ජයන්ත සමරකෝන්
රාජ්‍ය සේවයේ දී සද්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන යාම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන එන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිතට එකඟව අවංකව රාජකාරී කරන නිලධාරින් රැකගැනීම හා ආරක්ෂා කිරිම සිය රජයේ වගකීම හා යුතුකම බවද අගමැතිවරයා කීය.
මුදල් ඇමැති ලෙස සිය අමාත්‍යාංශයේ වැඩ බාරගැනීම නිමිත්තෙන් අගමැතිවරයා අද (25) මෙසේ පැවසීය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
නැමෙන නැමිල්ල... ලැජ්ජයි..!!!
ඔන්න ඉතින් මෙයාලා ඔක්කොම සුද්ධ වෙලා.. හොරු රජ වෙන කාලේ හරි. අපි වගේ මෝඩ ජාතියක්..
එල එල! අපි දෙන ඕනෑම නියෝගයක් නුඹලා ක්‍රියාත්මක කරන්න ඕනේ... නීත්‍යානුකූලද? නැතිද? ප්‍රශ්නයක් නැහැ. ඔබලාට නඩු දාන්නත් බැහැ අපිට කොහොමත් නඩු දමන්නේ නැහැනේ වැඩේ ගොඩ... අපි ඔක්කොම නියෝග දෙන්නේ සත්භාවයෙන් තමයි. එ්ක එහෙම නෙමෙයි කියලා නඩු දමන්නත් බැහැ. එන වසර පහ බය නැතුව අපි කියන දේවල් කරපල්ලා.. ඔන්න දූෂණයට පාර හදලා දුන්නා. අපි කළ හැමදෙයක්ම කලේ සද්භාවයෙන් තමයි. අපේ ඇමතිවරු පහුගිය රජයේ ඇමතිවරු හොරකම් කරපුවා ඔක්කොම කලේ සත්භාවයෙන්.. එ්ක නිසා කිසිම රජයක නිලධාරීන් තමාගේ ඇමතියා දෙන හොර නියෝග ක්‍රියාත්මක කළාට නඩු නැහැ...
එ් කියන්නේ ඒ ගොල්ලන්ට ඕනෙම වරදක්, දූෂණයක් කරන්න පුළුවන් නීතියෙන් ගැලවීමක් තියනවා. ගොඩක් හොඳයි.
ඔය හොර සෙට් එක යස අගේට රවුමේ ඉන්නේ. හොරුන් සුද්දවන්තයින් කරන කාලය එළඹී තිබේ. මහජනයාට දෙවියන්ගේ පිහිටයි...
උගත් නිලධාරීන් හිරේ, විලංගුවේ වැටුණේ කාගේ වරදින්ද කියලා දැන් අමතකයි වගේ.. රජයේ උසස් නිලධාරීන්ට හැමදාම වුනේ මේ කාලකන්නි පාලකයන්ගේ පව් සෝදන්න තමයි.. ඒ ගොල්ලන්ව හිරේ නොවැටෙන්න නම් පාලකයෝ හොරකම්, මැරකම් කරන එක නවත්තන්න ඕනෑ.. දෙවෙනි එක නොවී පළවෙනි එක නවත්තන්න බැහැනේ.. රාජකාරි මට්ටමින් අත්සන් කරපු එකාගේ හිස තමයි කොයි වෙලේ නමුත් දංගෙඩියට යන්නේ.. කට්ටිය දැන් සතුටු වෙනවා ඇති තමන්ගේ තෝරා ගැනීම ගැන... ගෝඨාභයත් පව් ඉතින් ...
ජොනී එකේ සතුටට වැඳගෙනමයි ඉන්නේ...
කෝ මේ මඩු වලිගය...? හොරු ටික සීරුවෙන්.
පනින රිළවුන්ට ඉනිමං තියන්නයි හදන්නේ...
ඕකනේ කරන්න බැරි... බලේට එනකන් ඉන්නේ හොරකමෙන් බේරෙන්න ක්‍රම හදන්න. රට ණය අගාධයේ හිරවෙලා චීනෙට, ඉන්දියාවට, ඇමෙරිකාවට රට කැඩෙන්න යනවා. රටේ සම්පත් නාස්තිය ඉහළට, වංචා, දූෂණ කප්පරක්. මොනතරම් හොඳට කරන්න පුළුවන්ද? හරි මනුස්සයෙක්ට බලය ආවා නම්... මම එදා වගේම අදත් කියනවා මාගේ මාතෘ භූමිය විනාශ කලේ නිල්, කොළ, රතු, දේශපාලුවන්.
පනතක් ගේන්න බැරිද? සද්භාවයෙන් කරන හොරකම් සහ තක්කඩිකම්වලට නඩු දමන්න බෑ කියලා...
රජයේ සේවකයන් නැමෙන හැටි...
මේ අය ඉතාමත් නින්දිත විදිහට තමන් කරපු සහ තමන් කරවපු හොර, වංචා, දූෂණ නීතියෙන් අහෝසි කරවා ගැනීමට පහත් ආකාරයට බලය යෙදවීම ආරම්භ කර තිබෙනවා. නීතිය, සදාචාරය අමුඅමුවේ උල්ලංඝනය කිරීම අතිශයින් කණගාටුදායකයි...
අපි කරගත් දෙයක්... අපි වැටිච්ච වලක්...
රෙදි ඇඳගෙන මේ වගේ ලැජ්ජා සහගත වැඩ කරන්න පුලුවන්ද හප්පා?
රතු? මොන රතුද? වාසු රතු තිසි විතාරණ රතු, කොල්ලුරේ රතු, ඇන් ඇම් රතු, ජවිපෙ රතු...
කරන්න තියෙන පළමුවන කාර්යය... නැද්ද මං කියන්නේ?,
කියන්න අමතක වුණා. අගමැති තාත්තා වැඩ පටන් ගනී...
උඩ දාගෙන දුන්නනේ සිංහල ඡන්දයෙන්මයි පත් කර ගත්තේ.
සතුටේ බෑ අනේ
එතකොට ශානි අබේසේකර, නිශාන්ත සිල්වා වැනි උදවිය රජයේ සේවකයෝ වශයෙන් කරපු රාජකාරි මේ පනතට අදාළ නැද්ද? ඒ ගොල්ල තලගොයින් බවට පත්කරන ලද කබරගොයි වගෙයි පේන්නේ. ඉස්සරට කියන කියන දේ ඔක්කොම"එහෙමයි සර්" කියලා කරන අය කෙලින්ම තලගොයි නිදහස්. මාර සද්භාවයක් නොවැ...
සත් භාවයෙන් වැඩ කරන අයට පනත් ගේන්න අවශ්‍යද ? මේකෙන් දෙපැත්තම රැකෙනවා භය නැතිව ඕන දේකට අත්සන දෙන්න පුළුවන් ,මේ ආරම්භයද ?
මා දන්නා තරමින් මේ සදහා නව නීති අවශ්‍ය නැහැ. දැනටමත් පවතින නීතියේ තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ කරන ලද ක්‍රියාවක් සත් භාවයෙන් කරන ලද්දක්ද නැද්ද දේශපාලකයන් වැරදි ලෙස අර්ථ දක්වා ගැනීමි. කන්ඩ උන වුනාම කබරගොයා තලගොයා කරගැනීම.