
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිවාස රාජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද ( 25) අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි සීදූව පොලිසිය කියයි.
ඇමැතිවරයා ගමන්ගත් ජීප් රිය අධිවේගී මාර්ගයේදී ලිස්සා ගොස් ආරක්ෂක වැටේ ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි .
එහිදී තුවාල ලත් ඇමැතිවරයා රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ඇමැතිවරයා ගමන්ගත් ජීප් රිය සීදුව පොලීසිය බාරයට ගෙන ඇති අතර සීදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුව ලැබේවා..!!!
සුබ ආරංචියක් බලාපොරොත්තුවෙන් ආවේ...
මොන්ටේරෝ එක හදලා දෙනවට වඩා අලුත්ම එකක් අරන් දෙන්න 69 ලක්ෂයක් දෙනා කැමැති වෙයි.
වැස්සවෙලාවට හිමින් වාහන පදවන්න කියන්නේ ඔයවගේ අනතුරු වෙනඑක වලක්වන්නයි. කොහෙද කියන දෙයක් අහනවයැ.