළුවන් නම් ඇයි රාජ්‍ය ආයතනවල වැඩ කරන්න බැරි? ගෙදර නිකන් පින් බත් කකා ඉන්නේ නැතිව මාස්ක් එකක් හරියට දාගෙන වැඩකරපල්ලා බොරු නැතිව..

:       0       132

Bamunuarachchi Monday, 02 August 2021 05:25 PM

රට වහලා තියලා මෙය අපේක්ෂා කරන්නේ මොනවද?

:       1       12

Bamunuarachchiu Monday, 02 August 2021 05:26 PM

ගුරුවරු පාසල්වලට ගෙන්වන්න නාවොත් සේවය අතහැර ගියා සේ සලකන්න...

:       12       18

Raveendra Monday, 02 August 2021 08:12 PM

දියවන්නාව "වාචාලයන්ගේ" සංගමයේ ක්‍රියාකාරී වාචලයෙක් කියන්නේ නිකමට නොවේ.

:       10       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site