IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


රට පුරා සියලු රෝහල්වලට ජනපති අණින් පහසුකම්

(සුජිත් හේවාජුලිගේ)

දිවයින පුරා සියලුම රෝහල්වලට වෛද්‍යවරුන් හෙදියන් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක්  අරඹා ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය .

මේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත්තේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  උපදෙස් අනුවය

මේ අතර  කොවිඩ්  පැතිරීමේ අවදානමක්  පවතින රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් අටකට රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම  සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13)
සිදුකෙරිණ .

මෙසේ වෛද්‍ය උපකරණ පිරිනමනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ  කොලොන්න මූලික රෝහල, ඇහැලියගොඩ මූලික රෝහල, කලවාන මූලික රෝහල, කහවත්ත මූලික රෝහල, පොතුපිටිය ප්‍රාදේශීය රෝහල, මාරතැන්න ප්‍රාදේශීය රෝහල, ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල සහ   රක්වාන මූලික රෝහල යන රෝහල් සඳහාය .

රත්නපුර දිස්ත්‍රික්කයේ  රුපියල් කෝටි පන්සියයකට අධික වියදමින් සිදුකෙරෙන  රෝහල් සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  ප්‍රධානත්වයෙන් රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (13) පැවැත්විණ.

මේ රැස්වීමට  සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ,,සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සබරගමු  සභාවේ  ප්‍රධාන ලේකම් ඇතුළු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ . 



අදහස් (6)

රට පුරා සියලු රෝහල්වලට ජනපති අණින් පහසුකම්

පිටිගල මිලානෝ Wednesday, 14 July 2021 01:03 PM

පුද්ගලික ධනයෙන්ද?

:       41       122

Sri Lanka Wednesday, 14 July 2021 01:23 PM

කොරෝනාවලින් බටහිර බෙහෙත්, මැෂින් හදන් කම්පැණි කාරයින්ව ගොඩගියා. අවුරුදු මිලියන ගාණක් පැරැණි වෙදකම කරන් එයාව පිස්සන් ගාණට දැම්මා. වාසි අතට හැමෝම ... ජයවේවා..!!!

:       3       34

Hafeel Wednesday, 14 July 2021 01:27 PM

එහෙම අර මුට්ටිත් පරිත්‍යාග කරන්න කිව්වේ නැද්ද?

:       1       55

Nihal Wednesday, 14 July 2021 02:27 PM

හැමදේම ජනාධිපති අණින්. කිසිම දෙයක් කරගන්න බැරි ඇමතිවරුන් ද අපේ රටේ ඉන්නේ. ජනාධිපති විතරක් හිටියනම් ඇතිනේ.

:       0       28

udayanga Wednesday, 14 July 2021 03:12 PM

මොකද මේ හැමතැනම ජනාධිපතිගේ නම උලාගන්න දඟලන්නේ? ‘‘ගෝඨාභය රාජපක්ෂ‘‘ වෛද්‍යවරයෙක්ද?

:       0       37

දොලේවත්ත Wednesday, 14 July 2021 03:54 PM

හැමදේම ජනපති අණින් වෙනවා නම් ඔහේ පොල් ගානවාද? ඔතන යන්නකෝ ගෙදර දෙයියනේ කියලා...

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site