(නිමල කොඩිතුවක්කු)
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ආන්ඩුවේ අත්තනෝමතික තීරණවල ප්‍රතිඵල ඉදිරි මාස කිහිපයේ රටේ ජනතාවට භුක්ති විඳීමට සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
"ඉදිරි මාස කිහිපය තුළ රටේ ආර්ථිකය ඉතාම අවදානම් තත්ත්වයට මේ රජය පත් කරමින් තිබෙනවා. මේ ප්‍රශ්න ජනතාව පිට දමලා ජනතාව කබලෙන් ලිපට වට්ටන්න නැතිව ඒ සදහා අවශ්‍ය තීරණ ගතයුතුයි කියලා අපි රජයට ඉතා වගකීමෙන් කියනවා.
අද කොච්චර බරෑරුම් තත්ත්වයක ද රට තිබෙන්නේ කියලා උදාහරණ සහිත අපි පෙන්නන්න කැමතියි. ඉන්ධන මිල ගැන කතා කරත් ගම්මන්පිල ඇමතිවරයා කියනවා ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා කියලා. නමුත් අද වනවිට දැනගන්නා ලැබෙනවා කැබිනට් එකේ මේ ගැන සාකච්ඡා කළෙත් නැහැ කියලා. එහි සාකච්ඡා කරන දේවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පෙන්වනවා. එහිදී ගිය සතියෙ තිබුණු රැස්වීමේදී ඇමතිවරු පවා කිව්වා තෙල් මිල ගැන කතා කරේ නැහැ කියලා. අපිට ආරංචි කැබිනට් අනුකමිටුවේ කතා කරලා තියෙන බව. නමුත් කැබිනට් එකේ කතා කර නැහැ.
තෙල් මිල ඉහල දැම්මේ නැත්නම් බැංකු පද්දතිය කඩා වැටෙන බව මහ බැංකුවෙන් කිව්වා කියලා ගම්මන්පිල කියනවා. එසේ වුනොත් ආර්ථිකය කඩා වැටෙනවා එහිදී මෙ වසංගතයක් මැද්දේ විශාල ව්‍යයසනයක් වෙනවා. එම නිසා තෙල් මිල වැඩිකර යුතුයි කියනවා.
COMMENTS
අවුලා රටක දැවෙනා ගිණි කටින් මැත වවුලා සරයි නුහු ගුණ බෙදමින් දසත අවුලා බුදින මහ උන් කෑ පිළුණු බත කෙවුලා ගුණේ නැත, මල සුවඳ නැත
කෙවුලා ගුණේ නැත, ලබු මල සුවඳ නැත
රටේ ආර්ථිකය පිළිබඳව අද සිදුකරන බොහෝ සාකච්ඡාවල පෙනී යන කාරණය වන්නේ සමහරුන් තවමත් සිරවී සිටින්නේ එක්කෝ 1970 රාජ්‍යවාදය මත බවයි. නැත්නම් 1977 වෙළඳ පොළ වාදය මත බවයි...
දැන් ඕගොල්ලන්ට දුන්නොත් මාසෙකින් රටේ ආරතිකය ගොඩ දාන්න පුලුවන්ද? ඔය ආර්ථික ඔස්තාර්ලා 2015 ආණ්ඩුව අරන් අවරුදු 5 කරලා 6.5 තිබුන ආරථික වර්දනට 1.5 බස්සලා තවත් ට්‍රිලියන 7 රට නය කරලා නේද දන ඔය කතා කරන්නේ.