IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට පැන්න පාතාල නායකයන් 10 ක් අල්ලන්න ලෝක පොලිස් සහාය

(*** සුජිත් හේවාජුලිගේ)

විදේශයන්හි සිට අපරාධ මෙහෙයවන නමගිය අපරාධකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් (INTERPOL) රතු නිවේදන ලබාගෙන ඇතැයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.

මින් වැඩි පිරිසක් මෙරට ප්‍රසිද්ධ පාතාල කල්ලිවල නායකයන් බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේය.

ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන ලබාගෙන සිටින මෙම අපරාධකරුවෝ සියලු දෙනා මෙරටදී මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් හා ස්ත්‍රී දූෂණ යනාදී විවිධ අපරාධ සිදු කර නීතියෙන් බේරීම සඳහා විදේශයන්ට පලාගොස් සිටින අය වෙති.

මේ අපරාධකරුවන් මෙරටට රැගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ජයකොඩි මහතා කීය.
මේ අතර බස්නාහිර පළාතේ පසුගිය කාලයේදී ප්‍රධාන පෙළේ අපරාධ කණ්ඩායම් එකොළහක් ක්‍රියාත්මක වූ බව කී ප්‍රියන්ත ජයකොඩි මහතා මින් කල්ලි හයක්ම විවිධ හේතු මත මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බව ද ප්‍රකාශ කළේය.
අනෙක් කල්ලි පහ කුඩා කුඩා සිද්ධි ඇති කරමින් ක්‍රියාත්මක වෙමින් සිටින බව ද ඔහු පැවැසීය.

අධිකරණයෙන් දඬුවම් ලැබූ නමගිය අපරාධකරුවන් සේම අධිකරණයෙන් වරදකරුවන් නොවුණු අපරාධකරුවන් පිරිසක් ද සමාජයේ ක්‍රියාකාරීව සිටින බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සියලු අපරාධ කල්ලි සතුව පවතින අවි ආයුධ නිරායුධ කිරීම කඩිනම් අවශ්‍යතාවක් බව ද කීය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව ද ඔහු පැවැසීය.

සියලු පාතාල කල්ලිවල පදනම මත්ද්‍රව්‍ය යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (6)

රට පැන්න පාතාල නායකයන් 10 ක් අල්ලන්න ලෝක පොලිස් සහාය

de silva berlin Wednesday, 24 June 2020 06:11 AM

හොඳම වැඩේ අර මොසෑඩ් එක කරන විදිහට රහස් කණ්ඩායමක් යොදවලා අපරාධකාරයින්ව එම රටවල් වලදීම වෙඩි තබා ඝාතනය කරන එක... නැතිනම් ඒ අය මෙහෙ ඉඳන් කුඩු බිස්නස්, ඝාතන සංවිධානය කරාවි.

:       0       216

Kamal Koyrala Wednesday, 24 June 2020 06:56 AM

ඔය මුකුත් නැහැ මරණ දඬුවම වහාම ක්‍රියාත්මක කළා නම්.., මේ අයව හිරේ දාගෙන මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයි? රජයටත් මුදල් නැතිකොට...

:       0       155

kolitha bamunu aracchi Wednesday, 24 June 2020 07:00 AM

මේ ගෙනයන්නේ නාට්‍යයක්... ළඟදීම ජනපති සමාව ලබාගෙන එළියට එන මහා පරිමාණ මුදලාලිට ඒකාධිකාරයක් හදලා දෙන්න. වෙලේ සුදා, මධූෂ්, රහීම් නලව නලවා ඉන්න ටික වෙනකම්...

:       490       54

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 24 June 2020 07:24 AM

ඉතාමත් සතුටට කාරණයක්..!!! මන්දයත්.. මේ අපරාධවල හා අපරාධකරුවන්ගෙන් සාමකාමී මනුෂ්‍ය සමාජයට වෙන හිරිහැර කරදරවලට නිමාවක් ලැබෙන නිසාවෙනි. අපගේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුළු මේ සඳහා කැපවන සියලු නිලධාරීන් හට ජාතියේ ප්‍රශංසාව...!!! පෙර බොහෝ අවස්ථාවලදී අපද, මේ තීරණය ක්‍රියාත්මක කරනා ලෙස නොයෙකුත් ආකාරයෙන් බලපෑම් කළෙමු. එහිදී පොලීසියේ හිත් රිදුනේ නම්, ඒ වෙනුවෙන් අපගේ කණගාටුව..!!! අපද වෙහෙසෙනුයේ, රටෙහි යහපත වෙනුවෙන්ම බැවින්, මේ ඉන්ටර්පෝල් එක මගින් මොවුන් ඇල්ලීම ගැන කරුණු දැක්වූයෙමු. මේ වෙනුවෙන් කැපවන ඔබ සියලු නිලධාරීන්ටත්, රජයටත්, අභීත සෙන්පතියෙකු සේ අප පෙළගස්වන අගනා "ලංකාදීප" පුවත්පතටත් ජාතියේ ප්‍රණාමය ...!!!

:       40       107

Banda Thursday, 25 June 2020 10:33 AM

මධුෂ්, කන්ජිපානියා එල්ලයි කියලා හිතුවා. අර්ජුන් මහේන්ද්‍රන් කුදලාගන එයි කියලා හිතුවා. කතාවෙන් පෙන්වන ප්‍රගතිය මිනිස්සු මනින්නේ නෑ දැන්. කළොත් නම් ඡන්ද දෙයි. නැත්නම් නෑ...

:       0       0

de silva Wednesday, 24 June 2020 02:07 PM

ඕක බොරුවක්.. මෙහෙ ගෙනාවත් ඔවුන් හිරේ ඉඳන් නිලධාරියොත් එක්ක සෙට් වෙලා අපරාධ තොග වශයෙන් කරන්න පටන් ගනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 384 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site