(හසිත රංග ගුණතිලක)
මද්‍රසා පාසල් අහෝසි කර කාති උසාවි වෙනුවට රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයෙකුට එළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමියෝ රාජගිරියේදී අද (15) පැවැසූහ.
ඉස්ලාම් මූලධර්මවාදීන්ට යටත් වී ඇති වත්මන් ආණ්ඩුව එළඹෙන ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම ගෙදර යවන බවද උන්වහන්සේ කීහ.
රාජගිරියේ පිහිටි සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවකදී රතන හිමියෝ මේ බව සඳහන් කළේය.
මේ ආණ්ඩුව දිය හැකි හොඳම දඬුවම නම් එළඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පරාජය කිරීමයි යැයි රතන හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
COMMENTS
මේ මොනවද කියවන්නේ? කොහොමද ජනාධිපති තරගෙන් ආණ්ඩුව ගෙදර යවන්නේ? මෙයාට ඡන්ද 500ක් විතරවත් තියනවද? රා බී මත් වුණු මීය වාගේ මේ දඟලන්නේ... දැන් එල්ලෙන්න වැල් නැතුව පණ බයේ ඉන්නේ...
පොදු නීතිය කියන්නේ ඔබවහන්සේලා කියන කියන ආකාරයට කටයුතු කිරීමද?
වාසි පැත්තට හෝයියා කියන මුස්ලිම් දේශපාලකයෝගෙයි, ඔබෙයි කිසිම වෙනසක් පේන්න නැහැ හාමුදුරුවනේ..!!!
මෙයා තමයි ජාතික ලැයිස්තුවෙන් රනිල්ට පින් සිද්ද වෙන්න ඇමැති කෙනෙක් වෙලා... දැන් පෙන්ෂනුත් තියනවා. මසකට ලක්ෂයයි.
දැන් ඊට ඉස්සෙල්ල හදපු පොදු නිතිය එළියට දාන්න කියන්නකෝ හාමුදුරුවනේ.
අවසරයි අපේ හාමුදුරුවනේ! ඔබ වහන්සේගේ අදහස නම් කාලෝචිතයි
අපේක්ෂකයින් ඡන්දෙදි කියන දේ කොරනවද හාමුදුරුවනේ? නොකලොත් ජනාධිපතිකම නැති වෙනවද? දැන් ඉන්න කට්ටිය හරියට කියපු දේ කලාද?
ජනාධිපතිවරණයකින් ආණ්ඩුවක් පරද්දන්න පුලුවන් කියලා ඇහුවමයි.
එහෙම කෙනෙක් ඉන්නේ එක්කෙනයි හාමුදුරුවනේ, ඒ තමයි නාගානන්ද කොඩිතුවක්කු. හැකි නම් ඔහුට සහාය දෙන්න.
රටේ නීතිය ස්ථාපිත කර ජනතා පරමාධිත්වය ඇතිකිරීමට සමත් වැඩ පිළිවෙලක් රටට ඉදිරිපත් කර ඇත්තේ නාගානන්ද කොඩිතුවක්කු මහතා පමණි. කරුණාකර ඔබ වහන්සේ ඔහුට සහාය දක්වන්න.
රටේ පොදු නීතියක් ගේනවා කියල විකල්ප අපේක්ෂකයෙක් නම් කියනවා. එයා දිනුවොත් ඒක අනිවාර්යයෙන් වෙයි. අනිත් අය නම් දැන් එහෙම එකක් කිව්වත් ඡන්දෙන් පස්සේ අදාළ පක්ෂ එක්‌ක ගිවිසුම් ගහගෙන අපිට කොකා පෙන්නයි. දැන් අවුරුදු ගානකට වෙච්ච දේවල් අපි දැක්කනේ.
මෙයා පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන එක එකාට කඩේයනවා. ෂරියා විශ්ව විද්‍යාල හැදෙව්වේ කවුද? කාගේ කාලේද මේවට අනුමැතිය දුන්නේ? මෙයා හැමදේම පටලවාගෙන.දැන් පුවත් මවන කණ්ඩායමක් වෙලා.
ලොකු චන්ද පදනමක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ.. .ගිය පාරත් රටටම විනාශයක් කලා..ගිහියෝ ගිහියෝ විදිහට පැවිද්දෝ පැවිද්දෝ හැටියට තම තමන්ගේ කාර්යභාරය කලොත් හොඳයි.
මද්‍රාසා පාසල් අහෝසි කර කාති උසාවි වෙනුවට රටම පොදු නීතියකට යටත් කරන්න පුළුවන් ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකුට මම සහය දෙනවා .
පොට්ටුවට සහය දක්වනවා කියල කෙලින්ම කිව්වනම් හරිනේ
පොහොට්ටුවේ කොන්ත්‍රාත් කරන එක හරිම කැතයි නේද හාමුදුරුවනේ...? ඔබ හරි නම් නාගානන්ද වැනි පුද්ගලයකු සමග සිටගත යුතුයි. පොහොට්ටුවට සහාය දැක්වීමෙන් ඔබ අපටත් කොකා පෙන්වීමට යන බව පෙනේ.
කවුරු කිව්වත් රටටම පොදු නීති පද්ධතියක් ඕන තමා. එක එක ජන කොටස් වලට එක එක නීති තියෙන්න බැහැ. එහෙමනම් සිංහලයන්ට පුරාණ දෙතිස් වධ ඇතුළු රාජ නීතියත් ඕන වෙයි. බැහැයි කියන්න බැහැ .මේ රටේ තියෙන නීතිය තිබ්බම ඇති. නැත්නම් වෙන මොකක් හරි එකක් තෝරාගන්න. කවුරු කිව්වත් කියන්නේ ඇත්ත.
නීති තියෙන්න ඕනෑ "එ්කයි" එ්කේ ප්‍රශ්නයක් නැහැ. නමුත් හාමුදුරුවන්ටත් පල්ලියේ ස්වාමිටත්, කෝවිලේ සාමිටත්, මුස්ලිම් මව්ලවිතුමාටත් ඔක්කෝටම ඒ නීතිය බල පැවැත්විය යුතුයි. අපේ රටේ සමහර අවස්ථාවලදී කියනවා ' සංඝාධිකරණය' කියලා දෙයක්. ඒවා බැහැ. සියලුම ආගම්වලටත් මේ රටේ සිවිල් නීතිය එලෙසම බලපැවැත්විය යුතුයි. හාමුදුරුවෝ කියලා බැහැ. වැරදි කළොත් කුඩුවේ. පල්ලියේ ස්වාමිත් එහෙමයි. මව්ලවිතුමත් වැරදි කළොත් කුඩුවේ. බලන්නකෝ යූටියුබ් එකේ හාමුදුරුවරුන් කියන දේවල්.
මේ හිමිනම කරන්නේ එජාපෙ කොන්තරාත්තුවක් දැයි සැකයක් උපදී. මේ කොන්දේසි මත මේ හිමිනමගේ සහාය ලබා ගැනීමේදී සහාය ලබා ගන්නා පක්ෂයට සුළු ජන ඡන්ද පැහැදිළිව අහිමි වේ. රතන හිමි වටා ඉන්නේ එජාප පිරිස් බැවින් ඔහුගේ සහය විරුද්ධ පක්ෂයට ලබා ගැනීම විහින්වල කපා ගැනීමකි..