IMG-LOGO

2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා


රාජ්‍ය මාධ්‍ය සුදු අලියෙක්

 

 

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

රජයේ මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බවත් එක් රජයේ මාධ්‍ය ආයතනයක් නඩත්තු කිරීමට මාසයකට රුපියල්  කෝටි හතරකට වැඩි මුදලක් වැයවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.          

දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ යුතු වන  බව  මෙහිදී පැවැසූ ජනමාධ්‍ය ඇමැතිවරයා  රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව  තමා පිළිගන්නා බවද සඳහන් කළේය.

එය නිවැරදි කිරීමට  කඩිනමින් පියවර ගත යුතු බවත් සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) වෙනිදා  පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

මේ අතර  රූපවාහිනී නාලිකාවන්හි  ප්‍රචණ්ඩකාරි සහ ළමයින්ට නොගැලපෙන අන්තර්ගතයන් සහිත චිත්‍රපට ප්‍රචාරය වන බැවින් ඒවා ප්‍රචාරය සඳහා සුදුසු ගුවන් කාලයන් නිර්දේශ කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ  වැදගත්කම මෙහිදී සාකච්ඡා කෙරිණ.

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී   ඉතා වැදගත් කරුණු මගහැරෙන හෙයින්  පාර්ලිමේන්තුව තුළ සිදුවන රටට වැදගත් අණ පනත් ඉදිරිපත් කිරීම්, සම්මත කිරීම් මෙන්ම වැදගත් විවාද ආදිය ඇතුළත් කොට විශේෂ වැඩසටහනක් විකාශය කිරීමේ අවශ්‍යතාව මෙහිදී ‍සාකච්ඡාවට ලක් විය.

ඒ පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඇමැතිවරයා රජයේ මාධ්‍ය ආයතනවලට උපදෙස් දුන්නේය.

උතුරේ ජනතාවගෙන් සියයට 85ක් පමණ ඉන්දියානු ටෙලිවිෂන් චැනල නැරඹීමට හුරු වී සිටීම  හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන් තුළ මෙරටේ සිදුවීම් පිළිබඳ සාමාන්‍ය දැනුම අවම  බව මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ නේත්‍රා නාලිකාව ඔස්සේ පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෙමළ දරුවන්ට  පෙරවරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා අධ්‍යාපනය ලබාදෙන බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන තොරතුරු මෙරට දමිළ  ජනතාවට සම්ප්‍රේෂණය නොවීමේ ගැටළුවක් පවතින බව පැවසීය. රාජ්‍ය මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට දමිළ  සමාජිකයන් පත් කිරීමේ අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දුන්නේය.

 

 



අදහස් (16)

රාජ්‍ය මාධ්‍ය සුදු අලියෙක්

මහසෙන් Sunday, 24 October 2021 04:23 PM

ආණ්ඩු මාරු වෙනකොට පුටු මාරු වෙනවා. විෂය ගැන මෙලෝ දෙයක් දන්නැති කෙනෙක් පුටුවේ වාඩි කරගෙන පවතින රජයට අවැසි දේවල් කරගන්නවා. මේ ආයතනයේ තරම කියන්නේ රටපුරා ආවරණ හැකියාව තියාගෙන ලෝක කුසලාන තරගාවලියවත් විකාශන අයිතිය ගන්න බැරි වුණා. අයිතිය ගත්තා කියලා මුලින් කිව්වා.. ඔන්න වගකීම.. ආයතනයට ලාබ ලබන්න තිබ්බ හොඳම අවස්ථාවක්. ඉතින් මේවාට මෙහෙම වෙන එක පුදුමයක්ද?

:       0       38

GAMUNUMonday, 25 October 2021 12:39 AM

රාජ්‍ය මාධ්‍ය ආයතන පමණක් නොව රජයේ බොහොමයක් ආයතන දුෂිත සුදු අලි බවට පත්වුයේ දේශපාලනයේ වරදින් බව ඔබ දනී. රාජ්‍ය මාධ්‍ය ආයතන ජනතව වෙනුවෙන් නොව දේශපාලන හෝ පවුලේ ආයතන බවට පත්වී තිබේ. සුදුස්සන් නොව දේශපාලන වන්දි බට්ටයන් එම ආයතන වල සේවයේ යොදවා තිබේ. ලෝකයේ දියුණු රටවල මෙන් රජයේ මාධ්‍ය ආයතන රජයට 51% ගෙන 49% පුද්ගලික කර එම ආයතනය පුද්ගලික ආයතනයක් වසයෙන් දේශපාලනයෙන් තොරව කටයුතු කිරීමට අවස්ථව සලසා දිය යුතුවේ. ජනතා බදු මුදලින් යපෙන්නාවූ ආයතන ජනතව වෙනුවෙන් මිස දේශපාලකයා වෙනුවෙන් පවත්වා ගෙන යා යුතුවේ.

:       0       4

de silva Sunday, 24 October 2021 04:28 PM

ඔය මාධ්‍ය රජයට පක්ෂව බොරු කියන නිසා මිනිස්සු ඕවා බලන්නේ නැහැ... එම නිසා වෙළෙඳ දැන්වීම් ඕවාට ලැබෙන්නේ නැහැ... ඕවා ලාභ ලබන තත්වයට ගෙන එන එක ඕවා පාලනය කරන අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යයක්... ඔවුන් අසමත් නම් ගෙදර යවලා පුළුවන් කෙනෙක් වැඩට ගන්න.

:       0       43

අසංක Sunday, 24 October 2021 04:49 PM

රාජ්‍ය මාධ්‍ය මුලින්ම ස්වාධීන ආයතන කරන්න. දේශපාලන බලපෑම් නවත්වන්න.

:       1       38

DM Sunday, 24 October 2021 05:01 PM

රාජ්‍ය මාධ්‍ය විතරක් නෙමෙයි, ඔබත් ඇතුළු 225ත් සුදු අලි තමයි.

:       2       52

nimal Sunday, 24 October 2021 05:59 PM

ලංකා රාජ්‍යය අසමත් කියන්නට එක් හේතුවක් ඔය...

:       0       39

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 October 2021 06:56 PM

රාජ්‍ය මාධ්‍ය නටනුයේ හා නැටවෙනුයේ කවදත් බලයේ සිටින හා සිටි දේශපාලනඥයින්ගේ උවමනාවටයි. මේවායේ පත්වීම් ලැබීමේදී නිර්මාණශීලිත්වයට වඩා දේශපාලන සුදුසුකම් සපුරා ගත් අයට ප්‍රමුඛත්වය ලැබේ. එවන් නිර්මාණ හීනයන් ඇති මාධ්‍ය ආයතන පාඩුලැබීම සිදු නොවුණොත් තමයි පුදුමය වන්නේ... එය එසේ තිබියදී රටේ මුදලින් කෝටි ගණනින් මුදල් ගෙවා ඒ ආයතන නඩත්තු කිරීම විශාල අපරාධයකි. පාඩු ලබන මාධ්‍ය ආයතන තම පාඩුව තමන් විසින්ම පියවා ගන්නා ලෙස සලකනු ලබන්නේ නම් මේ තත්ත්වය බොහෝ දුරට පාලනය වෙනු ඇත. මේ ආයතන ජනතා ප්‍රසාදයෙන් ඈත් වෙනුයේ ඔවුන් තම දේශපාලකයින්ගේ නැති හොඳ පෙන්වා වැරදි වසා කටයුතු කිරීම නිසායි.

:       1       23

gunarathnaSunday, 24 October 2021 08:52 PM

සමිත මහත්තයෝ, ඔබතුමා වලිගෙ පාගගෙන ඉන්නේ... ඔබතුමා කියනවා මේ රාජ්‍ය මාධ්‍යය කියලා.. එහෙමනම් රාජ්‍ය මාධ්‍ය නම් රජයේ දේවල් නැතිව විපක්ෂයේ දේවල්ද පුම්බලා පෙන්වන්න ඕනේ... රජයේ මුදල්වලින් මේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යනවා නම් රජයේ දේවල්වලට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. එහෙම නැතිනම් ඕකත් කාටහරි විකුණලා දැම්මා නම් හරි.

:       20       4

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 24 October 2021 09:29 PM

ජනසන්නිවේදනය ගැන දන්නා උගත් අයට තේරෙනවා කවුද වලිගය පාගාගෙන ගොම ගහගෙන ඉන්නේ කියලා. ඒ නිසා ඔබතුමා ආණ්ඩුවලට කඩේ යන්න. ඒ උනාට කරුණු කාරණා දන්නා අපට ගරහන්න ඇවිදින් නිකං තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. පොහොට්ටුවේ අයත් මා ලියනා දේ බලනවා. ඒත්, එතුමන්ලා සත්‍යය අවබෝධ කරනවා. ඔබතුමා අන්තවාදී ලෙස හිතන්නෙක්. කරුණාකර ජනසන්නිවේදනය ගැන ටිකක් හෝ හදාරන්න. එදාට ඔබතුමාට මා කී දේ නිවැරදි බව වැටහේවි. ස්තූතියි.

:       1       5

සෙනෙවිරත්න Sunday, 24 October 2021 11:12 PM

එහෙනම් පාඩුය කිියලා මෙතන වැලලෙන එක නොකරන්නයි තිබුනෙ ඩලස්ට.

:       2       2

සමිත සේනක අලුත්ගමගේ.Monday, 25 October 2021 10:30 AM

වලිගය පාගාගෙන ඉන්නේ කව්ද කියා බලාගන්න පුළුවන් ඔබතුමාට ... කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් ...

:       1       5

වර්ණකුලසූරිය Sunday, 24 October 2021 09:28 PM

ඔබලාම පාලනය කරලා ඔබලාම පාඩුයි කියන්න ලැජ්ජා නැද්ද? අප කිසිවක් නොමිලයේ ලබා නැත. ඔබතුමා ගැන අපට යම් විශ්වාසයක් තිබෙනවා. හිටපු ඇමතිකම මාරුවීම ගැන ජනතාවට සැකයක් පවති. කොන්ද කෙලින් තබා ගෙන සත්‍යය ප්‍රකාශ කරන්නේ නම් අපි සතුටු වෙමු. අවස්ථාවාදී නින්දිත වහලෙකුට වඩා සත්‍ය ප්‍රකාශ කරන රංජන් රාමනායක වැන්නන් ට අපි ගරු කරන්නෙමු.

:       0       4

ranjith Sunday, 24 October 2021 09:31 PM

ආණ්ඩුවේ හොරනෑවක් මොන ආණ්ඩුව අවත කවුද වැඩිපුර බලන්න කැමති.?

:       0       4

sampath Sunday, 24 October 2021 10:09 PM

දේශපාලනය සහ මාධ්‍ය කියන දෙකටම අධ්‍යාපන සුදුසුකම් ඒ තරම් අදාල වෙන්නේ නෑ .හැමදාමත් පවතින ආණ්ඩුවේ හොර නේ සමහර ගුවන් විදුලි නාලිකා උදේ පාන්දර කාට හරි වයිරය වපුරමින් බනිනවා ,මේවා දැන් මිනිස්සු කුණු කූඩෙට දාලා ඉවරයි

:       0       5

සුරලොව ඇල්මන් Monday, 25 October 2021 06:04 AM

වැරැද්ද හිටපු හා සිටින සියලු ජන මාධ්‍ය ඇමතිවරුන් භාර ගතයුතුය

:       1       3

sharm warn Monday, 25 October 2021 08:51 AM

රාජ්‍ය මාධ්‍ය වලට හැමදාම කරන්න තිබුනේ එකම වැඩක් විතරයි නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්
2024 ඔක්තෝබර් මස 26 4599 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්


හිරකැටිය වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා
2024 ඔක්තෝබර් මස 26 1085 0

මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හ


කොළඹ කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි අරඹයි
2024 ඔක්තෝබර් මස 26 713 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ලබන 28 වැනිදා සිට අරඹන බව ශ්‍රී ලංකා දුම්


සී.බීට ආ විරෝධය
2024 ඔක්තෝබර් මස 26 1731 1

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂි


සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ
2024 ඔක්තෝබර් මස 26 4170 12

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝග


ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි
2024 ඔක්තෝබර් මස 26 1241 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 924 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 580 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site