(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.
මෙසේ වසා දමා ඇත්තේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටා ඇති ව්‍යවහාරික විද්‍යා පීඨය,කළමනාකරණ පීඨය,සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පිඨය හා තාක්ෂණ විද්‍යා පීඨ හතරය.
පසුගිය සති කිහිපයක් තිස්සේ රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ හේතුවෙන් සිසුන් රැසක් රෝගතුරව ප්‍රතිකාර ලැබූ බව පාලන අධිකාරිය සදහන් කරයි.
උණ රෝගය නිසා බරපතල ලෙස රෝගතුරවු සිසුවියක් පේරාදේණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව එහිදි මිය ගොස් තිබුණි.
මෙසේ මිය ගොස් ඇත්තේ එරන්දි පිටවල නැමති සිසුවියකි. ඇය පිළිමතලාවේ අරබේගම පදිංචිකාරියක් වන අතර ව්‍යාවහාරික විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුවියකි.
මෙම හේතුන් මත රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පිහිටි පීඨ හතර පසුගිය සෙනසුරාදා (2) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
COMMENTS
මේ විශ්වවිද්‍යාලවල ළමයි නම් මහා පව්කාරයින් ටිකක්. දුක්විඳලා ඒ ලේවල් කරලා කැම්පස් එනවා. ආවට පස්සේ නවක වදය. ඒ අස්සෙ වලි. පිකටින් වලට යන්න ඕනේ. බස්වල, ටවුන්වල මහ අව්වේ මේ අය තව කට්ටියක් ස්ට්‍රයික්. ඊට පස්සේ ලෙක්චර්ලගේ ස්ටාෆ් එකේ ස්ට්‍රයික්වලට කැම්පස් වහනවා. ඒ අස්සේ ලෙඩ රෝග, වසංගත. සමහර දුර පළාත්වල, කැම්පස්වල ළමයින්ට වතුර නෑ. කන්න නෑ. ඔය ඔක්කොම දුක් විඳලා ඒ ළමයිනුත් වයසට ගිහින්... දෙමව්පියොත් වයසට ගිහින් මේ අය උපාධි ගන්නකොට... ඔන්න එළියට ඇවිත් අන්තිමේදී රස්සා නෑ. ආයෙත් මුලටම. ආයෙත් කොටුවේ ස්ට්‍රයික් රස්සා ඉල්ලලා. ඊට පස්සේ සමාජයට වෛර කරන විප්ලවකාරයෙක් මිසක්, සමාජයට, රටට වටින මිනිහෙක් කැම්පස් වලින් බිහිවෙන්නේ නෑ..
රජරට විශ්ව විද්‍යාලයේ සාලියපුර කෘෂිපීඨයේත් උණ පැතිරෙන්න පටන්ගෙන... පාලකයන් නිහඬයි.. එකෙක් මැරුණාම වසාදමාවි...