IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජයේ මුද්‍රණාලයේ ඉවතලන කඩදාසිවලින් මාටියා ගහලා

(ඩයනා උදයංගනී)

රජයේ මුද්‍රණාලයෙන් ඉවතලන කඩදාසි විකිණීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මගින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් දිනපතා සිදුකරන මුද්‍රණ කටයුතුවලදී කඩදාසි ටොන් 2500ක් පමණ කපා ඉවත් කරන බවත්, ඒවා අලෙවි කිරීමේදී දිනකට කිලෝ 2,000ක 2,500ක පමණ වංචාවක් සිදුවන බවට වෘත්තීය සමිති කීපයක් කළ පැමිණිල්ලකට අනුව දෙමටගොඩ පොලීසිය මගින් ද පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බව ඇමතිවරයා සඳහන් කළේය.

මෙම ඉවත් කරන කඩදාසි තොග ටෙන්ඩර් ක්‍රමයට අලෙවි කෙරෙන අතර, ගැණුම්කරු බර අනුව මුදල් ගෙවා ඒවා භාරගැනීම සිදුව ඇත.

මෙම කඩදාසි කිරීමේදී පළමුව හිස් ලොරියේ බර කිරා පසුව ඉවත් කරන කඩදාසි පැටවූ ලොරියේ බර කිරීම සිදුකර කඩදාසිවල බර ගණනය කර ඇති බවත්, හිස් ලොරියේ බර ප්‍රමාණය වැඩි කර දක්වමින් කිලෝ 2,000ක 2,500ක පමණ වංචාවක් කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  

මේ සම්බන්ධයෙන් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණනයක් සිදු කර ඇති බවත්, අභ්‍යන්තර විගණකවරයා එම වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දී ඇති බවත් කී ඇමතිවරයා අමාත්‍යාංශය වෙනම පරීක්‍ෂණයක් පවත්වන ලෙස අමාත්‍යාංශ අනූෂ පැල්පිට මහතාට තමන් දැනුම් දුන් බව ද කීවේය.

මෙම වංචාව කාලයක් තිස්සේ වී ඇත්ද යන්න සොයාබලන බව කී ඇමතිවරයා වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවද කීවේය.

මෙය හෙළිදරව් කිරීම ගැන වෘත්තීය සමිති සාමාජිකයන්ට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (4)

රජයේ මුද්‍රණාලයේ ඉවතලන කඩදාසිවලින් මාටියා ගහලා

විපරමා Tuesday, 25 January 2022 05:08 PM

කඩදාසි වලින් විතරක් නෙවෙයි, අපේ රටේ දේශපාලුවන් ඊට වැඩිය කොච්චර දේවල් වලින් මාටියා ගහනවාද?

:       2       10

ගමේ එකාලා Tuesday, 25 January 2022 07:34 PM

දූෂිත දේශපාලුවන් ගහන මහා පරිමාණයේ මාටියා ගැන මෙතුමාට වගක්වත් නෑ වගේ..?

:       1       7

ජයරත්න Wednesday, 26 January 2022 09:52 AM

මාටියා නොගහන රාජ්‍ය ආයතනයක් ගැන අහන්න ලැබේවා!

:       0       1

sam Wednesday, 26 January 2022 11:06 AM

අනිවාර්යයෙන්ම ජරාපක්ෂ කෙනෙක් ඕක පිටිපස්සේ ඇති.එහෙම නැත්නම් ඕවා වෙන්නේ නැහැ

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site