IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගැන වෛද්‍ය බෙල්ලන කියයි

(යොහාන් භාසුර)

රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අකාර්යක්‍ෂම සහ දූෂිත ආයතනයක් බවට පත්ව තිබීම නිසා එහි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එකම බලධාරියා කැබිනට් අමාත්‍යවරයා මිස වෙනත් පුද්ගලයන් නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය.

රජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සෞඛ්‍ය අංශයේ ඇතැම් ප්‍රධානීන් ලවා නියෝග දෙමින් කිසියම් පුද්ගලයකුගේ බලයක් ආරෝපනය කරගනිමින් වෙනම සෞඛ්‍ය රාජධානියක් නිර්මාණය කරගෙන ඇති බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ඖෂධ ‘මාෆියාවක්’ ඇති කරමින් ජනතා මුදල් කාබාසනියා කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බව ද සඳහන් කළේය.

රජය සෞඛ්‍ය සේවාව සඳහා වසරකට වැය කරන රුපියල් බිලියන 300 න් (කෝටි 30000) සියයට 50 ක් පමණ ඖෂධ සහ උපකරණ සඳහා වැය කරන බවත් ඉන්දියවෙන් පිළිකා ඖෂධ ආනයනය නොකරන ලෙස විශේෂඥා වෛද්‍යවරු නිර්දේශ කර තිබියදී ද ඒවා ගෙන්වන බවත් වෛද්‍ය බෙල්ලන මහතා කියයි.

රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ස්ථාපිත කිරීමේ මූලිකම අරමුණ රටේ අසරණ ජනතාවට දරාගත හැකි මිලකට ගුණාත්මක ඖෂධ ලබාදීම යැයි කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසුවේ රට තුළ බාල බෙහෙත් සහ ප්‍රමාදයට අමතරව බෙහෙත් මිල ද අහස උසට නැග ඇති බවත්ය.

නාරාහේන්පිට අභයාරාමයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා එසේ පැවසීය.



අදහස් (7)

රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගැන වෛද්‍ය බෙල්ලන කියයි

චන්දන Wednesday, 20 October 2021 09:30 PM

රාජිත මහත්තයාගේ කාලේ නියමෙට තිබුණා නේද? කාටද මේ කියන්නේ?

:       11       27

PereraThursday, 21 October 2021 12:41 AM

රාජිතගේ කාලේ කරපුවටත් එක්ක තමයි උන් රොත්තම ගෙදර යැව්වේ .පින් ආසනයකට සීමා කරලා .උන් වැරදි කරපු එක දැන් ඉන්න එවුන්ට වැරදි කරන්න බලපත්‍රයක්ද ?

:       1       1

RaveendraThursday, 21 October 2021 07:13 AM

ඇත්තෙන්ම "පොදුවේ ගත්කල දේශපාලුවන්" යනු මෝඩ තකතීරු බුරු රැලකි.එනමුත් මහජන මුදලින් ඉහලටම ඉගෙනගත් වැඩි පිරිසක් තමන් උපන් රටට , ඉගෙනීමට ඍජුවම දායකවූ මහජනතාවට තම සේවය අවංකව ඉටුකරන්නේද නැතහොත් තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර සමග වැළලෙමින් සිටින්නේද යන්න ගැටලුවකි.

:       2       0

gunarathna Thursday, 21 October 2021 07:40 AM

මම ජනාධිපතිනම් කරන්නේ මේ රුක්ෂාන් බෙල්ලන කියන පුද්ගලයාව පත් කරනවා මේ තනතුරට .වැඩේට බැස්සහම තේරුම් ගනී මේකේ තියන බැරෑරුම් කම

:       1       2

දිසා.....ගම්පහ, Thursday, 21 October 2021 09:21 AM

මේ රටේ සෑම තැනකම ඇත්තේ දූෂණය සහ වංචාව. පාකිස්තාන අගමැතිවරයා ළඟදී ප්‍රකාශ කොට තිබුනා , රටක් දුප්පත්වීමට ප්‍රධාන හේතුව දූෂණය සහ වංචාව බව. කාගෙ කාගෙත් හෘද සාක්ෂියට අනුව දන්නව කරන හොරකම් සහ වංචාවන්. මේවායෙන් නීතියෙන් බේරෙන්නට හැකි නමුත් ස්වභාව ධර්මයෙන් නිසියාකාරව දඩුවම් ලැබෙන බව සිතට ගෙන කටයුතු කිරීම මැනවි.

:       0       2

gundaThursday, 21 October 2021 01:55 PM

මොනාද කියන්නේ දිසා? ස්වභාව ධර්මයෙන්වත් ඔවුන්ට හානියක් වෙන්නේ නැහැ. කාට කියන්නද ඉතින්?

:       0       0

fairoos Thursday, 21 October 2021 01:01 PM

වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site