IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හානි කරනවා

(නිමල කොඩිතුවක්කු)


පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් ඇතැම්  ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිලිකුල් සහගත බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.


මේ සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවලට අයත් මන්ත්‍රීතුමන්ලා අවධානය යොමුකල යුතු බවත් පැවසූ ජයසූරිය මහතා ඒ පිළිබඳ   කතානායකතුමා දරන ස්ථාවරය පිළිබඳවත් විමසා සිටියේය.


සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹ දී අද(17) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේද කීවේය .

     "සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ රටේ සමාජ දේශපාලන, සංස්කෘතික හා ආර්ථික කරුණු පිලිබදව අවධානය යොමු කරන්නේ රටේත් මහජනතාවගේත් අභිවෘද්ධිය උදෙසා අප විසින් සිදුකල යුතුව ඇති ජාතික වගකීමකට උරදීමටයි. සංවිධානයක් ලෙස අපට බලය සදහා වන දේශපාලනික අරමුණු කිසිවක් නැහැ.


සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානයක් ලෙස එදත්, අදත් එමෙන්ම හෙට දවසේත් පෙනී සිටින්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන්.


ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායක මහජනතාවගේ සැබෑ නියෝජනය පිළිබිඹු කරන්නේ මහජන මන්ත්‍රණ සභාවකිනි. නූතන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්හි පාර්ලිමේන්තුව මඟින් මූර්තිමත් කරන්නේ එකී මහජන නියෝජිතත්වයයි.


අප රටේ දේශපාලන විකාශය සැලකීමේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සංකේතවත් කරන්නේද මහජනතාවගේ පරමාධිපත්‍ය බලය හා රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදි ස්වභාවයයි. අපේ පාර්ලිමේන්තුවට කීර්තිමත් ඉතිහාසයක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදි පාලන සම්ප්‍රදායන් පෝෂණය කළ කිර්තිමත් දේශපාලඥයන් පිළිබදව මෙන්ම අපගේ පාර්ලිමේන්තු ක්‍රමය සමස්ත ලෝකයේම ගෞරවයටද අවධානයටද පාත්‍ර වී තිබේ.


මෑත යුගයේදී පාර්ලිමේන්තුවට කරන ලද බරපතලම හානිය හා අපහාසය වන්නේ පාර්ලිමේන්තුවේ පූර්ණ එකඟත්වයකින් බිහිකල මහජන උපයෝගීතා කොමිෂම අක්‍රිය කිරීම සදහා බාහිර පුද්ගලයන් විසින් උත්සහ කිරිමයි. ජනාධිපති ලේකම්ගේ උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එය අහෝසි කිරීමට තැත් කිරිමයි. එමෙන්ම එම කොමිෂමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස එකී උදවිය බලකර සිටීමයි. එවැනි උත්සහයන් දරුණු, අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වනවා පමණක් නොව විධායකයේ බලය පාර්ලිමේන්තුව වෙත අනිසි ලෙස යෙදවීමක්ද වෙනවා.


මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපනය කරන ලද පනත වෙනස් කිරිමට රජයට අවශ්‍යතාවයක් තිබුණේනම් එය කලයුතුව තිබුණේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා විධිමත් ආකාරයට එය සිදු කිරිම මඟිනුයි. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මෙවැනි නොබිනා ක්‍රියා සිදුවනවිට පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙක් ලෙස අපට ඇතිවන්නේ කනගාටුවකි. ඒ වගේම ලැජ්ජාවක්. පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් මේ රටේ සමහර ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිලිකුල් සහගතයි. මේ ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවලට අයත් මන්ත්‍රීතුමන්ලා අවධානය යොමුකල යුතුය. ඒ වගේම  කතානායකතුමා ඒ පිලිබදව වන එතුමාගේ ස්ථාවරය පැහැදිලි කල යුතුව ඇතැයි ද අප විශ්වාස කරනවා.


මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපිත කරන්නේ 2002 වසරේදී ගෙනඑන ලැබූ පනතක් මඟිනුයි. එම පනත ගෙනඑනු ලැබුවේ ජනතාව වෙනුවෙනුයි. අසාධාරණ ලෙස මිල වැඩි කරලමින් ජනතාව පෙලීමට ඇති ඉඩකඩ වලක්වාලීමටයි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමටයි. එමෙන්ම අයුතු ලෙස මිල ගණන් ගෙවා විදුලිය මිලදී ගැනීම් මඟින් රජයට සිදු කරන අලාභයන් වලක්වාලීමටයි.


පසුගිය අවුරුදු  19 තුළ මෙම ආයතනය සිය රාජකාරිය ඉටු කලා. රටේ පිළිගත්, බුද්ධිමත් පුද්ගලයින් මේ සඳහා පත්කර තිබුණා. පසුගියදා අයින්වුණු සාමාජිකයන්ද එවැනි ගෞරවණීය කණ්ඩායමක්. එසේ හෙයින් මෙතරම් ඵලදායි ආයතනයක් විනාශ කිරිමට හේතු මොනවා ද? එය දුෂ්ඨ සිතකින් සිදුවූවක් ලෙස සමාජය දකිනවා.


අස්වුණු සාමාජිකයන් වෙනුවට නව පත්වීම් කිරීමට විධායකය බලාපොරොත්තුවන බව වාර්තා වුණා. එවැනි ක්‍රියාදාමයක් කෙරේනම් රටේ ජනතාව මෙන්ම අපද පූර්ණ වශයෙන් ඊට විරුද්ධ වෙනවා. මේක අමු අමුවේ ජනතාව රැවටීමක්. ලඟදී පත්කල කොමිෂන් සභාවලට මෙන්ම මේ සඳහාද ඔවුන් තම තමන්ගේ දේශපාලන මිත්‍රයින් පත්කර ගනීවි.


   20 වැනි සංශෝධනය අනුව පසුගියදා පාර්ලිමේන්තු සභාව විසින් පත්කල පුද්ගයින් අතර පවතින ආණ්ඩුව වෙනුවෙන් පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වූ හා නිරත වන පුද්ගලයින්ද බොහෝ දෙනෙක් සිටිනබව මහජනතාව හොඳින් දන්නා කරුණක්. මේ  පත්විම් ගැන ජනතාව තුළ දැඩි විරෝධයක් ඇති බව රජයේ බලධාරීන් තේරුම් ගතයුතුයි.


පාර්ලිමේන්තු සභාව හිතුවක්කාර ලෙස විපක්‍ෂයේ සාමාජිකයින්ගේද විරෝධය නොතකා පක්‍ෂග්‍රාහි දේශපාලන පත්විම් කරන්නේ නම් ඔවුන්ට තවදුරටත් සදාචාරාත්මක ලෙස එහි සාමාජිකයන් ලෙස රැඳී සිටිමට හැකිද යන්න ගැනත් ජනතාව අතර මතයක් ගොඩනැගෙමින් තිබෙනවා.


18 වැනි සංශෝධනය මඟිනුත් මෙවැනි ඒකාධිකාර පත්විම් කරන විට එදා සිටි මන්ත්‍රී සාමාජිකයන් දෙදෙනෙකු එම සභාවෙන් ඉවත්වු බවත් අපට සිහිවෙනවා. සමාජයේ පොදු මතයත්, සංවිධානයක් ලෙස අපේ මතයත් වනුයේ පැවැති මහජන උපයෝගීතා කොමිෂම හා එහි හිටපු සාමාජිකයන්ගේ කිසිම වෙනසක් සිදු නොවිය යුතුබවයි. මෙම කරුණ පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන්ගේ අවධානයට යොමු කිරිමට කැමතියි. මෙහිදි ඔවුන් සිය හෘද සාක්ෂිය අනුව එඩිතරව කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙනවා.


මීට කලිනුත් සඳහන් කළ ආකාරයට මහජනතාව අවදියෙන් සිටින බව රජය තේරුම් ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.ජනතාවගේ බුද්ධියට නිගා නොකරන ලෙස අප නැවත නැවතත් බලධාරීන්ට කියනවා.


අපි ස්වාධීන ආයතනයක්. අපි හඬ නඟන්නේ 19 වැනි සංශෝධනයෙන් බලගැන්වූ 20 වැනි සංශෝධනයෙන් විනාශ වුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීම සඳහායි.ගෞරවණීය සෝභිත හිමිපාණන් වහන්සේ විසින් උතුම් පරමාර්ථ ඇතිව ආරම්භ කළ මේ වැඩ පිළිවෙල කවර බාධක ආවත් අප හෙට දවසේත් රට වෙනුවෙන් ක්‍රියාවට නගනවා. නමුත් එහිදී මේ රටේ ප්‍රධාන ධාරාවේ බොහෝ මාධ්‍යවල සහය අපට නොලැබෙන බව පෙනී යනවා.


සමහර ප්‍රධානපෙලේ පුවත්පත් හා විද්‍යුත් නාලිකා වල ඕනෑකමින්ම මහා සංඝරත්නයේ සහ අනෙකුත් කොටස් වල අදහස් හා විවේචන මාතෘභූමියට කෙතරම් වැදගත් වුවත්  පළකරන්නේ නැහැ. සෝභිත මහනාහිමියන් ජීවත්ව වැඩසිටින අවධියේත් සාධාරණ සමාජයක් ඇති කිරීමට පෙරමුණ ගැනීමේදී මෙම සිදුවීම් එලෙසින්ම අත්දැකීමට සිදු වුණා.


   ඒ ගැන විශේෂයෙන්ම මේ රටේ මහා සංඝ රත්නය ප්‍රමුඛ දැනුවත් ප්‍රජාව අපගෙන් විමසනවා. උන්වහන්සේලා කිහිප වතාවක්ම මේ පිළිබඳව කණගාටුවෙන් කතා කළා.අප ඒ ගැන විමසීමේදී මාධ්‍යවේදීන් අපට කියන්නේ ඉහල තීන්දු තීරණ පිලිබදව වගකීමක් ඔවුන්ට ගත නොහැකි බවයි. ඒ කෙසේ නමුත් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සතු වගකීම රට වෙනුවෙන් අප ඉටු කරනවා. 



අදහස් (11)

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හානි කරනවා

mp Thursday, 17 December 2020 10:35 AM

පාර්ලිමේන්තුවේ පසුගිය කාලේ හූ කිව්වේ නරි ඇවිල්ල ද? ඒ කාලයේ ගෞරවය රැකෙන විදියට කටයුතු කළාද?

:       5       12

Ranga Thursday, 17 December 2020 10:38 AM

එතකොට රවී ඉන්න කාලේ වැඩි මුදලට විදුලිය ගත්තේ ඇයි? නැව්වලින්....

:       4       10

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 17 December 2020 10:44 AM

පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිකරනා ප්‍රධානම පිරිස වන්නේ දේශපාලකයන්. හොරුන් මැරයන් හා විවිධ දූෂණ සඳහා සම්බන්ධවූ අයද, ඊට අමතරව මිනීමැරුම් සඳහා සිපිරිගෙට නියම වුවන්ද, නව සම්ප්‍රදාය අනුව රජවාසල වැජඹෙනු පෙනේ. එවන් මිනිසුන්ගෙන් පිරි තැනකින් නිසි සේවයක් හා පාලනයක් බලාපොරොත්තු විය හැකිද?

:       1       16

GOLGOTHA MILANO Thursday, 17 December 2020 10:46 AM

හම්මෝ සර්ව සාධාරණ කථා නායකයා කරු.

:       4       12

Raveendra Thursday, 17 December 2020 10:53 AM

තේක්ක, කරුවල කරුවුනත් දිරලා නම් වැඩක්නැතේ.... පුටුවේ ඉන්නාවිට පටිටිය නම්බුව තිබ්බාදෝ... "කෙසෙල් කරුට" ඔක්කොම අමතක වෙලාදෝ... "නොදකින් " පට්ටියේ ලොක්කන් වුවානේ...

:       5       8

Raveendra Thursday, 17 December 2020 11:23 AM

වයසට යන්න යන්නම මොලේ ආබාධ වැඩි වෙනවා... යන කියමනට අපේ මේ කරූ සීයා ඉතාමත්ම හොඳ ප්‍රායෝගික සාක්කියක්...

:       0       0

upcountry Thursday, 17 December 2020 12:29 PM

කරූ, ඔබ​, සද්දෙන් (ඝෝෂාවෙන්) පනත් සම්මත කිරීම සර්ව සාධාරණයි...

:       0       0

Roland Thursday, 17 December 2020 12:31 PM

මෙතුමා තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය නීච කළේ, අපිට මතකයි පාර්ලිමේන්තු ඡන්දයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව ගෙදරට ගිහිල්ලා කැන්දාගෙන එනතුරු පාර්ලිමේන්තුව ඈඳාගෙන ගියා...

:       0       0

Prabath Chandrabimba Thursday, 17 December 2020 01:31 PM

දූෂිත දේශපාලකයන් විසින්ම පත්කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් ගැන කවර කතාද? නමුත් පාර්ලිමේන්තුවේ ගෞරවය සහ එම නිලධාරීන් අතර සම්බන්ධය කුමක්ද? පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසන්නේ එහි සිටින නූගත් පිරිසම බව මේ රටේ පොඩි දරුවා පවා දනී. ඔය කතාකරන හිටපු කතානායක පරලොව සිට පැමිණියෙක්ද? "බලය ඇති දා මොලය නැත. බලය නැතිදා එම මොලය වැඩෙන්නේද නැත"

:       0       0

Henry Friday, 18 December 2020 05:40 PM

අර ගෝනි පඩංගු කෑල්ල ඔලුවේ දාන් හිටපු කාලේ විකාර කියනකොට, පාර්ලිමේන්තු කොමිසම් අරලිය ගහ මන්දිරේ රැස්වීම් තියලා සාක්කි නැතුව බුද්ධි අංශ සාමාජිකයින් හිරේ දාන කොට මොනවද කෙරුවේ?.

:       0       0

chandana Saturday, 19 December 2020 05:47 PM

දෙපැත්තෙන්ම හිනා යන කතාවක්.. ශබ්දය අනුව පනත් සම්මත කරපු, විකාර විදිහට ස්ථාවර නියෝග අත්හිටුවලා පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරපු, හොරාගෙ අම්මගෙන් පේන අහන කොමිසම් තිබුනු යුගය මතකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 653 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 521 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2153 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2173 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 227 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2609 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site