මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගමදී අවහිරකරගෙන පැවැත්වෙන උද්ඝෝෂණය නිසා කොළඹ සිට පැමිණි රජරට රැජින දුම්රිය අතරගම නතර කිරීමට සිදුවී තිබෙන බව දුම්රිය පාලන අධිකාරිය කියයි.
පොලිසිය විසින් ඝාතනය කරන ලද තරුණයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු රැසක් අද උදේ සිට ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය හරස් කරගෙන විරෝධතා පවත්වති.
සහකාර පොලිස් අධිකාරීවරයකු එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන්ට ඉවත් වන ලෙස ඉල්ලීමක් කළ අතර උද්ගෝෂකයන් දැනුම් දුන්නේ පොලිසිය තරුණයන් පැහැරගෙන ගොස් මරනතුරු පැමිණිලිවලටත් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.
මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය ද එම ස්ථානයට කැඳවා තිබේ.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.