IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රටවිරුවන්ට කටුනායක දී පී.සී.ආර්. රජයේ වියදමින්

(තිළිණි ද සිල්වා)

මැදපෙරදිග රටවල රැකියා වල නියුතුව  මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සඳහා වැයවන මුදල ගෙවීමට රජය තීරණය කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මාස 3ක කාලයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්  සදහා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සීටි.

ඒ අනුව අදාළ පරීක්ෂණය සදහා වැයවෙන මුදල විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබාදීමට තීරණය කර ඇතැයිද  කම්කරු අමාත්‍යවරයා සදන් කළේය.

කටුනායක 18 කනුව ප්‍රදේශයේ  පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ දී  අද (25)  සිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා පී.සී.ආර් පරීක්ෂණ  පැවැත්වීම ආරම්භ කෙරෙන බව  ගුවන්තොටුපල හා ගුවන් සේවා   සමාගම පවසයි. මෙම පරීක්ෂණාගාරයෙන් සිදු කෙරෙන  පී.සී.ආර් පරීක්ෂණ සදහ ඩොලර් 40 ක මුදලක් අය විසින් අය කරනු ලැබේ .

පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින්  දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක්  මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතව ඇති අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ  පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම සිදුකෙරේ. 

ඒ අනුව ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව සෘණාත්මක වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට සහ  ලාංකිකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන හා සිය නිවෙස් කරා යාමට ගුවන්තොටුපල හා ගුවන් සේවා   සමාගම ඉඩ සලසා ඇත



අදහස් (4)

රටවිරුවන්ට කටුනායක දී පී.සී.ආර්. රජයේ වියදමින්

J.m.dilsar Friday, 24 September 2021 02:56 PM

සතුටුදායක ආරංචියක් ඒ සම්බන්දව කකටයුතු කල අතිගරු ජනාධිපති තුමා ඇතුළු සියලුම දෙනාටම ස්තුතිය බොහෝම පින්

:       0       2

කිිරිපුතා Friday, 24 September 2021 03:13 PM

මෙම පී.සී.ආර්... සඳහා වි.සේ.නි.කා. මුදල් ගෙවනු ලබන්නේ එහි ලියාපදිංචි වූ සහ ලියාපදිංචිය කල් ඉකුත් නොවූ අය සඳහා පමණක්ම වනු ඇතැයි තරයේ විශ්වාස කරමි...

:       0       3

Mangala Friday, 24 September 2021 05:11 PM

මේ තවත් එක ගසා කැමක් සහ සංචාරකයින් නොඒමට පාර කැපීමක් පමණමයි. බටහිර වෛද්‍යතුමාලාගේ බටහිර ගුරුවරු හෝ හාම්පුත්තුත් නොකරන මේ PCR කිරීමේ වාසිය කාටද? එන්නත් දෙකම අරගෙන තියෙනවා නම් PCR අවශ්‍ය නැත...

:       1       2

de silva Saturday, 25 September 2021 02:09 PM

ඩොලර් 40 යනු රුපියල් 8500ක් පමණ මුදලකි. ලංකාවේ අනුමත පී.සී.ආර්. මිල රුපියල් 6500කි.. මේ රුපියල් 2000 යන්නේ කාගේ සාක්කුවටද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site