(ජයන්ත සමරකෝන්)
රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවන්ට ආණ්ඩුවෙන් ප්‍රමාණවත් විසඳුමක් නොලැබීමට එරෙහිව මේ මස 23 වැනිදා රටපුරා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් ඊටද ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් 25 වැනිදා සිට රටපුරා අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වන බවත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් ඒච්.ඒ.එල් උදයසිරි මහතා අද (18) පැවැසීය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වෘත්තිය සමිති 17 කට අයත් සාමාජික සාමාජිකාවන් 30000 ක් පමණ එක්වීමට නියමිත බවද ලේකම්වරයා කීය.
ඉංජිනේරු, මිනින්දෝරු, ආයුරුවේද වෛද්‍ය, දේශීය ආදායම් කොමසාරිස්වරුන් ඇතුළු රජයේ විධායක නිලධාරීන් රැසක් මේ අතර වන බවද හෙතෙම සඳහන් කළේය.
සංගමයට අයත් සෑම සේවාවකම නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම හා ලබාදී ඇති දීමනා කප්පාදු නොකිරීම මෙහි ප්‍රධාන ඉල්ලීම් අතර වන බවද එම සංගමය කියයි.
COMMENTS
රජයේ ඉහළ නිලධාරීන් විතරක් කෑවා බිව්වම හරිද කළමනාකරණ සේවා නිලධාරීන්ට මොනවත් නැහැ. රජයේ විධායක නිලධාරීන් තමයි නිසි වැටුප් තලය නොදි අවහිර කරගෙන ඉන්නේ කිසිම පහසුකමක් නැහැ. ඔය විධායක නිලධාරීන් කියාගන්නා අය ගන්නා කඩ වලින් තමයි බඩුගන්නේ. එහෙම කියලා අඩුවට අපිට බඩු දෙන්නේ නැහැ. ඔවුන් ළඟ හැන්ද තියාගෙන ඔවුන්ම බෙදාගන්නවා එක සාධාරණද හිතන්න කළමනාකරණ සේවා නිලධාරීන්ට තමයි රාජ්‍ය සේවයේ උපරිමයෙන් අසාධාරණයක් වුණු එකම සේවාව කියන්න ඕනේ එකට කවුරුත් කොයි රජයක්වත් සාධාරණයක් ඉටුකළේ නැහැ.
නීති නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීමෙන් මේ හෙනය පාත් වුණා කියලයි මේ අය කියන්නේ. රටේ තියන තත්වය එක්ක මෙවැනි වැටුප් වැඩි කිරීමක් දෙන්න බෑ කියන එක ප්‍රායෝගිකයි. එහෙත් වැටුප් හා සේවක මණ්ඩල කොමිසමෙන් නීති නිලධාරින් සම්බන්ධයෙන් වැටුප් වැඩිකිරීමට අනුමැතිය දීමෙන් මේ විෂමතාවය තවත් වැඩිවෙලා සමාන්තර සේවාවලට අයත් සේවකයන් නොසන්සුන් වෙලා. එක එක රජයන්වල කුණුවහගන්න කරන වැඩවලින් මුළු පද්ධතියම කඩාකප්පල් වෙනවා. දැං මේ නිලධාරීන්ට තියෙන්නේ නීති නිලධාරීන්ට දුන්න මේ විෂම වැටුප් දීමනාව අඩු කරන්න කියලා ස්ට්‍රයික් කරන්න. දැනට කරන්න තියන මට නම් පේන හොඳම විසඳුම ඒකයි.