(නිමල කොඩිතුවක්කු)
රටට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයකු මිස බලයට කෑදර ඒකාධිපතියෙකු නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන කමිටු සාමාජික සමන් රත්නප‍්‍රිය මහතා අද(12) කොළඹදී පැවසීය.
එවැනි ඒකාධිපති නායකයකුට ඉතිහාසය යළි ප‍්‍රතිනාර්මාණය කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන බවත් රත්නපි‍්‍රය මහතා සඳහන් කළේය.
රාජගිරිය පිහිටි පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප‍්‍රිය මහතා මෙසේද කීවේය.
‘ජනාධිපතිවරණයට තවත් මාස තුනක පමණ කාලයක් ඉතිරිව තිබෙනවා. සාධාරණ සමාජය විදියට අපි කිසි ලෙසකින්වත් විධායක ජනාධිපතිධුරයට එකඟ නැහැ. 2015 පැවති ජනාධිපතිවරණයට පෙර සිටම මාදුලුවාවේ සොභිත හිමියන්ගේ මූලිකත්වයෙන් අපි ඒ වෙනුවෙන් විශාල හඬක් නැඟුවා.
අපි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළේ නැවත ජනාධිපතිවරණයක් පවත්වන්න නෙමෙයි. නමුත් අපිට 19 වන සංශෝධනයෙන් විධායකයේ බලතල අඩු කරලා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට හැකිවුණා. තොරතුරු දැනගැනීමේ පණත, මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් අපිට මේ කාලය තුළ රට වෙනුවෙන් විශාල සේවයක් කරන්න හැකි වුණා.
මේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනියන්න පුලූවන් පුද්ගලයෙක් රටේ නායකත්වයට පත්විය යුතුයි. දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කළ එළි බැස්සා.
අපි ඉල්ලන දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඔහුට දිය හැකිද යන්න පිළිබඳ බරපතල ප‍්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ අය දේශපාලන ප‍්‍රතිසංස්කරණ කරන්න කැමති අය නෙමෙයි. බලය තමන් වටා ඒකාරාශි කරගන්න උත්සාහ කරන ඒ වෙනුටවෙන් ඕනෑම දෙයක් කරන්න කැමති අයයි. ඒ පිළිබඳ වාදයක් තියෙනව නම් අපි කැමතියි ඒ සඳහා සහභාගී වෙන්න.
රාජපක්ෂ යුගයේදි මාධ්‍යවේදීන් ඝාතනය කළා. අතුරුදන් වුණා, මාධ්‍ය ආයවලට පහර දුන්නා. මාධ්‍ය වේදීන්ගේ අත පය කඩලා දැම්මා. ඒ අයට එරෙහි දේශපාලන කණ්ඩායම්, දේශපාලඥයන් නිහඬ කළා. වතුර ඉල්ලපු ජනතාවට, වෘත්තීය ඉල්ලීම් ඉල්ලපු ජනතාව වෙඩි තබා ඝාතනය කළා, සුදු වෑන් වලින් තමන්ට එරෙහි පිරිස් ඉස්සුවා. මේවා අපිට අමතක කරන්න පුළුවන් කාරණා නෙමෙයි.
අනික් පැත්තෙන් වංචාව, දූෂණය රජ කළා. රාජ්‍ය ත‍්‍රස්තවාදය, රාජ්‍ය මර්ධනය පැවතුණා. මේ වගේ ඉතිහාසයක් තමයි මේ අයට තියෙන්නේ. මේ ඉතාහිසය නැවත ප‍්‍රතිනිර්මාණය කරන්න අපි ලෑස්ති නැහැ. අපි ඒ සඳහා ඉඩ දෙන්නෙත් නැහැ.
අපිට ඕන ගහලා මරලා රට ලස්සන කරන පුද්ගලයෙක්ද? එහෙම නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ආරක්ෂා කරගෙන රට ඉස්සරහට ගෙනියන්න පුලූවන් පාලකයෙක්ද කියන කාරණය පිළිබඳ අපිට විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි නිදහස රජකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාළනයක් වෙනුවෙන් කැපවෙනවා’ යැයිද ඔහු පැවැසීය.
(ඡායාරූප : ඉෂාන් සංජීව)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණවල් දෙකේ හැටි විතරක්.. දැන්ම බයවෙලා.. මොකෝ NGO ඩොලර් පිදේනි.. නැති වෙයි කියලද? ඔයගොල්ලන්ට ඕනෑදේ නෙමෙයි දෙන්න හදන්නේ.. මේ රටේ බහුතර ජනයා... ඒ වගේම ගරුතර ස්වාමීන් වහන්සේලා සහ පූජ්‍ය පක්ෂය ඉල්ලන දෙය... ඔයගොල්ලෝ නොවෙයි ඕවා ඉල්ලන්නේ අර NGO කාරයෝ.....
වංචාව දුෂණය අවනීතිය තාමත් ඒ වගේම තියෙනවා සමහරවිට තිබුනාටත් වඩා. ඒ හැරුණුවිට රටේ දියුණුව ඇනහිටලා ත්‍රස්තවාදී බිය ඇතිවෙලා තියෙනවා. අපි නම් සංසන්දනය කරන්නේ එහෙමයි මහත්තයෝ.
මම ඒත් බැලුවා පරක්කු මොකද කියලා
රෝගීන් ඇපයට තබා රජයට විරුද්ධව උද්ඝෝෂන කරන සංගමයේ අයට පාඩමක් ඉගැන්වීමට මෙයට වඩා සුදුස්සෙක් නැත කියල හිතෙනවා.
ඔන්න වැඩ අල්ලලා
මාධ්‍ය ඉස්සරහ නෙවෙයි පුළුවන් නම් ජනතාව අතරට ඇවිත් ඔය කතාව කියන්නකෝ...
අනේ අම්මපා.. මොක්කුද මේ? ආ.. මේ අර රාජිතගේ ගොට්ටෙක් නේද? එක පඬියෙක් නම් මේ එක එක හිවලුන් පස්සෙන් යන මෙවන් ගොට්ටන් නිසා තමයි අපේ රට මෙතරම් අගාධයට වැටිලා තියෙන්නේ. අවාසනාවකට මෙවන් අයට තමන්ගේ පක්ෂේ එකා මොන බලු වැඩේ කරත් හොඳයි යන නිවට ප්‍රතිපත්තිය තාමත් කරගහගෙන යනවනේ...
පාස්කු බෝම්බෙට කලින් සංහිඳියාවට කඩේ ගිහින්. පාස්කු බෝම්බෙට පස්සේ හැංගිලා හිටපු අය දැන් අායෙම එළියට අැවිත්. තව ටික දවසකින් සමනළී නෝනත් එයි හැංගිලා හිටපු තැන් වලින් එළියට...
රටේ වාසනාවට ජාතකවෙච්ච රැළ අායෙමත් කරළියට ඇවිල්ලා...
අනේ ජයසේකර. අහෝ ජයසේකර. අත ගා බලනු හිස. වැටී නොමැතිද තවම අං දෙක...?
මොකට උපන්නාද මන්දා?
මේ අයගේ සාධාරණ සමාජය.. මහ බැංකු හොරකම වෙලාවේ මේ අයව හොයා ගන්නත් නැහැ. දැන් ටිකටික එළියට එනවා. කෝ 2015 දී අල්ලනවයි කියපු එක හොරෙක් ඇල්ලුවද? එක ජන කොටසක් මේ සැරෙත් අන්දවන්නයි ඔය හදන්නේ...
අනික් පැත්තෙනුත් කෑදරයෙක් දඟලනවා. රටට යන කලදසාවක් නම් නැහැ...
මේ වගේ හරක් කියන ඒවා බලන්න අය ඉන්නවද?
ටේ මිනිස්සුන්ට ඕනෑ නායකයා කවුද කියලා රටේ මිනිස්සු දැනටමත් දන්නව..
අර බැංකුව කඩපු හොරා ඔහෙලාටත් ටිකක් දුන්නලු නේද...?
කරුණාකර දැන් වත් ගෙදර ගිහිල්ල තමන් කරන වැඩක් කරගන්න.
අපි මේකට මොකුත් කොමෙන්ට් නොකර ඉම්මු, මොකද මේගොල්ලෝ කට්ටිය වැඩියෙන් කොමෙන්ට් කරද්දීත් කට්ටිය ගැන දිහා බල බලා "අපිවත් මිනිස්සු බලනවා" කිය කියා සතුටක් ගන්නවා
පිට සක්වලකින් තමයි හොයන්න වෙන්නේ
විධායක ජනාධිපති ක්‍රමයට ඔයාලා එකඟ නැති උනාට අපිට මොකෝ. විධායක ජනාධිපති ක්‍රමය නැති වුනොත් සුළු ජාතීන්ටත් බලය යනවා. රජය රටේ ආරක්ෂාව පිළිබඳව ගන්නා තීරණවලට සුලු ජාතීගේ අනුමැතිය අවශ්‍ය වෙනවා.
කොහේයන ගමන්ද
ඇයි සාධාරණ සමාජයක් කොහෙද තියෙන්නේ. කම්කරුවට ජීවන වියදමට සරිලන වැටුපක්, පාසල් ළමයින්ට උසස් අධ්‍යායාපනය හදාරන්න විශ්ව විද්‍යාල රෝහල්වලට බාල බෙහෙත් නැතුව රෝගීන්ට හොඳ බෙහෙත්, උගතුන්ගෙන් සමන්විත රටක්. අන්න එතකොටයි සාධාරණ සමාජය බිහිවෙන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපේ රටේ ඒකාධිපතිකමට කියන තවත් නමක්.
මේ ගොබ්බඩයෝ කාලයක් යහපාලනයට කත්ඇදලා රටකාලා දැන් ආර්යාවගේ මීටින්වලත් ඉන්නවා. මෙතැන සාධාරණ සමාජයක් ඉල්ලනවා.