(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පාලනය කිරීම සඳහා දින දාහතරක අඛණ්ඩ දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
කවුරු කුමක් කීවත් විද්‍යාත්මක පදනම මෙය යයිද ඔහු ප්‍රකාශ කරයි.
රට රතු ඉර පනින මට්ටමට පැමිණ ඇති බවත් රජය මේ ගැන තීරණයක් ගත යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.
කොලෙස්ට්‍රෝල් බැස්සීමට මිලි ග්‍රාම් විස්සක් අවශ්‍ය නම් දහයක් ගැනීමෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි බවත් ආර්ථික ප්‍රශ්න නිසා හෝ වෙනත් ප්‍රශ්න නිසා හෝ විද්‍යාත්මක මතය වෙනස් කළ නොහැකි බවත් අර්ජුන ද සිල්වා මහතා පවසයි .
මහාචාර්ය මලික් පීරිස් මහතා මේ විෂය සම්බන්ධයෙන් සිටින ප්‍රවීණයකු බවත් ඔහු කියන දේ ගැන අප හොඳින් ඇසිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා පවසන දේ අප දන්නා නමුත්, ඇතැම් දේශපාලන භවතුන් හා ඒ අයට හෝයියා කියන අය මේවා ගැන අබමල් රේණුවක ගානට තැකීමක් නැහැ. ඒ අයගේ පවුල්වල අයට මේ වසංගතය හැදිලා දිගට හරහට මැරෙන්න ගත්තොත් නම්, ඉතිරි අයට මරණ බය දැනේවි. එසේ වෙනකම් ඒ අයට සත්‍යය වැටහෙන්නේ නැහැ. මොනවට බෙහෙත් තිබුණත්, සමහර දෙනාගේ මෝඩකමට බෙහෙත් නැහැ. අපට තියෙන දුක මේ දිනපතා අසරණ ලෙස මියයන අපේ රටේ මිනිස් ජීවිත ගැනයි.
ඔබතුමා වැරැදියි... මිලිග්‍රෑම් 10 දීලා ඉතිරි මිලිග්‍රෑම් 10 ව්‍යායාමයෙන් අඩුකරගන්න ඕනෑ. බෙහෙත්ම නොවේ විසඳුම..
බුද්ධිමත් පාලකයෙකුගේ අඩුව ... මේ රටට කවදා පුරවන්න ලැබෙයිද?
වැල යන පැත්තට මැස්ස ගැහීම උගතුන්ගේ දැක්මයි, කියන දේ වටහා නොගැනීම කණගාටුයි, නමුත් වලපල්ලට ගිහිල්ලා ගොඩ ඒම අපේ රටේ දැක්මයි, නැතුව මේවා හදන්න යාමෙන් තේරුමක් නෑ...
වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියන දේවත් අහන්නේ නැති පාලකයින් අද ඉන්නේ.. කෝ වියත් මග..? ඒකත් පාර්ලිමේන්තුවට ඒ අයට රිංගා ගන්න හදපු දේශපාලන මගක් නේද?
අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත විද්වත් වෘත්තිකයින් සහ ව්‍යාපාරකයින් රට හැරයාමට පටන් අරගෙන තියෙනවා කියලා වාර්තාවක් අද පලවී තියෙනවා දැක්කා. ඒ අනුව ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට පමණක් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ඉල්ලුම්පත් යොමුකර යුතු බවයි කියන්නේ. " හීන හැබෑ කරන ලොකු රටක් " කියනකොට ඒවගේ රටක් හොයාගෙන රට හැර යන්න සිද්ධ වෙලා වගෙයි පෙනෙන්නේ. අර 69 ලක්ෂයට ඇතුළත් වුණු වියතුන් බොහෝ පිරිසක් මේ අතරේ ඉන්නවාට සැකයක් නැතිව ඇති...
මේක හරිම ඛේදජනක තත්වයක්. මියයන මිනිසුන් නිකම්ම සංඛ්‍යාංකයක් වන්නේ තමන්ගේ කෙනෙක් මියයන තෙක් පමණයි. ඒ අහිමිවන හැම ජීවිතයක්ම වටිනා පිරිසක් ඒ වටා ඉන්නවා. සමහරවිට ඒ ජීවිත නැවත ගොඩගන්න බැරිතරම් ඛේදවාචකයකට ලක්වෙන්න පුළුවන්... පාලකයින්ට ඒවායේ වගක් නෑ. මේක මහා කරුම රටක්.
මහ බැංකු වාර්තා අනුව අප රටේ අපනයන ආදායමින් 45%ක් ඇඟලුම්. ඉතින් දින 14කට හෙවත් අඩ මසකට එම නිෂ්පාදන අත්හිටවුවහොත් රට මුහුණපාන තත්ත්වය හිතා ගත හැකියි නේද? වෛද්‍ය විද්වතුන් වගේම ආර්ථික විද්වතුන් කියන දේටත් වගකිවයුතු රජයකට ඇහුම්කන් දෙන්න සිදු වෙනවා.