
(විනීතා එම් ගමගේ)
රාජ්‍ය ආයතන පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවන් හිදී අමාත්‍යංශයෙන් උපදෙස් ලබාගත යුතුයැයි දන්වමින් වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශ්‍ය යටතේ ඇති දෙපාර්තමේන්තු තුනකට ලිපියක් යවා ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, වන සංරක්ෂක ජනරාල්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරින් වෙත මෙම ලිපිය යවා ඇත්තේ එම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා විසිනි.
අමාත්‍යංශ මට්ටමින් සමතයකට පත් වීමට නොහැකි අවස්ථාවන්හි දී ඒ සම්බන්ධ නීතිපතිගේ උපදෙස් ලබා ගෙන ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බව ද එම ලිපියෙන් දන්වා තිබේ. එහෙත් පනත්වලින් බලාත්මක කර ඇති ආයතනයකට මෙවැනි ලිපියක් යැවීම නීතිවිරෝධී ක්‍රියාවකැයි මේ සම්බන්ධ අදහස් දක්වමින් පරිසර වේදීහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගෙන් ලංකාදීප කළ විමසුමක දී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධ කිසිවෙකු තමන් දැනුවත් කර නැති බවය. එකී රාජ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ද නීතිමය කටයුතු කරන්නේ ප්‍රධාන අමාත්‍යංශය වන තම අමාත්‍යංශය විසින් බවත් මෙවැනි ලිපියක් යවන මෙන් තමන් උපදෙස් දී නැති බවත් ලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.
වනජීවී රැකවරණය අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ විමලවීර දිසානායක මහතාය.
COMMENTS
කැලේ සත්තු කැලේම කාගනිති. පළමු වසර තුළම 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුවෙන ලකුණු... 69 ලක්ෂයටම ජයවේවා...!!!
සර් පත්වීම් දුන්නු ජෙනරාල් කෙනෙක්ගේ ලියුමක්නේ. සර්ගේ වචන චක්‍රලේඛ නම් ලියුමක් යවපු එක ගැන ආයෙ අහන්න දෙයක් නෑ.. සර්ලා කියන විදියට කරලා ඉන්න...
තනතුරු ඕනෙ කෙනෙකුට එන්නත්, දෙන්නත් පුළුවන්... කවුරු ගත්තත්, දුන්නත් වැඩ කරන්න ඕනේ රාමුවක් තියෙනවා. හිතට එන සිතුවිලි නීති වෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි නිලධාරීන්ගෙන් ආයතන පරිස්සම් කරගත යුතුයි. තමන්ගේ පුද්ගලික මතය වැටුප් ලබන නිලධාරීන්ට අදාළ නැහැ. ඒ අය ක්‍රියා කරන්නේ පනත් චක්‍රලේඛන හෝ විධිමත් නියෝග මත පමණි.
ආමි කාරයින්ව, ඒ අය දන්නේ නැති සිවිල් පරිපාලනයට එකතුකර ගත්තාම අනාගතයේදී මීටත් වඩා ප්‍රශ්න එන බව ස්ථිරයි. සර් හැමදාම හැම තැනකින්ම කරන හැම වැඩකින්ම ෆේල්...
ඇමැතිතුමාගේ උපදෙස්වලට පිටින් ලේකම්ට යන්න පුළුවන්ද? තව තව සෙල්ලම් පිටුපස්සෙන් එනවෝ...!!! ඔන්න කනෝ කිව්වලු..
ඕකට වෙන්න ඇති "හමුදා පාලනය" කියලා කියන්නේ. තවම පටන් ගත්තා විතරයි. "හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙට" කියලනේ කියන්නේ...