IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රට බංකොලොත් කළ දේශපාලුවන්ට එරෙහිව අරගලය දිගටම

(ඩයනා උදයංගනී)

 රට බංකොලොත්භාවයට පත් කර ඇති දේශපාලනඥයින් හා ජාවාරම්කාර කණ්ඩායම් වලට එරෙහිව ගෙනයන අරගලය ඉදිරියේදී තවදුරටත් තීව්‍ර කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වත්මන් අඳුරු අගාධයෙන් මුදාගැනීම සඳහා ඉදිරි මාස කීපයේදී තවදුරටත් කැපවී කටයුතු කරන්නට අදිටන් කරගත යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමන් හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් අධිකරණය මගහැරයාමේ කිසිඳු උවමනාවක් තමාට නොමැති බවත් පාඨලී චම්පික රණවක මහතා කියයි.

 තමා සම්බන්ධව පවතින නඩු කටයුත්තෙහි ඉකුත් 11 වැනිදා නඩුවාරයෙහි තිබුණේ පැමිණිල්ලේ සාක්ෂ්‍යකරුවන්ගෙන් තම නීතිවේදීන් ප්‍රශ්ණ කිරීම නිසා එය මගහැර යෑමට කිසිදු අවශ්‍යතාවයක් තමාට නොමැති බව හෙතෙම සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව පවසන්නේ සිය මුහුණු පොතෙහි සටහනක් තබමිනි.

මෙම අනපේක්ෂිත සිදුවීම නිසා අධිකරණයේ කටයුතුවලට අපහසුතාවයක් ඇතිවීම ගැන තමන් අතිශයින් කණගාටු වන බව ද මන්ත්‍රීවරයා සිය සටහනෙහි දක්වා තිබේ.

තම අසනීප තත්වය දැන දුරකතන ඇමතුම් දුන්, සුවදුක් සොයා බැලූ, සියලු දෙනාට තම ගෞරවය පිරිනමන බවද එහි සඳහන්‍ ය.

 කොළඹ මහාධිකරණයේ ජනවාරි 11 වැනි දින සිදුවූ නඩු කටයුත්ත පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරෙම අවලාද සම්බන්ධයෙන් කනගාටු වන බවද මන්ත්‍රීවරයා පවසයි.

තම වම් අත දෙසින් ඉකුත් දා ඇති වූ වේදනාවක් ක්‍රමයෙන් කිහිලි ප්‍රදේශයට ද, වම්පස පපු ප්‍රදේශය හා උදර ප්‍රදේශයට ද පැතිර ගිය බවත් මීට මාස කීපයකට පෙර ද, මෙවැනිම තත්වයක් නිසා ප්‍රතිකාර ලබාගත් බවත් රණවක මහතා සඳහන් කර ඇත.

වෛද්‍යවරුන් තවදුරටත් තමා පරීක්ෂා කරමින් ඖෂධ ලබාදෙන බවත්, වෛද්‍ය වාර්තා රතු එළියක් දල්වා ඇති බැවින් තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

තමා කිසිවිටෙක උසාවිය මග හැර නොමැති බව කී මන්ත්‍රීවරයා පහත් මාධ්‍ය ප්‍රචාර නිසා අවංක හා යුක්තිගරුක මිනිසුන්ට අත්වන තත්වය ගැන කම්පාවට පත්වන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

හදිසි අසනීප තත්ත්වයන් ඕනෑම පුද්ගලයෙකුට ඇතිවිය හැකි බවත් ඒවා කුමන්ත්‍රණ ලෙස විස්තර කිරීම කුමන්ත්‍රණවලට හුරුපුරුදු පිරිස්වලට කළ හැකි දෙයක් නිසා ඒවායින් කම්පා නොවන බවත් මන්ත්‍රීවරයා කියයි.



අදහස් (12)

රට බංකොලොත් කළ දේශපාලුවන්ට එරෙහිව අරගලය දිගටම

Raveendra Thursday, 13 January 2022 05:26 PM

මිනිසුන් අතරේ කිසිවෙකු ඍජුවම හෝ වක්‍රකාරකව කියන්නේ නම් මම හරිම නීතිගරුක, ගුණගරුක අවංක පුද්ගලයෙක් යයි, එවන් මිනිසුන් පිලිබදව සමාජය සිය දහස් වාරයක් සිතිය යුතුය.

:       0       0

nimal Thursday, 13 January 2022 05:29 PM

කවුරු කවුරුත් රට හොඳට බංකොලොත් කරලා මිසක් දියුණු කලබව පේනවා අඩුයි.

:       0       0

siripala Thursday, 13 January 2022 05:33 PM

අවස්ථාවාදී වයිරී දේශපාලනයෙන් මිදුනොත් වේදනාවත් ක්‍රමයෙන් ගිලිහෙයි.

:       0       0

fairoos Thursday, 13 January 2022 05:38 PM

ජයවේවා සර් ව පන්නලා දාමු.

:       0       0

Cisco Thursday, 13 January 2022 05:59 PM

මෙතුමත් පසුගිය රජයන් වල වැඩි කාලයත් ඇමකිකම් දැරැව. මෙයා වගකියන්න ඕනි නැද්ද?

:       0       0

Hafeel Thursday, 13 January 2022 06:07 PM

ඕවට කලබල වෙන්න එපා. මේ වගේ ලෙඩ දියවන්නාවේ ඉන්න අයට උසාවි දවස්වලට, පොලීසියට කට උත්තර දෙන්න එන්න කිව්වොත් ඒ වගේ දවස්වලට හැදන ලෙඩ තමා. ඊළඟ දවස මේ ලෙඩ හරියනවා. ඉක්මන් සුවය ලැබේවා. අනාගත ජනාධිපති අපේක්ෂකයා නේ.

:       0       0

චන්දන Thursday, 13 January 2022 06:22 PM

දැං වකුගඩු අමාරුව හොඳයි වගේ.

:       0       0

sugath Thursday, 13 January 2022 06:57 PM

මුලින්ම තමන් තමන්ටම අවන්කවීම වැදගත් බවයි මගේ අදහස.

:       0       0

Chandima Thursday, 13 January 2022 07:57 PM

ඒ ගොල්ලොන්ට විරුද්ධව අරගල අපි කරගන්නම්.

:       0       0

Bamunuarachchi Thursday, 13 January 2022 08:35 PM

අරගල කරන්නේ කොහොමද ? අරගල කරන්න ඉස්සෙල්ලා ඔහෙට විරුද්දව තිබෙන නඩුවෙන් බේරෙන්නකෝ

:       0       0

uk ran Thursday, 13 January 2022 08:51 PM

ඔයාලා කරපුවත් මිනිස්සුන්ට තාම මතකයි.

:       0       0

Shan Friday, 14 January 2022 03:27 AM

අපේ සල්ලිවලින් සොහොන් හදලා ඒ නඩුවලින් කට්ටි පැන්න කෙනෙක් නායකයෙක් වුණු රටක මේවා ගැන මොන කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13510 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 110 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site