IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රජයේ විධායක නිලධාරීන්ට විශේෂ දීමනාවක් ගෙවීමට යෝජනාවක්

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා රුපියල් 15,000 සිට 50,000 දක්වා මාසික දීමනාවක් ගෙවීමේ යෝජනාවක් අද (17) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

රජයේ පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එම යෝජනාව ඇතුළත් කැබිනට් සංදේශය අද පැවති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.

එම යෝජනාව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

වැටුප් විෂමතා ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පසුගියදා වෘත්තිය ක්‍රියාමාර්ගයක්ද ගත් අතර එය සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවය,ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය,මිනින්දොරු සේවය,විගණකාධිපති සේවය ඇතුළු සේවා 12 ක විධායක නිලධාරීන් සඳහා ශ්‍රේණි අනුව මෙම දීමනාව ගෙවීමට යෝජනා වී ඇත.



අදහස් (4)

රජයේ විධායක නිලධාරීන්ට විශේෂ දීමනාවක් ගෙවීමට යෝජනාවක්

Amila Tuesday, 17 September 2019 06:20 PM

කාර්‍යක්ෂමතාවය අනුව ගෙවනවා මිසක් ගෙනාපු සල්ලි බෙදනවා වගේ මහජන මුදල් නාස්ති නොකර යුතුයි. දේශපාලනය කරන අයට වඩා රට වලපල්ලට තල්ලුකරන්නේ මේ නිළධාරීන්. ඔවුන් බලන්නේ ඡන්ද කිට්ටු කරලා මස් රාත්තලම පවතින ආණ්ඩු වලින් ගන්න. හොර තක්කඩි....

:       0       0

ලුම්බිණි Wednesday, 18 September 2019 02:16 AM

කැබිනට් සංදේශය වැඩි හරියක්ම කීයක් හරි කඩා ගන්න හදන ඒවා නේ.

:       0       0

kamal Wednesday, 18 September 2019 05:01 AM

කිසිම වැඩක් කරන්නේ නැත. නිකන් දීමනා විතරයි.

:       0       0

Gamarala Wednesday, 18 September 2019 06:46 AM

දැන් ඉතින් පහළ සේවකයෝත් අනිවාර්යයෙන්ම සටන පටන් ගන්නවා ෂුවර්. මේ යන ක්‍රමය වැරදියි කිසියම් දෙයක විසඳුම ප්‍රායෝගික විය යුතුයි. සැමටම ගැලපෙන සේ ජීවන වියදම අඩුකළොත් තමා හොඳ. එතකොට විශ්‍රාමික මාණ්ඩලික නිලධාරීන්ට මොකක්ද වෙන තත්වය?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site