( +++ සුජිත් හේවාජුලිගේ)
රජයේ තවත් ආයතන අටක් සඳහා සභාපතිවරු ඊයේ (18) පත්කරනු ලැබූහ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස සුසන්ත රත්නායක මහතාත් මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතාත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කිමාලි ප්‍රනාන්දු මහත්මියත් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත හේරත් මහතාත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහතාත් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතාත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මියත් මෙසේ පත් කරනු ලැබ සිටිති.
මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටින සුජීව රාජපක්ෂ මහතා විගණන ක්ෂේත්‍රයේ වසර තිහක පමණ පළපුරුදුකම් ඇති නිලධාරියකු වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත් කෙරුණු කිමාලි ප්‍රනාන්දු මහත්මිය බැංකු හා මුල්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකි.
චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු ජයන්ත ධර්මදාස මහතා ප්‍රකට ව්‍යාපාරිකයකු වන අතර ඔහු එම සංස්ථාවේ සභාපතිවරයකු ලෙස මෙයට කලින් අවස්ථාවක ද කටයුතු කර තිබිණි.
ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළේය.
ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු සුසන්ත රත්නායක මහතා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයායි.
බිස්නස් ටුඩේ ටොප් ටුවෙන්ටි ෆයිව් (Business Today Top Twenty Five) හිදී 2013 - 2014 මූල්‍ය වර්ෂය සඳහා හොඳම ව්‍යාපාරික කාර්ය සාධනයක් පෙන්නුම් කළ ව්‍යාපාරය වශයෙන් පළමු ස්ථානයට පත්වූයේ ද ජෝන් කීල්ස් සමාගමයි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනිය ලෙස පත් කෙරුණු සුජාතා කුරේ මහත්මිය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි. ඇය මහා භාණ්ඩාගාරයේද කලක් රාජකාරි කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි.
දෙන්නෙක් හැර අනික් අය නම් වැඩකාරයින් බව පෙන්වපු අය.. සමහරවිට ඔක්කෝටම දැන් පුළුවන් වෙයි වැඩ පෙන්වන්න. අපේ ඉල්ලීම ඒකයි. ලාබෙට දුවන්න බැරි නම්, ඇමතියාට අනවශ්‍ය විදිහට නැමෙනවා නම් දාල යනඑකත් වැඩ පෙන්වීමක්...
සුදුස්සන්ට සුදුසු තැන ලැබීම සතුටක්.
ජයන්ත ධර්මදාස පිය උරුමයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රය පිවිසුනා මිස ස්වඋත්සාහයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට පැමිණි කෙනෙකුන් නොවේ. චිත්‍රපටි ක්ෂේත්‍රයේ දැනුම පිළිබඳව නම් ටිකක් සැකයි. අනිකුත් අයවලුන් පරිපාලන ක්ෂේත්‍රයේ පළපුරුදු ඇති හෙයින් ආයතන කාර්යක්ෂමතාවයන් ඉහළට නැංවීමේ හැකියාව තිබේ. හේතුව නම් කළමනාකරණ විශ්ලේෂණ හැකියාවන්ය.