IMG-LOGO

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා


රටින් එන අය ගෙදරම නිරෝධායනයට

(සුජිත් හේවාජූලිගේ)

කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයගේ තීරණය නබල 15 වැනි දා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි කෝවිඩි -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ  ප්‍රධානි යුද හමුදාපති ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්  පරික්ෂණයකට යොමු කිරීමෙන් පසුව නිදහස් කිරීම සඳහා තමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව ද යුද හමුදාපති  කීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවහා සකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තිරණයක් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එහිදී තමාට දැනුම් දුන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (22)

රටින් එන අය ගෙදරම නිරෝධායනයට

Raveendra Saturday, 13 March 2021 01:28 AM

ඔව් නේද ? එහෙම වෙන්නත් එපැයි

:       0       0

Deepal Saudi Arabia Saturday, 13 March 2021 05:02 AM

හොඳ තීරණයක්..

:       3       7

NMSaturday, 13 March 2021 02:35 PM

එන්නත් ලබා ලංකාවට පැමිණෙන සියලුදෙනා නිරෝධායනය කරන්නේ නම් එම නීතිය ලංකාවේ එන්නත ලබාගන්නාවූ ලාංකිකයන් සියලු දෙනාහටද කළයුතුවේ. කෝවිඩ් -19 එන්නත් විදේශ රටවලදී ලබාගෙන එය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන Covid vaccine passports හෝ එන්නත් දෙකම ලබා සති දෙකකට පසුව ලංකාවට පැමිණෙන සියලු දෙනාහට යලිත් නිරෝධායනය කිරීමට අවශ්‍ය නොවන බව රජය තහවුරු කළයුතු වේ. එම නිසා රටින් එන අය ගෙදරම නිරෝධායනය පිළිබඳව තීරණය රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු බලධාරීන් වගකීම් සහිතව යථාර්ථය තේරුම් ගෙන careful analysis වලින් පසුව ගතයුතු නිවැරදි තීරණයකි. එසේ නමැතිව කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනයට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය එතරම් ප්‍රායෝගික නොවන එන්නත් ලබා ලංකාවට පැමිණෙන සියලුදෙනා අපහසුතාවයට පත්කරවන අනවශ්‍ය තීරණයක් වනු ඇත.

:       13       8

සිරිබිරි Saturday, 13 March 2021 05:15 AM

ඡන්දෙට වියදම් කරපු සල්ලි... අරයා හම්බු කරගෙන ඉවර ඇති එහෙනම්...

:       6       30

Bamunuarachchi Saturday, 13 March 2021 05:20 AM

ඒ නිරෝධායනය දැන්මම ක්‍රියාත්මක කරන්න. අපිට හෝටල් කාරයින් පොහොසත් කිරීමට කිසිම වුවමනාවක් නැත.

:       2       30

නිලන්ත Saturday, 13 March 2021 05:26 AM

නාමල් ඩුබායි ගහින් එනකොට ගෙදර යන්න යන්න නම් පුළුවන්.

:       3       32

vikum Saturday, 13 March 2021 05:50 AM

ඔබතුමාටත් මගේ යම් කැමැත්තක් තිබ්බා... එ්කත් අදින් අවසන් වුණා.. ඔබතුමා හිතනවද රටවල්වල ඉන්න ලාංකීය මිනිස්සුන්ට එන්නත ලැබෙනවද කියලා... මේ එන්නත ඉස්සරවෙලාම පිට රටවල් වලත් දෙන්න ප්‍රමුඛතා ලැයිස්තුවක් තියෙනවා. අනික අපිට වෙනත් රටවල් වලින් ඇවිත් වැඩ කරන මිනිස්සු.. එ්ක නිසා අපි ඒ ලැයිස්තුවේ ඇතුළත් වෙලා නැහැ දැනට, මොකද මේ රටවල් වලත් තමන්ගේ රටේ පුරවැසියාට මුල් තැන දෙන නිසා, ඔයාලාට තේරෙන්නේ නෑ. ප්‍රශ්නය තියෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා..

:       10       19

ruwanSunday, 14 March 2021 05:48 AM

ඔබතුමා මොන රටේ ඉන්නවද දන්නේ නම් නැහැ. එහෙම ප්‍රමුඛතා ලැයිස්තුවක් මේහෙ නම් නැහැ. ලියාපදිංවි වී ඇති ආකාරයට එන්නත් දෙනවා. අපිටත් දුන්නේ එහෙමයි..

:       0       0

BamunuarachchiMonday, 15 March 2021 02:50 AM

ඔබේ කැමැත්තෙන් එතුමාට සතෙක වැඩක්නැත . අපේ කැමැත්තෙන් එතුමාට වෙච්ච දෙයක් නැත. එතුමා තම තනි කැමැත්ත යොදවා කරපු දේවලින් රටට ජයග්‍රණයක් හිමිව ඇත. යුද සේනාක මෙහෙය වීම තනි කැමැත්තට කලාට දැන් මේ කරන රාජකාරිය තම තනි කැමැත්ත යොදවා කරන්න පුළුවන් රාජකාරියක් නොවන බව සිත තබා ගත යුතුයිි.

:       0       0

suga Saturday, 13 March 2021 05:57 AM

දැනට ඇති තොරතුරු අනුව එන්නත් කිරීම හෝ නොකිරීම රෝගය පැතිරීම සැලකිය යුතු ලෙස වෙනස් නොකරයි. ඔබතුමා කළ යුත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මව්බිමට පැමිණෙන විට ඔවුන් තමන්ගේ නිවෙස්වල හෝ තම අතැති මුදලට සරිලන තමන් කැමති හෝටලයක දින 7ක් පමණක් නිරෝධායනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම...

:       4       21

duminda Saturday, 13 March 2021 06:28 AM

හෝටල් කාරයෝ ටික ඇති කිව්වද?

:       2       34

SARATH Saturday, 13 March 2021 08:41 AM

නිකන් අපිව ගොනාට අන්දනවා. මම නම් තවම ලංකාවට එන්නේ නැත්තේ .. අර හැත්ත බුරුත්තටම අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික පූජා කරන්න කැමැති නැති හින්දා...

:       2       46

pathirana Saturday, 13 March 2021 08:41 AM

අනේ සර් ඉක්මණට ඔය තීරණේ අරගන්න. මුලු ලෝකෙම විශ්වාස තියපු ප්‍රතිශක්තීකරණය අපිට විතරක් නරක් වෙන්න බැහැනේ.

:       2       23

Dilshan Saturday, 13 March 2021 11:04 AM

එක අතකට ලක්ශ ගණන් ගෙවලා හෝටල් වල නිරෝධායනය කරන එක හරි. අපේ මිනිස්සු විනයක් ඇතුව ගෙවල්වල හිටියොත් ලොකු දෙයක්.. දවස් 14ක් නිරෝධායනය කරනවා කියලා. ඕකෙනුත් ලෙඩේ වැඩිවෙනවා මිසක් අඩු නම් වෙන්නේ නෑ.

:       139       4

Janaka Saturday, 13 March 2021 11:56 AM

අනේ සිල්වා මහත්තයෝ කොහොමහරි ඉක්මනට ගෙදර නිරෝධායනයට ඉඩ දෙන්න. මොකද කියනවා නම් නාමල් ඇමතිතුමා පසුගිය 8 වෙනිදා ඩුබායි ගියා. එතුමා ආපසු ලංකාවට එන්න කලින් ඔය තහනම ඉවත් කරලා තිබුනේ නැත්නම් එතුමාටත් වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගිහින් නිකරුනේ දින 14ක් නාස්ති කරගන්න සහ රුපියල් ලක්ෂ 4ක් 5ක් හෝටලයකට පූජා කරන්න. ඒක නිසා නාමල් ඇමතිතුමා ලංකාවට ඇවිත් දින 14ක් එතුමාගේ නිවසේ නිරෝධායනය වුණාට පස්සේ ඕනෙනම් නැවත තම තමුන්ගේ නිවාස වල නිරෝධායනය තහනම් කරලා දාන්න. එතකොට අපි ලංකාවට එනකොට අපිට පුළුවන් දින 14ක්ම හොඳට තරු පෙනෙන හෝටලයකට වෙලා හොඳට නිරෝධායනය වෙලා අපිට ඉතින් ලංකාවට ඇවිත් ඉක්මනින් කරගන්න කියලා කිසිම වැඩකුත් නැති එකේ දින 14ක් කාමරය ඇතුළටම වෙලා ඉඳලා හෝටලය ඉල්ලන ගානක් ගෙවලා නැවත එන්න පුළුවන්... අපිට සල්ලි ප්‍රශ්නත් නැහැ. මොකද අපි හැමෝම ලංකාවට එන්න කලින් මෙහෙ තියෙන ගස්වලින් බෑග් පිරෙන්න සල්ලි කඩාගෙන එන්නේ.

:       5       37

bandaSaturday, 13 March 2021 02:02 PM

ඩුබායි ගියේ " එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය" සඳහාලු. ක්‍රීඩා බාර කෙනෙක් බඩු විකුණන්න යනවා දැක්කාමයි.

:       2       26

මහේෂ් Saturday, 13 March 2021 12:12 PM

කට විතරයි.., කරපූ කෙන්ගෙඩියක් නැහැ. නිකන් සීනී ගොට්ටට කඩේ යන්නේ නැතුව ඉන්න.

:       3       43

C.K.Lankaputhra Saturday, 13 March 2021 01:01 PM

හරියටම හරි මල්ලී, ඔයා හරියටම හරි...

:       3       14

බද්රානි Saturday, 13 March 2021 04:47 PM

ඇත්තම කියනවා නම් මට නම් පුදුම සතුටක් තියෙන්නේ ඔය විදේශගත ශ්‍රමිකයින්ව හෝටල් නිරෝධානය කිරීම සම්බන්ධව. පහුගිය කාලේ උඩ පැනගෙන අතින් වියදම් කරගෙන චන්දෙ දාන්න ආපු සල්ලි ටික ඉතුරු කර ගත්තා නම් අද ඉන්න රටකට වෙලා කාල බීලා හරි ඉන්නවා. එහෙම නැත්නම් මෙතන නාහෙන් නාඩා හෝටල් බිලවත් ගෙවා ගන්න තිබුනා. මම නම් කියන්නේ ඔය නිරෝධායන කාලය මාස තුනක් වත් දිගු කොට ඔවුන්ගේ සල්ලි සුරාගෙන නැවත පිටරටවලටම ආපසු දැක්කිය යුතුයි. පිටරටවල පාලකයින්ට පින්සිද්ධ වෙන්න ඒ රටවලින් බඩ කට පුරෝගෙන ලංකාවේ පහරන්න එන රටවිරුවන් යයි විරුධාවලිය ලත් මෝඩ රට හරක්ට හොඳම වැඩේ???

:       0       0

සෙනෙවිරත්න Sunday, 14 March 2021 06:09 AM

මොකද ඇවන්ගාඩ් හම්බ කලා ඇතිද කිව්වද? මේ නිරෝධායනය ගසාකෑමට ඔය සියල්ල සම්බන්ධයි. මැදපෙරදිග දහදුක් විඳලා හම්බකරපු තුට්ටු දෙක ගසා කාලා උපයාගනිපු සල්ලි විනාශවෙලා යන්න ඕනෑ. දෙවියෙන්ම බලාගන්න ඕනෑ.

:       0       0

පිටිගල මිලානෝ Sunday, 14 March 2021 06:41 AM

මෙය නොකළයුතු දෙයක්... බොහෝ ලාංකිකයින්ට හැදියාවක් නැත. මේ අය ගෙනාපු බෝතල් ඉවරවෙනකල් රෑට රෑට පාටි දමයි.

:       0       0

fairoos Sunday, 14 March 2021 07:51 AM

එතකොට රටවිරුවෝ ඊළඟ ඡන්දෙ දාන්න එනවා අනිවාර්යයෙන්ම... නන්ද සීනි නියමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මධ්‍යම අධිවේගයේ කෝටි 234ක් වතුරේ
2025 ජනවාරි මස 14 163 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක් වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇතැයි ජාතික


ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට
2025 ජනවාරි මස 14 441 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ස


මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා
2025 ජනවාරි මස 13 963 0

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇ


අයිස් කිලෝ 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 13 303 0

අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයෙකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි


ජනපති චීනය බලා පිටත්ව යයි
2025 ජනවාරි මස 13 679 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දින නිල සංචාරයක් සදහා චීනය බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (13) දින රාත්‍රී පිටත්ව ගියේය .


තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි
2025 ජනවාරි මස 13 1706 0

තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ අැති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 178 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 539 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 290 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site