IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘‘රටක් සංවර්ධනය කරන්න ප‍්‍රතිපත්තියක් වටා ජනතාව පෙලගැස්සවිය යුතුයි‘‘

(නාලක සංජීව දහනායක)

රටක් සංවර්ධනය කිරීමටනම් පුද්ගලයන් හෝ නායකයන් වටානොව ප‍්‍රතිපත්තියක් වටා ජනතාව පෙලගැස්සවිය යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19) පැවැසීය.

කුමන බාධක පැමිණියද ඒ සඳහා ඕනෑම මාවතක ගමන් කිරීමට සූදානම් යැයිද ඔහු කීය.

කොළඹ, සුගතදාස ක‍්‍රීඩාංගනයේදී අද (19) පැවැති ජාතික විද්වත් සංවිධානයේ මහ සමුළුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙහිදී එම සංවිධානය විසින් සකස් කළ ‘ගොඩනඟමු ශ්‍රී ලංකාව’ ජාතික ප‍්‍රතිපත්ති මාලව එළිදැක්වීමද සිදුවිය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

        ‘‘අවුරුදු 71ක් අපේ රට පාලනය කළ පාලකයන් මේ වනවිට අතිශයින්ම විනාශකාරී අන්තයක් කරා අපේ රට ගෙන ගොස් තිබෙනවා. මේ වනවිටත් අපේ රටේ සම්පූර්ණ ණය බර රුපියල් බිලියන දහදහස් පන්සියයකට වැඩියි.

මෙම වසරේදී පමණක් අපි රුපියල් බිලියන 5200ක ණයක් ගෙවිය යුතුයි. රටේ සමස්ත ජනගහණයෙන් සියයට 43කගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් දෙකක් ඉක්මවන්නේ නැහැ. වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 750 සීමාවේ සිරකරලා. මේ ජනතාවට උරුම වන්නේ කුමන අන්දමේ ජීවිතයක්දැයි අප මදක් සිතා බැලිය යුතුයි.

අපරාධවලින් බහුල, දරු දැරියන්ගේ ජීවිත අනාරක්‍ෂිතවූ සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ රාජ්‍යයක් දැන් අප හමුවේ නිර්මාණය වෙලා තිබෙනවා.

මේ අනාරක්‍ෂිත රට අපි අනාගත පරපුරටත් උරුම කර දෙනවාද?. මෙම ගමන් මාර්ගය වෙනස් කරනවාද? නැද්ද? යන්න අපි අපගෙන්ම ප‍්‍රශ්න කරගත යුතුව තිබෙනවා. මනුෂ්‍යයන් ගැන හැඟීමක් තිබෙන කිසිවෙකුත් මෙම ගමන යන්න ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා මෙම විනාශකාරී ගමන නතර කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහය අපි ලබාදෙනවා.



අදහස් (0)

‘‘රටක් සංවර්ධනය කරන්න ප‍්‍රතිපත්තියක් වටා ජනතාව පෙලගැස්සවිය යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site