IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුවද ?

(ඩයනා උදයංගනී)

වර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුව බව පෙනෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) පැවසීය.

අතීතයේ දුප්පත් දුබල අයට එක නීතියක් ධනය බලය ඇති අයට තව නීතියක් යනුවෙන් මතයක් තිබුණත් වර්තමානයේ පොත්තේ පාට අනුව සරත් වීරසේකරලාගේ නීතිය වෙනස් වෙමින් ඇතැයි ද දිසානායක මහතා සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවල වෙඬරු පිඩක් සේ උණුවෙන හදවත් තවත් අවස්ථාවල කළුගලක් සේ දැඩි වන බවත් එය තීරණය කරන්නේ පොතේතේ පාට බවත් ජවිපෙ නායකයා කීවේය.

ඔහු ‍මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව වෙනුවෙන් සාධාරණ උද්ඝෝෂණයක නිරත වූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් ආණ්ඩුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති නිසා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට එම වෘත්තීය සමිතිවලට සාධාරණ අයිතියක් තිබෙන බවද ඔහු පැවසීය.

ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි තම පක්ෂය නියෝජනය කරන ප්‍රබල වෘත්තීය සමිතියක් සිටියත් එය පක්ෂය ගත් තීරණයක් නොව වෘත්තීය සමිති එකමුතුවේ තිරණයක් බව ද අනුර දිසානායක මහතා කීවේය.

කොරෝනා තත්වය උපයෝගී කරගෙන ජනතාව මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින ඇමතිවරයා සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් සිටින බව ද ඔහු පැවසීය.

 



අදහස් (12)

රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුවද ?

Nihal Tuesday, 13 July 2021 08:18 PM

ලංකාවේ ඉන්නේ කලු ජාතිකයෝ... සුද්දෝ නැහැ... ඒකනේ කලු සුදු භේද නිසා යූකේ වල ආසියා ජාතිකයින් පහත්කර සලකන්නේ...

:       12       231

වර්ණකුලසූරිය Tuesday, 13 July 2021 10:33 PM

මිත්‍රයා, මේ කියන්නේ යුකේවල සුද්දෝ ගැන නොවේ. අරාබියෙන් හම්බන්තොටට පැමිණි හම්බයන්ට මිශ්‍ර වුන සහ උඩරට කුමාරිහාමිනේලාට සුද්දන්ගෙන් මිශ්‍ර වුන මුතුඇටයේ ඉන්න ශ්‍රීලාංකික කළු සුද්දෝ ගැන.

:       0       0

Sameera De Mel Tuesday, 13 July 2021 11:40 PM

කරුණාකර මොවුන්ගේ වත්කම් එළියට දාන්න. මොවුන් රටට පිළිකාවක්..! රටක් දියුණු කරන්න බැහැ මේ වගේ වෙන රටවල් වෙනුවෙන් වැඩකරන දේශපාලන පක්ෂ තියාගෙන... මොවුන් කරන්නේ ලාභ ලබන ව්‍යාපාර. බලන්න එ්ක ජාත්‍යන්තර පාසලක් හෝ උපකාරක පන්තියක් වහලාද කියලා..! කරුණාකරලා මොවුන්ගේ ව්‍යාපාරවලට මාධ්‍යයේ ප්‍රචාරය දෙන්න එපා...

:       0       54

දිලාන් Wednesday, 14 July 2021 12:37 AM

වඳින්නම්, ඔබතුමා මේ රට ගිනිතියන වැඩේට මැදිහත්වෙලා අර අසහාය හමුදාපති තුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා උසිගන්වලා කරපු දේ මේ ගුරුවරුන්ටත් කරන්න එපා. මේ ප්‍රශ්නයට කුහක දේශපාලනය ගාවාගන්න එපා...

:       0       0

Sri Lanka Wednesday, 14 July 2021 01:30 AM

සුද්දගේ නීතිය එදා විදිහටම තමයි අදත් ක්‍රියාත්මක වෙන්නේ...

:       69       0

nil Wednesday, 14 July 2021 07:57 AM

පොත්තේ පාට, ගැහැණු පිරිමි බව අනුව නීති වෙනස් කරන්න ගියොත් රටක් ඉවරයි...

:       0       2

යාපා Wednesday, 14 July 2021 08:20 AM

අනේ පව් නේද? එදා හාමුව රකින්න හාමුගේ අගමැති පුටුව රකින්න උසාවි දිව්වේත් පොත්තේ පාට බලලාද?

:       23       85

මුණසිංහ Wednesday, 14 July 2021 01:27 PM

හරියට හරි... අද රනිල් හිටියා නම් මෙයාලා සද්ද නෑ. ජවිපෙ විනාශ කරපු රනිල් පස්සේම දුවන්නේ රනිල් මෙයාලට ඉනා බේතක් දීලාද කොහේද?

:       2       1

සමන් Wednesday, 14 July 2021 09:00 AM

මෙයාගේ දේශපාලනේ කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කරලා. ජවිපෙ කලේ හැමදාම බාගන්න පුළුවන් අය බාගෙන හර්තාල් කරන එක. මුළු ලෝකෙම ප්‍රශ්නයකින් ඉන්නකොට මේ මනුස්සයා එ්කෙන් සුරුට්ටු පත්තු කරනවා තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන්. කොතලාවල පනතේ අකමැති දේ තියෙනවා නම් පාර්ලිමේන්තුවේ කතා කරන්න.. ඒවා එතන විසඳාගන්න. සයිටම් එකත් වහලා ළමයින්ගේ අධ්‍යාපන අයිතියක් නැතිකරලා එනවා මෙතන 'නිදහස් අධ්‍යාපනය" කියලා මිනිස්සු අවුස්සන්න.. මේ මනුස්සයගේ පුතා ඉගෙනගත්තේ පුද්ගලික විශ්වවිද්‍යාලයක. තමන්ගේ පැවැත්ම විතරයි බලන්නේ...

:       48       64

සෙනෙවිරත්න Wednesday, 14 July 2021 12:16 PM

සයිටම් එක වැහැව්වේ ජවිපේ විතරයිද? තමුන්නැහේලාගේ කාබනික පොහොර හදන පාදෙනිය උන්නැහේත් ඒකට එරෙහි වුණා නේද? රජයට පුළුවන් නේද එක එක්කෙනාට බොරදියේ මාලු නොබාන්න ක⁣ටයුතු කරන්න. එහෙම නොහැකි ඇයි? පවුලේ අය ඉන්නේ හැම තනතුරකම, තුනෙන් දෙක, විසිවන සංශෝධනයෙන් ලද අසීමිත බලතල, වියත්මග වැනි උගතුන්, එහෙම එකේ 3%ක් වැනි සුලු බලයක් ඇති අයෙකුට අධ්‍යාපන විනාශ කළ හැකි බව ඔබ කියන්නේ කෙසේද?

:       42       0

Bamunuarachchi Wednesday, 14 July 2021 11:25 AM

අපට තිබෙන්නේ ජෙප්පන්ද නැද්ද කියන එකයි. වෙනසට සැලකිල්ල අර විදිහටම තමයි...

:       11       3

Deepal Nirosh Wednesday, 14 July 2021 11:33 AM

පොත්තේ පාට අනුව ක්‍රියාත්මක වුනේ 1948 ට කලින්, දැන් නීතිය ක්‍රියාත්මක වන්නේ උපන් දිනයට අනුව...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site