(ජයන්ත සමරකෝන්)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (04) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවූ රජයේ ඒකාබද්ධ නිලධාරීන්ගේ කමිටුවේ නියෝජිතයින් හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අතර එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බව එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවැසීය.
රටපුරා 30000 ක් පමණ විධායක නිලධාරීහු මෙම වැඩ වර්ජනයට එක්වූ අතර දෙදහසක් පමණ දෙනා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරියට රැස්වී අද පැය හතරක් තිස්සේ විරෝධතාවයේ නිරත වූ බව ඒ මහතා පැවැසීය.
එහිදී සිය නියෝජිතයින් හත් දෙනෙකු සමඟ අමාත්‍යාංශ ලේකම්වරයා සාකච්ඡාවකට සම්බන්ධ වූ බවද වැටුප් වැඩිවීම් සහ උසස්වීම් පිළිබඳව ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වූ බවද ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග සතියක් ඇතුළත නොගත හොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.
දේශීය ආදායම් සේවා සංගමය , ඉංජිනේරු සංගමය, අධ්‍යාපන පරිපාලන සංගමය,මිනින්දොරු සංගමය ඇතුළු වෘත්තිය සමිති 17 ක නියෝජිතයෝ මේ සඳහා සහභාගි වූහ.
COMMENTS
ඔබ ලබා ගන්නා වැටුප සාධාරණ හා යුක්ති සහගතද යන්න ඔබගේම හඳවතින් විමසා බලන්න.
සමස්ත ලෝක ප්‍රජාව ගැන සිතත්දී වැටුප් වැඩි කලත් මෙයාලට ලැබෙන්නේ සොච්චමකි. නමුත් අප රටහි සමස්ත ප්‍රජාව ගැන බලත්දී මාසෙට ශ්‍රී ලංකා රුපියල් 35000/= පඩි ලබන උපදී ධාරින් ද සිටින බව සැලකිල්ලට ගෙන ජනපති ඇතුළු සියලු රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයන්හි ඉහල පහල සියලු සේවකයින්ට ජිවත්වියහැකි වැටුප් ගෙවීමේ ක්‍රමයක් නිර්මාණය කර ජනපති අගමැති මැති ඇමති මන්ත්‍රී රාජ්‍ය පරිපාලකයින් ඇතුළු විධායකයින්ගේ වරප්‍රසාද හා අනෙකුත් වියදම් රටේ හැටියට මිස ලෝකයේ හැටියට නොගෙවන වැඩපිළිවෙලක් හදා රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ රජය පාඩු විදිමින් හෝ පාලන මිලකට රටේ ජනතාවට ලබාදී ඔවුන් ජිවත් කරවීමට අවශ්‍ය වෛද්‍ය හා අනෙකුත් පහසුකම්ද ලබාදී යන්තම් ඉන්න පුළුවන් කාමර 2ක ගෙයක් කුලියට ගැනීමට ශ්‍රී ලංකා රුපියල් 30,000/= ක් බවත් බස් ගාස්තු නිසා බස් කිහිපයක මාරුවී රැකියාවට යන්න හා ළමයි පාසල් යවන්න බැරිව දරුවන්ට ඉගැන්වීමට වියදම් නැතිව අසීමිත අවශ්‍යතා තෘප්තකර ගත නොහැකිව කරත්තෙට අහුවු කජුලෙල්ලක් මෙන් තෙරපි තෙරපි දිවි ගෙවන මිනිසුන් බහුතරයක් මේ රටේ ඉන්න බවත් දැන රජය ක්‍රියා කලයුතු අතර සුකොපභෝගී දිවිගෙවන අය ගැනම හිතා රජයන් ක්‍රියා නොකළ යුතුය.
කරපු වැඩ නැවතීම වැරදි බව නොතේරෙන එවුන්ට මොනවා කිව්වත් වැඩක් නැහැ. ඔය තරම් දේවල් හම්බ නොවෙන අය තමා වැඩිපුර ඉන්නේ.